Sunday, July 19, 2015

දෑස පියා ගත් කල (සුසීමා - ටෙලිනාට්‍යයේ ගීතයක්)

Desa Piya Gath Kala - Jackson Anthony, Clarence Wijewardhene

දෑස පියා ගත් කල
මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ

කුමාරියේ...අමතක නොවේ
ලස්සන රුවේ...සිත සැනසුවේ...

අතින් අත වෙලී
වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ
නෙත රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ - ඇයි නොම දැනේ

කී දෙයක් ද - අරුමයක් ද
මට සිතා ගන්න නොහේ...

දෑස පියා ගත් කල....

රළින් රළ හැපී
පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින්
හසරැල් පිපිලා
මතකය මගේ - අවදී වුණේ

ඒ එදා ය - මේ මෙදා ය
මට සිතාගන්න නොහේ...

දෑස පියා ගත් කල....

ගායනය: ජැක්සන් ඇන්තනි, ක්ලැරන්ස් විජේවර්ධන
 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...