Friday, July 29, 2016

දෙතොලග සිනහා - ආචාර්ය වික්ටර් රත්නායක

Detholaga Sinaha - Dr. Victor Ratnayake

දෙතොලග සිනහා - ආදර කැල්මෙන් නැහැවේ
පෙම් රස අනා... අමුණයි සුන්දරතාවේ
නුවනග බැලුම් - නිහඬව ගැයු ගී රාවේ
මධු රස පිරේ... සවනත මී විත යාවේ...

දේදුනු දෙබැමී නැළවෙන සිත සුව යහනේ
මිහිරක් දැනේ හදවත අඩ සඳ පහනේ...

දෙතොලග සිනහා.....

ලෝ තුළ සදා මියයන මල් පිපි සෙවණේ
ඔබ මට මදාරා මලෙකිය පිය ළඳුනේ...

දෙතොලග සිනහා.....

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගේය පද: ඩබ්. එම්. ටී. බණ්ඩාර
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක


 

Monday, July 11, 2016

තව දවසක් - කීර්ති පැස්කුවෙල්

Thawa Dawasak - Keerthi Pasquel

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬූ තරම් කියන්න හීං සැරේ...
තව දවසක් හමු වී ඉමු මේ භවේ

මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජීවිතේ...පාළුයි මගේ

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ...ගීයක් වගේ

තව දවසක් හමු වී.....

ගායනය: කීර්ති පැස්කුවෙල්
ගී පද: සජිත් වී. චතුරංග
සංගිතය: රදීෂ් වැන්දබෝනා

Friday, July 8, 2016

ආරාධනා - ඩබ්ලිව්. ඩී. අමරදේව

Aradhana - W. D. Amaradeva

ආරාධනා... ආරාධනා...
ජීවිතයේ තනි මංසල අතරමං වෙලා
හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා
අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන යළි වඩින්න
ආරාධනා... ආරාධනා...


නෙළූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ
මැකී ගියාදෝ කාලයේ වෙරළේ
ජීවිතයේ දිගු ගමනින් අනාත වූ දා
සෙනේහයේ සත් පියුමන් යළිදු පිපේවා
ආරාධනා... ආරාධනා...
 

එදා සිඟිති කිරි සුවඳින් යුග දිවි අරණේ
ඔබේ උණුසුමේ යළිදු උපන්නෙම්
බිඳුණු එවන් රජ දහනින් සමු ගෙන යන දා
ඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා
ආරාධනා... ආරාධනා...
 

ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව
රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ

 

('ආරාධනා' චිත්‍රපටයෙන්)

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...