Saturday, July 11, 2015

ගඟ අද්දර - විජය කුමාරතුංග

Ganga Addara - Wijaya Kumaratunge

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා - මුව ගොළු වූවා...

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා - ගිනිසිළු සේමා...

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනව ද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ - බැඳුනා පහසේ

ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා - සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබෙ රුව ඡායා - සැඟවේ පායා//

ගායනය: විජය කුමාරතුංග
ගී පද: ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය: නිමල් මෙන්ඩිස්

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...