ගැ: සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
පි: හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ
පි: ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
ගැ: පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ...//
පි: ඇළ දොළ ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
ගැ: මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ
සඳ තරු මල්.....
ගායනය: අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
ගී පද: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: රෝහණ වීරසිංහ
No comments:
Post a Comment