Wednesday, July 22, 2015

අලුත් වැස්සක් - සුනිල් එදිරිසිංහ

Aluth Wessak - Sunil Edirisinghe

අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි
නුඹ වගේ...
අලුත් වැස්සක් වහින්නට සැරසේ...

අහස වැසි වසිනා නමුත්
කවදා ද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැත ත්
කවදා ද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟ ම යි
දිය දහම ඒ විලස යි
දිය දහම ඒ විලස යි...

අලුත් වැස්සක්.....

වලාකුළු අහසට ඇවිත්
මොනවා ද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා.
කවදා ද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟ ම යි
දිය දහම ඒ විලස යි
දිය දහම ඒ විලස යි...

අලුත් වැස්සක්.....

ගායනය: සුනිල් එදිරිසිංහ

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...