Wednesday, January 10, 2018

සඳ මිදුලට එනවා - මර්වින් පෙරේරා

Sanda Midulata Enawa - Mervin Perera

සඳ මිදුලට එනවා
ඇගෙ වත සිහිවෙනවා
සඳ වතුරේ නලවා සතපා
ඇය රෑ එළියේ සැඟවී යනවා
ඇය රෑ එළියේ සැඟවී යනවා...//

ඈ ඉන්නෙ සඳ රේණුවේ
මා ඉන්නෙ මගෙ ලෝකයේ...//

ඈතට ඈ යාවි සීතට රෑ වේවි
මා මෙහි තබා පාළුවේ
මා මෙහි තබා පාළුවේ

සඳ මිදුලට එනවා.....

පායන්න යළි මේ ලෙසේ
සෑහෙන්න මතු ජීවිතේ...//

රෑ තරු පායාවී ඒ තරු දිලිසේවි
ඈ නෙත් සලා ආ ලෙසේ
ඈ නෙත් සලා ආ ලෙසේ

සඳ මිදුලට එනවා...//

ගායනය: මර්වින් පෙරේරා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා

Tuesday, January 9, 2018

සැමදා ඔබ ළඟ ඉන්නම් - කුමාරසිරි පතිරණ

Samada Oba Langa Innam - Kumarasiri Pathirana

සැමදා ඔබ ළඟ ඉන්නම්
මගේ කියා ‍රැක ගන්නම්
නිල්මිණි දෑසින් මදෙස බලන විට
මගෙ ආදරේ පවසන්නම්
ඔබට ම සෙනෙහෙ පුදන්නම්...//

දෑඟිලි බැඳ අපි එක ම රන් හුයෙන්
මතු කවදා හෝ එකතු වෙමූ
එතුවක් අපගේ සෙනෙහේ නාමෙන්
පැතුම් පුරාගෙන අපි ඉඳිමූ

සැමදා ඔබ ළඟ ඉන්නම්.....

එකසිත ඇතිනම් අපමණ බාධක
ආවත් කම් නෑ මුහුණ දෙමූ
මතු භවයේ නොව මේ භවයේදි ම
එකට එක්වෙලා සිනාසෙමූ

සැමදා ඔබ ළඟ ඉන්නම්.....

ගායනය: කුමාරසිරි පතිරණ
ගී පද: කුමාරසිරි පතිරණ
සංගීතය: කුමාරසිරි පතිරණ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...