Tuesday, February 28, 2017

සඳලතා පායලා - කීර්ති පැස්කුවෙල්

Sanda Latha Payala - Keerthi Pasquel

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුණේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුනේ ආදරේ...

මන්දිරේ කවුළුවෙන් මං මේ උදේ
නෙත් පුරා බලා ඉඳින්නේ රූ ඔබේ //
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරන්
ඔබට රහසේ ප්‍රේමාදරේ
මට දැනුණා රත්තරං...

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ

වෑහෙනා මුත් ඒ මනෝ ලෝ චේතනා
පෙම් කරන්නත් නෑ ප්‍රියේ පින් වාසනා //
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං
පාළු රාත්‍රියේ සඳ රේණුවෙන්
පුරවන්කෝ රත්තරං

සඳලතා පායලා
මල් වැට ගාව ඉරිමා උදේ
සුදු මල් තාරුකා
ඇගෙ පරිවාර තරුවැල් වගේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුණේ ආදරේ
සඳුට උපමා ඔබයි ළඳුනේ
මටයි හැඟුණේ ආදරේ

ගායනය: කීර්ති පැස්කුවෙල්
සංගීතය: සරත් ද අල්විස් 


පිපුණු මලක හැඩ - ශාලිත අබේවික්‍රම

Pipunu Malaka Heda - Shalitha Abeywickrama

පිපුණු මලක හැඩ දෑස සලා
සිතුම් විහඟ කැළ වසඟ කළා
මගතොට රැඳි නෙත් දහක් වසා
මතක ද අප නෙත් කතා..කළා...

කවුරු ද ඔබ මා...ඉන්නේ කොතැනා...
නොම විමසා පෙම ඉඟි මැරුවා..
සොඳුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා...

පිපුණු මලක හැඩ...

මතකේ මැවෙනා...පෙර රූ ඡායා...
හමුවේදෝ යළි සිත සනහා
ඔබෙ නමටයි මා පාරමි පුරනා
ඇසේවි දෝ මේ ගී මාලා...

පිපුණු මලක හැඩ...

ගායනය: ශාලිත අබේවික්‍රම
ගී පද : විපුල ධර්මප්‍රිය ජයසේකර
සංගීතය : ශාලිත අබේවික්‍රම



Thursday, February 23, 2017

තරු අරුන්දතී - ඩබ්ලිව්. ඩී. අමරදේව

Tharu Arundathi - W.D. Amaradeva

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
මඟ වනස්පති ලිය ලදල්ලකින්
පිනි පොදක් සෙමෙන් සලනා...

ඔබ සැමරුම් රැඳි කවුළුව මානේ
කඳුලක පැල්ලම් ඉරි ඇඳුණා
අලුත් මලින් පිරි වනෝද්‍යානේ
සැඳෑ ‍බොල් සුළ‍ඟේ
මට තනියක් දැනුණා...

තරු අරුන්දතී නෙතු පහන් නිවා
දුර නිසොල්මනේ හිඳිනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොහි ගියේ ද මට සිතුණා...

වැළපෙන මා හද කැටපත් පවුරේ
හංස ගීතය ලියැවෙන දා
පළමු අරුණු රන් රේඛාවක් සේ
ප්‍රාර්ථනා සුව‍ඳේ ඔබ එතැයි සිතුණා...

පිපි මලින් මලේ රොන්සුණු විසිරී
හද රිදී සුසුම් රඟනා
ඔබ කවුළු පියන් හැර පාන්දරින්
කොයි ගියේ ද මට සිතුණා...

කොයි ගියේ ද මට සිතුණා////


ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පීරිස්


Wednesday, February 22, 2017

කෝපි මල් සිනා - චරිතා ප්‍රියදර්ශනී පීරිස්

Kopi Mal Sina - Charitha Priyadarshani Peiris

කෝපි මල් සිනා - සිරි වත පා නගා වඩා
පතපොත... ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ
සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ...//

මල් පිපිලා සුවඳ සුවඳ
ඒ මල් මත බමන බඹර
කාගෙ වත්තෙ මල් කුමට ද
බාලිකාවියේ...

සමනල් කැළ අඟර දඟර
නාමල් මත කරන දබර
ධ්‍යානයෙන් මුදයි නුඹෙ සිත
ශිල්ප ඥානයේ...

කෝපි මල් සිනා - සිරි වත පා නගා වඩා
පතපොත... ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ
සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ...

නැණ දිරියෙන් ඉගිල ඉපිළ
පරතෙර තෙක් ඇදෙනු මිසක
ප්‍රේම සප්ත සඳු නොපතන්
තාරකාවියේ...

මොනරුන් පිරි සුමුදු සළෙල
ස්නේහවන්ත සුවඳ පොකුර
ලොවට පිපුණු පැතුම නුඹයි
බාලිකාවියේ...

කෝපි මල් සිනා - සිරි වත පා නගා වඩා
පතපොත... ලා උදේ ඇදෙන සිරිකත වාසනාවියේ
සාර සිප් සොයා ඇදෙනා බාලිකාවියේ...

ගායනය: චරිතා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද: යමුනා මාලනී පෙරේරා
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ


Tuesday, February 21, 2017

මළ ඉර බසිනා සැන්දෑ යාමේ - පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව

Mala Ira Basina Sandae Yame - W. D. Amaradeva

මළ ඉර බසිනා සැන්දෑ යාමේ
ඔබ ගෙන් සමු ගන්නම්…

අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී...//
ඔබගෙන් වෙන් වී මම යන්නම්…

නිදි නැති යහනේ රෑ යාමේ
කාන්සියේ ඔබ හිඳිනා වේලේ…//
සුළඟේ දැවටී ඔබට හොරෙන්…//
මම ඔබ වෙත එන්නම්…
සියුමැලි දෑතින් ඔබ හිස අතගා…//
ඔබ නිදි කරවා මම යන්නම්…

අලුයම පිබිදෙන ඔබගේ දෑසේ
මල් පෙති අග පිනි කඳුළක් රඳවා…//
සුසුමක් වාගේ ඉන් පිටවී…//
ඔබගෙන් වෙන් වෙන්නම්…
අඳුරට ඉඩ දී අඳුරේ සැඟවී…//

ඔබගෙන් වෙන් වී මම යන්නම්…///

ගායනය: පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද     : මහගම සේකර
සංගීතය : පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේව


Monday, February 20, 2017

අපි ඈතට ඈතට පා නගලා - ආචාර්ය වික්ටර් රත්නායක

Api Athata Athata Pa Nagala - Dr. Victor Ratnayake

අපි ඈතට ඈතට පා නගලා
ඝන වනන්තරේ
අතරමං වෙමු
වසන්ත මල් ගොමුවේ...

කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේ ම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බඹරුන් විතරයි තනියට ළඟ ඉන්නේ...

කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මඟතොට හමුවන්නේ
උකුසු ඇසින් අප කෙලෙස ද ගැලවෙන්නේ...

අපි ඈතට ඈතට පා නගලා.....

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද     : මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක


Friday, February 17, 2017

සැරයටියෙන් අපි යනෙන තුරා - විජය කුමාරතුංග, චන්ද්‍රලේඛා පෙරේරා

Sarayatiyen Api - Vijaya Kumaratunge, Chandralekha Perera

පි: සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්නා දා
ඒ ගමනත් අපි එකට යමු

ගැ: සැරයටියෙන් අපි යනෙන තුරා
සංසාරේ අපි එකට ඉමු
සංසාරෙන් අපි සමුගන්න දා
ඒ ගමන ත් අපි එකට යමු

පි: ජීවන මං පෙත මලින් සැදී ගිය
යුගයක නොව ඔබ හමු වුයේ
කටු කොහොලින් පිරි කළල් දියේ මා
තනිව මියෙද්දිය හමු වුයේ

ගැ: මින් මතු මංපෙත මලින් සදන්නෙමි
ලතැවුල් සෝ ගී නෑසෙන සේ
පමණක් නොව මේ සංසාරේ
උපදින වුව මතු සංසාරේ

පි: මතු සංසාරේ මා හුරුබුහුටිව
පෙම් කරනා කල එළඹෙන දා
කුළුඳුල් නැකතින් හමුවන පැතුමක්
පතනෙමි සසරින් නික්මෙන දා

ගැ: සංසිඳුවා සිත පහන් කරන්නෙමි
මේ පෙම කුළුඳුල් පෙමය සිතා
එන්නෙමි පසුපස සංසාරේ
කැපවෙමි ඔබ සිතු ගැන ම සිතා

සැරයටියෙන් අපි.....

ගායනය: විජය කුමාරතුංග සමග චන්ද්‍රලේඛා පෙරේරා
ගී පද: සෝමපාල ලීලානන්ද
සංගීතය: සරත් දසනායක


Thursday, February 16, 2017

මතකය ඇසුරින් - ඉන්ද්‍රාණි පෙරේරා

Mathakaya Asurin - Indrani Perera

මතකය ඇසුරින් සිහියට ගන්නට
නිතරම වෙහෙසුණෙමි
මට පමණක් ඒ පින නැත්තේ ඇයි
නිරතුරු වැළපුණෙමි

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...

ඉස්සර දවසක උදෑසනක ඔබ
මා නළවන්න ඇතී
මා හඬනා විට දුක ඉපදී මට
ලේ කිරි දෙන්න ඇතී
මගේ හිස පිරිමැද මගේ ගත පිරිමැද
මුව සිප ගන්න ඇතී
ඔබ යන විට මා කැටුව යන්න නම්
අමතක වෙන්න ඇතී...

අම්මා... අම්මා යැයි කීමට
කෙනෙක් නොමැත සොයමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි
පැහැදිලි නැති එක ඡායාවක් ඇත
ඒ ඔබ බව දනිමි...


ගායනය: ඉන්ද්‍රාණි පෙරේරා
ගී පද     : ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන


Wednesday, February 15, 2017

මා හද අසපුව - මහාචාර්ය සනත් නන්දසිරි

Ma Hada Asapuwa - Prof. Sanath Nandasiri

මා හද අසපුව කුසුමින් සැරසූ
ඒ මල් බර දෑතයි
ජීවන මහ මග කැල්මෙන් හෙලි කළ
ඒ නිල්මිණි දෑසයි
දකින තුරු සිත දැඩි අවිවේකයි...

සෙනෙහස පොදි බැඳ හිසින් දරා
සැනසිලි පිනි දිය රැගෙන පෙරා
සැතපෙන කුටියට ඇය ආ අන්දම
සුවඳ සිහිනයකි භවය පුරා

මුවින් අමොද බිඳු බිඳු වෑහේ
සිතුම් පැතුම් එකිනෙක පෑහේ
දායාදය ලෙස අබැටක් නොපතමි
ඇගේ නිකැළැල් හද මට සෑහේ

මා හද අසපුව...

ගායනය    :    සංගීත් නිපුන් සනත් නන්දසිරි
පද රචනය :    කරුණාරත්න අබේසේකර
සංගීතය     :     සංගීත් නිපුන් සනත් නන්දසිරි


Tuesday, February 14, 2017

දුකේදී හැඬුමට - ටී.එම්. ජයරත්න

Dukedee Handumata - T.M. Jayaratne

දුකේදී හැඬුමට
සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා...සොඳුරියෙ
නුඹයි ඒ අම්මා...

අහස මෙන් ලත් චෝදනා..
පොළව මෙන් දුක් උහුළනා..//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදීලා..
සොඳුරියේ නුඹෙ සෙනෙහසින් ඉමි ලොවෙහි රජවීලා...

දුකේදී හැඬුමට...

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන ආ දා වාසනා..//
තනා ටජ් මහලයක් පිවිතුරු සෙනෙහෙ ගංතීරේ
සොඳුරියේ නුඹෙ රුව අඹා ගමි මහද මන්දීරේ...

දුකේදී හැඬුමට...

ගායනය : ටී.එම්. ජයරත්න
ගී පද      : ශීලා ගම්වර
සංගීතය : සරත් දසනායක



විදුලි මිණි පහන් දැවී - ගුණදාස කපුගේ

Viduli Mini Pahan Davee - Gunadasa Kapuge

විදුලි මිණි පහන් දැවී
බොළඳ ගී සිනා රැලී
නිලංකාර අඳුරේ සිරවී සැඳෑ සාදයේ...

කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ
කුරා කුහුඹු මිනිසා වෙමි මා
ඔබේ මන්දිරේ...

එන්න කන්න බොන්න මිහිරේ
සැමට යි ආරාධනා...
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ
ඔබේ හඬ කිදී සිදී යයි
කතා සරිත් සාගරේ‍...

පුරාගෙන පිරූ විතේ
විසුළු කෙළි නැටුම් සිනා
යොමා ඇස බලන් යළි සොඳුරේ
මැදුරු දොර දිහා...

දෙන්න කන්න බොන්න නොකියා
දෙනෙතින් ආයාචනා...
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා
දෑත පා ඉඳුල් යදී ඇස්
ගයා හංස ගීතිකා...

ඔබේ මන්දිරෙන් එහා
මගේ ලොව බලා හිඳී
පළා යයි ඔබේ ලොවෙන් මා
දෙපා සමු නොදී.....


ගායනය : ගුණදාස කපුගේ
ගී පද      : ලූෂන් බුලත්සිංහල
සංගීතය : ගුණදාස කපුගේ 



Monday, February 13, 2017

අහිමි වුණත් නුඹ ළ‍ඳේ - ආචාර්ය වික්ටර් රත්නායක

Ahimi Wunath Numba Lande - Dr. Victor Ratnayake

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ
වෙලෙන් එහා ඉඳ නුඹේ සුවඳ වත
එතී ආ සුළං මගෙ මුව සිම්බා

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ...

නොපැතූ අතකට අත දුන් දවසේ
හෙළූ දුක් සුසුම් මගෙ මුව සිම්බා

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ...

නුඹ කැන්දන් ගිය මංගල රිය නැගි
දූලි වලාවෝ මගෙ මුව සිම්බා

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ...

කියා ගන්න බැරි දුකක් නිමන්නට
නෙත හෙළු කඳුළක් මගෙ මුව සිම්බා

අහිමි වුණත් නුඹ ළ‍ඳේ මට
අඬන්න අවසර නෑ...//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද:      ගාමිණී ෆොන්සේකා
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක


Thursday, February 9, 2017

සේද සිහින සුදු දුන්හිඳ නුඹ - ගුණදාස කපුගේ

Seda Sihina Sudu Dunhinda Numba - Gunadasa Kapuge

සේද සිහින සුදු දුන්හිඳ නුඹ
උස සීත නමුණුකුළ ගිරි හිස මම
මූණ බලාගෙන මේ විදියට
මතු ජාති ජාතියෙත් උපදින්න ද...//

නීල නුවන් නිල් තරු එළියට
පෙම් ගීත ගයන මළ හිරු දෝ මම
පාරමිතාවෙන් යළි උපදින
බැස යන්න ද ජීවිත පියගැට පෙළ

සේද සිහින සුදු දුන්හිඳ නුඹ...

මාලිගාව ළඟ පය පාමුල
සුදු නෙළුම ද මම සඳකඩපහණක
නාද නගන සඳ සඳලුව මත
හිමි පාද සලඹ ගීයට පෙම් බැඳ

සේද සිහින සුදු දුන්හිඳ නුඹ...

ගායනය : ගුණදාස කපුගේ 
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ



Wednesday, February 8, 2017

ගතින් ඉන්නට නැතත් ළං වී - චන්ද්‍රලේඛා පෙරේරා

Gathin Innata Nathath Lan Wee - Chandralekha Perera

ගතින් ඉන්නට නැතත් ළං වී
සිතින් යන්නට එපා වෙන් වී
ඔබෙන් තොරවූ ලෝකයක්
සිතා ගන්නට බෑ... සිතා ගන්නට බෑ...

ඔබේ දෙනෙතින් ලොව දකින්නෙමි
ඔබේ වදනින් ලොව අසන්නෙමි
නවාතැන ජීවන මගේ...
ඔබේ සෙවනැල්ල යි... ඔබේ සෙවනැල්ල යි...

ගතින් ඉන්නට.....

ඔබේ ඇසුරින් යළි උපන්නෙමි
ඔබේ දැකුමෙන් දිවි ගෙවන්නෙමි
සදාතන ජීවය හදේ...
ඔබේ හසරැල්ල යි... ඔබේ හසරැල්ල යි...

ගතින් ඉන්නට.....

ගායනය : චන්ද්‍රලේඛා පෙරේරා
ගී පද     : කුලරත්න ආරියවංශ
සංගීතය : රෝහණ වීරසිංහ

වසන්තයේ අග - එඩ්වඩ් ජයකොඩි

Wasanthaye Aga - Edward Jayakody

වසන්තයේ අග හමුවෙමු සොඳුරිය
ලවැලි තලාවක විසුළ කුසුම් මත
අතිනත ගෙන පෙර නොකී කතා අසා
අලුතින් සුසුමක් ගෙන වෙන්වී යමු
ලා සඳ නැගෙනා.. හෝරාවේ..

ගිමන් නිවන්නට ජීවිතයේ
යළි කෙදින ද ඉඩ සැලසෙන්නේ
නොදනිමු එය අප නොවී පමා
පියවර මැන යමු.. යොදුන් ගෙවා..

දොරගුලු හැරලමු අප දෙහදේ
හිනැහෙමු පෙර අපි පැතූ ලෙසේ
කිසිවෙකු නොදකින නිහඬ පැයේ
තනිවෙමු මොහොතක්.. අපේ ලොවේ..

ගායනය : එඩ්වඩ් ජයකොඩි
ගී පද      : කපිල කුමාර කාලිංග
සංගීතය  : එඩ්වඩ් ජයකොඩි

Tuesday, February 7, 2017

මා ළඟට ම තව ළං වෙලා - ඩබ්ලිව්. ඩී. ආරියසිංහ

Ma Langatama Thawa Lan Wela - W.D. Ariyasinghe

මා ළඟට ම තව ළං වෙලා
ඉඳින්න නිහඬ නුවන් පියා
මා සීතාවෝ සැතපෙන නින්දේ - නූපුර හෝ ප්‍රියේ..
පා සුළැඟිල්ලේ අද නම් අවදි නොවේ
කුසුම් කැකුළ නිදනා තුරා...

සඳගිරි පව්වේ පෙරදා සංසාරේ
සැතපුණු දා දුටු කින්නර පෙම් සිහිනේ..
මහලු වෙලා අඩ සඳ වාගේ
යෞවන රෑ සඳ බලාන උන්නාවේ..

මා ළඟට ම තව ළං වෙලා ...

කල්ප කාල යුග අප අතරින් ගෙවිලා
අපි යමු මේ රෑ අනාගතය සොයලා..
නල මුදු සුවඳේ නිදන මලේ
මට මල් රොනවුලු සුවඳ දැනේ ළඳුනේ...

ගායනය: ඩබ්ලිව්. ඩී. ආරියසිංහ

Wednesday, February 1, 2017

අපි සැනසිල්ලේ - වායෝ

Api Sanasille - Wayo

උකුලේ ලමැදේ ඉඳ උණුසුම ලැබු කාලේ..
නැළවිලි ගීවල තාලෙන් නැළවුණු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

දුව පැන ඇවිදල සෙල්ලම් කළ ඒ කාලේ..
ඇළ දොළ ගංගා වැව්වල පීනපු කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං

අකුරු කරන්නට ගුරු ගෙදරට ගිය කාලේ..
රංචු ගැහිල කවි සිංදු කියපු ඒ කාලේ..
තාමත් එහෙමයි - මට අමතක නෑ..
තාමත් එහෙමයි - කිසි වෙනසක් නෑ..

යං යං යං යං අපි සැනසිල්ලේ..
යං යං යං යං
යං යං යං යං අපි නැළවිල්ලේ..
යං යං යං යං ...///

ගායනය : සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ
පද රචනය : සේනක බටගොඩ
සංගීතය : සේනක බටගොඩ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...