Tuesday, November 28, 2017

මට මුළු ලොව ම ඔබයි - රූකාන්ත, චන්ද්‍රලේඛා

Mata Mulu Lowama Obai - Rookantha, Chandralekha

ගැ: මට මුළු ලොව ම ඔබයි
පි: මගෙ මුළු ලොව ම ඔබයි
ගැ: සිනහව කඳුළ ඔබයි
පි: ජය පැරදුම ත් ඔබයි

පි: ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව 
ලෝකය නවතිනවා
ගැ: සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොව ම ඔබයි.....

ගැ: ඔබ ළඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
පි: හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා
හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා

මට මුළු ලොව ම ඔබයි.....

ගායනය: රූකාන්ත - චන්ද්‍රලේඛා
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

Thursday, November 16, 2017

මන්දාරම් අඳුර මැදින් - ක්‍රිෂාන්ත එරන්දක

Mandaram Andura Medin - Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...
ඔබ සිටියානම්...//

තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ළඟින්...//
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුණා... 
යන්නට තිබුණා... 
යන්නට තිබුණා... 

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා...//
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා...
බලන්න තිබුණා...
බලන්න තිබුණා...

මන්දාරම් අඳුර මැදින්.....

ගායනය: ක්‍රිෂාන්ත එරන්දක
පද: ගයාමන් දිසානායක 
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

Monday, November 13, 2017

ඇසුණ ත් නෑසෙන - ගුණදාස කපුගේ

Asunath Nesena - Gunadasa Kapuge

ඇසුණ ත් නෑසෙන දු‍ටුව ත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනාකරු මා.. වන්දනාකරු මා..

ලෝ මහා පා සෙල් ටැඹක් යට
සිහිනයක් සේ පෙනේ නුඹ මට
හඬා වියොවින් හැඬූ නුඹෙ නෙත
ලියවැලක් දෝ සඳ පහන් මත

ඇසුණත් නෑසෙන.....

තැනිතලා මත ‍රැඳුණ පියවිලි
සඳ පහන් යට ඇඳුණ සෙවනැලි
වැව්තලේ හස නඟන දිය‍රැලි
ගෙනේ නිරතුරු සිනා කඳුළැලි

ඇසුණත් නෑසෙන.....

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: ගුණදාස කපුගේ

Friday, November 10, 2017

සිතින් සිනා සිසී - රූකාන්ත, චන්ද්‍රලේඛා

Sithin Sina Sisi - Rookantha, Chandralekha

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්න දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී.....

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී.....

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ

ගායනය: රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය: රූකාන්ත ගුණතිලක

Tuesday, November 7, 2017

අවපස අහසක - සුනිල් එදිරිසිංහ

Awapasa Ahasaka - Sunil Edirisinghe

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ... ඉම ඔබ රැඳුණේ...

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක.....

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක.....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ

Thursday, November 2, 2017

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Aetha Aetha Chandra Mandale - Chandrasena Hettiarachchi

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවා ද ආදරේ අපේ

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ...//
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ.....

පෙර කාලේ දොළ ලන්දේ සැංගීලා
අත් පටලා කවි සිංදූ කී ලීලා...//
සිහිවේදෝ මන බැන්දූ ඒ කාලේ
ඔබ හින්දා දුක් කඳුළේ තනිවීලා

ගායනය: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...