Friday, July 31, 2015

වියළී ගිය දෙතනේ - ගුණදාස කපුගේ

Viyalee Giya Dethane - Gunadasa Kapuge

අපේ රටේ දරුවන් සිවු දෙනෙකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.
–පුවත්පත් වාර්තාවක් –


පි: වියළී ගිය දෙතනේ නැත
කිරි බිදුවක් එරුණේ 
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙනි සමුගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මග අයිනක රැදුණේ...

ගැ: උපන් බිමට නුඹ වැඩිවා මිසක            දුවේ 
වැදූ මවට  නුඹ වැඩියක් වී ද                      දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය                  දුවේ
නැව් නැගිලා දුරු රටකට යන්න                දුවේ

ගැ:පෙර කළ මහා පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නොවුණේ
දරුවන් ඇස කඳුළින් ළය
උණු වන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනහෙන් දියණියනේ...

පි: මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින         සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවි            ද
සිතියම් පොතින් ලොව විමසා බලන           සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවි                    ද

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: දයාසේන ගුණසිංහ (නොවඳිමි  සිදුහත් - 1982 කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියකි)
සංගීතය: ගුණදාස කපුගේ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...