Monday, July 20, 2015

සුවඳ දැනී දැනී ‍දැනෙනවා - රූකාන්ත ගුණතිලක

Suwanda Danee Danee Danenawa - Rookantha Goonathilleke

සුවඳ දැනී දැනී ‍දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හීත හැඟුම්
සුවඳ දැනී දැනී ‍දැනෙනවා...

ඊයේ නොදුටුව ලස්සන ලෝකය
අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට
තුරුලු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී.....

රෑන් රෑන් එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා
ආදරේ...
‍බලාපොරොත්තුව දෝත දරා
මග බලා හිඳී ඔබ එන තුරා
ආයෙ හෙට දවසක් තියේවී අද ‍‍වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී.....

ගායනය: රූකාන්ත ගුණතිලක
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...