Tuesday, April 24, 2018

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG)

ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය
දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර
යළි ගොඩ නැගුමට - උර දෙන පරපුර

ගම්මැද්දේ - ගමෙන් ගමේ - වැවෙන් වැවේ
අතීත උරුමය සොයා සොයා යන
දැයේ අරුමය යි මේ....

පුරන් කුඹුරු රට අඳුරු කරද්දී
නිදන් පිරුණු වැව් නිරුදක වෙද්දී
මර නින්දක මුළු රටක් නිදද්දී
ඉන්නට හැකි වෙද තව මුළු ගැන්වී

ගම්මැද්දේ - ගමෙන් ගමේ - වැවෙන් වැවේ
අතීත උරුමය සොයා සොයා යන
දැයේ අරුමය යි මේ....

පන්සල - ගම - වැව අපේ උරුමය යි
යළි ගොඩ නගනා දැයේ මෙහෙවර යි
දාසෙන්, පැරකුම්, මහසෙන් සවිය යි
යළි පණ ගන්වන අපේ ම බලය යි

ගම්මැද්දේ - ගමෙන් ගමේ - වැවෙන් වැවේ
අතීත උරුමය සොයා සොයා යන
දැයේ අරුමය යි මේ....

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: කුමුදු චම්පික ජයවර්ධන
සංගීතය: නවරත්න ගමගේ

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...