Wednesday, March 29, 2017

හඬන පණ නල - සුනිල් එදිරිසිංහ

Handana pana nala - Sunil Edirisinghe

හඬන පණ නල යදින සැනසුම
දැවී යයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමණකි
වියළි කතරට හිමි වුණේ...

යොවුන් සිතිවිලි විපිළිසර වී
මහලු ලොව තුළ මිය ඇදේ
සයින් පීඩිත හඞන සුරගුරු
යදී සිඟමන් මාවතේ

හඬන පණ නල...

රකුසු පියසක පිපුණු කුසුමට
මලවි හමුවන පින නැතේ
දෑස නැති විට නුහුරු මං පෙත
සරණ පා යුග පටලැවේ

හඬන පණ නල...

ගායනය: විශාරද සුනිල් එදිරිසිංහ
පද රචනය: කේ.ඩී.කේ ධර්මවර්ධන
සංගීතය: ලක්ෂ්මන් විජේසේකර
("හිමි අහිමි " ටෙලි නාට්‍යයේ තේමා ගීතය)


Tuesday, March 28, 2017

මා හඬවලා - ග්‍රේෂන් ජයමහ

Ma Handawala - Gretion Jayamaha

මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා...

සිත පිබිදී නෙතු පැහැදී
ඔබ හමු වී සුවඳ දිදී
දිවිය පුරා මම එනවා
මගෙ දෑතින් ඔබ අල්ලා

මා හඬවලා හදවත සලා.....

හද උදුරා ගන්නට බෑ
සිත පාරා සනසනු බෑ
අවරගිරින් හිරු පායනු බෑ
ඇය හා මා එක් වෙනු බෑ

මා හඬවලා හදවත සලා
පෙර දාක මාගෙ දෙනුවන් රතු වෙලා
දැන් කිසි දිනේ නැත ඒ වගේ
හද ආදරේ පිරී ඉතිරෙනවා
හද ආදරේ පිරී ඉතිරෙනවා

ගායනය: ග්‍රේෂන් ජයමහ
ගී පද: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක


Friday, March 24, 2017

කුඹුක් ගහේ මල් පිපිලා - සුනිල් එදිරිසිංහ

Kumbuk Gahe Mal Pipila - Sunil Edirisinghe

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමේ
හිත ඉගිළෙයි ඒදණ්ඩෙන් සමනල් කැළ පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ...
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ...

වක්කලමේ තොටමුණ ළඟ දියරළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
ලැජ්ජාවෙන් මුව රතු වී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනව ද මී මල් වැහි පොදේ...
නාන තොටෙන් නුඹ යනව ද මී මල් වැහි පොදේ...

කුඹුක් ගහේ මල් පිපිලා...

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණ ම ඇයි හොඳ නැතිව ද නගේ
හිතකට මං මේ තරම් ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ...
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ...

කුඹුක් ගහේ මල් පිපිලා...

ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : අබ්දුල් කේ. සාදික්
සංගීතය : දර්ශන රුවන් දිසානායක 


Monday, March 20, 2017

සිතුවිලි සිරවී - බණ්ඩාර අතාවුද

Sithuwili Siravee - Bandara Athauda

සිතුවිලි සිරවී හදවත පතුලේ
ඉකිබිද වැළපෙනවා...
රුව සැංගී මගෙ මතකය අතරේ
නෙත් අසරණ වෙනවා...

ඔබෙ සෙනෙහස දැක සැඟවෙනු කෙලෙසද
නෑ මට තවමත් වැටහෙන්නේ...
සුසුම් නිම්නයේ තනිවන්නට නම්
මේ ලෙස ඇයි අප හමුවන්නේ...

සිතුවිලි සිරවී.....

මිලාන වූ මල් ඉකිබිඳ වැළපේ
විකසිත කුසුමන් හිනැහෙද්දී...
ලොව දහසක් නෙත් හිනැහෙන මොහොතේ
ඔබේ මගේ ලොව කඳුළු දකී...

සිතුවිලි සිරවී.....

ගායනය: බණ්ඩාර අතාවුද


Thursday, March 16, 2017

සඳ හාදු දිදී - චන්දන ලියනාරච්චි

Sanda Hadu Didi - Chandana Liyanarachchi

සඳ හාදු දිදී වලාකුළට
සේද යහනතේ
නිල් තාරකා කුමාරියන්ගෙ
ප්‍රේම විජිතයේ//
නුඹ තාම නිදි ද
නුඹ තාම නිදි ද
කඩුපුල් මල් දේවතාවියේ

මල් මාලතී ලතා මඩුල්ල
නෙතු පියා හිඳී
මුදු මල් ගැබේ යහන් තුරුල්ල
භෘංගයින්ට දී
කට කොනින්වත් හිනා නොවී ම
දේවතා නිදී

සඳ හාදු දිදී ...

විල් තලේ රිදී රැල් නැගේවි
රංගනේ යෙදී
මුදු මන්දහාස දී පිපේවි
සොඳුරු කෞමදී
මට තනියි මගේ හිත පාළුයි
නුඹ තවම නිදී

සඳ හාදු දිදී ...

ගායනය: චන්දන ලියනාරච්චි
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ




Wednesday, March 15, 2017

ඔබ තෙමෙයි කියා බයයි - එඩ්වඩ් ජයකොඩි

Oba Themei Kiya Bayai - Edward Jayakody

ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසියි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි....//

මුහුණට හිරිකඩ වැදෙයි
සුදු මුදු මඳහස මැකෙයි...//
මිරිවැඩි තුළ දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

ඔබ තෙමෙයි කියා බයයි...

සළුපිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි...//
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට හිතෙයි

ඔබ තෙමෙයි කියා බයයි...//

ගායනය: එඩ්වඩ් ජයකොඩි
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න


දුරස් වන්නට සිතන හැම විට - ඉන්ද්‍රජිත් දොළමුල්ල

Duras Wannata Sithana Hamavita - Indrajith Dolamulla

දුරස් වන්නට සිතන හැම විට
තවත් ළං වෙනවා
මතක නැති කර ගන්න සිතු විට
සිතේ රජ වෙනවා //

සතුට සපිරුණු නැවුම් ලොවකට
සෙනෙහෙ දම් පිරුවා
අපට අප නැති ලොවක් පිළිබඳ
සිතන්නත් බැරුවා //

දුරස් වන්නට සිතන හැම විට.....

සිතට සුවයක් ගෙනෙන සැනසුම
සදන දිව අඳුනක්
නෙතට එළියක් ගෙනෙන නොනිමෙන
දොළොස් මහ පහනක් //

දුරස් වන්නට සිතන හැම විට.....

සිතේ රජ වෙනවා ////

ගායනය: ඉන්ද්‍රජිත් දොළමුල්ල
ගී පද: දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය: ඉන්ද්‍රජිත් දොළමුල්ල


Tuesday, March 14, 2017

සඳ කිණිති නැමී - ලක්ෂ්මන් විජේසේකර

Sanda Kinithi Namee - Lakshman Wijesekera

සඳ කිණිති නැමී
විල් දියට එබී
සොයයි සේයාව සඳේ
ඔබෙ නෙතට එබී
මගෙ නෙත ද සදා
සොයයි සේයාව මගේ...//

සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්...//
සසල වෙලා දිය කැළඹුණු දා
බි‍ඳෙයි සඳ කැබිලි පිටින්...

සඳ කිණිති නැමී.....

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්...//
සසර පුරා සැරි සරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්...

සඳ කිණිති නැමී.....

ගායනය: ලක්ෂ්මන් විජේසේකර
ගී පද: යමුනා මාලනී පෙරේරා
සංගීතය: ලක්ෂ්මන් විජේසේකර


මෙහෙණියක වී - නාමල් උඩුගම

Meheniyaka Wee - Namal Udugama

මෙහෙණියක වී සසර කතරින්
එතෙර වන්නට පාරමි පුරනා
ඔබ පෙම්වතියක් ලෙසින් එදා මා
පෙමින් එදා මා ළඟ උන්නා...//

අවිහිංසක ඔබ අවිහිංසක මා
දෙගුරුන් හමුවේ ගැරහුම් ලැබුවා
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
මා රිදවන්නට නොහැකිව ඔබෙ හද
දහස් වරක් දෙගුරුන් රිදවූවා...

මෙහෙණියක වී.....

පළිගන්නට මිස පිළිගන්නට මා
දෙගුරුන්ගේ සිත් නොකැමති වූවා
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
ඒ පාපෙන් දෙගුරුන් මුදවන්නට
කසාවතට ඔබෙ වත දන් දුන්නා...

මෙහෙණියක වී.....

ගායනය: නාමල් උඩුගම


Monday, March 13, 2017

ඈත ක්ෂිතිජයේ හැඩට රුවින් - ෂර්ලි වෛජයන්ත

Aetha Ksithijaye Hedata Ruwin - Shirly Waijayantha

ඈත ක්ෂිතිජයේ හැඩට රුවින්
දිලෙන තරුව ඔබ නම්
මේඝ වලා සළුපට අතරින්
මම ඔබ වෙත එන්නම්...

ඉරට මුවවෙන් සඳට මුවාවෙන්
අපි ඉමු පිළිසඳරේ
රන් දෝලාවෙන් කැඳවා යමි මං
කුමරියේ ඔබ මාගේ...

සඳලු තලාවේ මුනින් තලාවී
කඳුළැලි පිරුණු නෙතින්
සමු ගන්නම් මං කුමරියෙ ඔබගෙන්
අයෙත් දකින ලෙසින්...

මෑත තුෂාරා බිඳු අතරේ
පිපුණ කුසුම ඔබ නම්
සඳමඩලේ සඳ කුමරියනේ
මම ඔබ සුරකිනම්
මම ඔබ සුරකිනම්...

ගායනය: ෂර්ලි වෛජයන්ත


Friday, March 10, 2017

ලියතඹරා - ආත්මා ලියනගේ

Liyathambara - Athma Liyanage

ලියතඹරා මුදු කුසුමකි ඈ
තවුසන්ගේ දැහැනේ සම බිඳිනා
නෑ ලෝකෙ ජීවේ ඇය යි...//

මායාව මායාව ‍ලොව රවටනා
සිහිනයකි සිහිනයකි අඳුරෙ පාවෙනා
වීණාවෙ තත් අතර මුදු ස්වරෙ ඇයමයි
මා හදට රස ගෙනෙන මදුවිත ඇයයි

ලියතඹරා...//

මිරිඟුවකි මිරිඟුවකි අප රවටනා
දුර ඈත සිතිජයකි ඉම නොපෙනෙනා
නිල් නයන බිඟු කැළකි නෙත් සරය සුමුදුයි
මගෙ ජීවෙ වැලි කතරෙ දිය බිඳ ඇයයි

ලියතඹරා...//

ගායනය: ආත්මා ලියනගේ
සංගීතය: ආත්මා ලියනගේ


දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා

Digu Neth Hasarelle - Dayarathna Perera

දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුණ දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුණ උදයේදී
ආදරය ද මට කීවේ...

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින්
ගතකළ සොඳුරු පැයේ
මල් හිනැහුණ උයනේදී
ආදරය ද මට කීවේ...

දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුණ දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරය ද මට කීවේ...

දෙදෙනා ආ මග අද මා තනිව ම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරය යි මට කීවේ...

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුණ දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරය ද ඔබ කීවේ...

ගායනය: දයාරත්න පෙරේරා


Thursday, March 9, 2017

සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - ඩබ්ලිව්.ඩී. අමරදේව

Sanda Horen Horen Horen Bala 

සඳ හොරෙන්
හොරෙන් හොරෙන් බලා
වලා රොදක සැඟවිලා..
අපේ මියුරු පෙම් කතා
අසා සිටිනවා
අසා සිටිනවා...

කඳුළු බිඳු ගලා සඳේ
තුරු ලතා පුරා
සියොලඟම සැලී මගේ
නොහිම් සීතලේ
ඔබේ නෙත යදී...ම්...ම්...
මහද වියරුවෙන්...

සඳ‍ හොරෙන් හොරෙන්.....

කියඹු වැල් ලිහී ඔබේ
මාරුතේ සැලී
කොපුල් තල ගැටී මගේ
සිතුම් සසලවයි
නිවාලන්න මා...ම්...ම්.....
ඔබේ සිසිලසින්...

සඳ‍ හොරෙන් හොරෙන්.....

ගායනය: ඩබ්ලිව්. ඩී. අමරදේව
ගී පද: කුලරත්න ආරියවංශ 
සංගීතය: ප්‍රේමසිරි කේමදාස 



සිලිලාර සිත නයනා - අතුල අධිකාරි

Sililara Sitha Nayana - Athula Adhikari

සිලිලාර සිත නයනා
හෘදේ සිඹිනා
කෝල නීල වදනා
සවන පිනනා
මේ චණ්ඩ සූර්ය නගරේ
දූවිලි සරනා
සෙවණැල්ල වෙන්න ප්‍රේමී
දාහය නිවනා...//

හද අරවින්දේ
මතු දවසක පිපුණාවේ
ගිනිගත් මේ නගරේ
අතැර නොයනු මා ප්‍රේමී...

සිලිලාර සිත නයනා.....

මුදු රාත්‍රියේ
පිනි ඇතිරුණු යහනාවේ
දුක් ගිනි වියැකේවී
සොඳුරු නොවෙ ද මා ප්‍රේමී

සිලිලාර සිත නයනා.....//

ගායනය: අතුල අධිකාරි
ගී පද: සමන් අතාවුදහෙට්ටි
සංගීතය: ආනන්ද පෙරේරා


Wednesday, March 8, 2017

මේ නගරය - මර්වින් පෙරේරා

Me Nagaraya - Mervin Perera

මේ නගරය
මා ඔබ මුණ ගැසුණු නගරයයි
මේ නගරය
මා ඔබ වෙන් කෙරුණු නගරයයි...//

වැව් ඉවුරේ දිය රළ පෙර සේ ම බිඳෙනවා
නුග ගස් පෙළ අප නැතිවත් තව දලු ලනවා
සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා

මේ නගරය.....

ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා
ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා
ජීවිතය ම හීනයෙකැයි කියා සිතෙනවා

මේ නගරය.....

ගායනය: මර්වින් පෙරේරා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා


Tuesday, March 7, 2017

අනාථ මාරුතේ - රූකාන්ත ගුණතිලක

Anatha Maruthe - Rookantha Gunathillake

අනාථ මාරුතේ
කුණාටු සාගරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ...
අනාථ මාරුතේ... කුණාටු සාගරේ...

අතීතයට වඩා පැරණි
අපේ ආදරේ
අපි දෙදෙනා හඬූ හැඬුම්
දනී සාගරේ
සදා වෙනස් වෙන්න එපා
මැණික මා කෙරේ
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ...

අනාථ මාරුතේ.....

සිත රිදවන වදන්වලට
හඬන්නට එපා
ඇනුම් බැණුම්වලට මගේ
තැවෙන්නට එපා
සසර සරණ තුරා මගෙන්
මිදෙන්නට එපා
දිවිය තියෙන තුරු මගේ
ඔබයි ආදරේ

අනාථ මාරුතේ.....

ගායනය : රූකාන්ත ගුණතිලක


මිරිවැඩි සඟලක් - ගුණදාස කපුගේ

Miriwedi Sangalak - Gunadasa Kapuge

මිරිවැඩි සඟලක් ඉල්ලා නොහඬමි
පා යුග නැති උන් වෙසෙන රටේ
කුස ගින්නට කිරි ඉල්ලා නොහඬමි
ඉඳුල් බතට පොර වදින රටේ...

ගත සරසන්නට සළුපිලි කුමට ද
වැරහැලි නැතිවුන් වෙසෙන රටේ...//
සවුදිය පුරනට මදුවිත කුමට ද
දහසක් මව්වරු
දරුවන් ඉල්ලා හඬන රටේ..

මිරිවැඩි සඟලක්.....

බණක් අසන්නට පන්සල් කුමට ද
වැදි බණ කියනා මෙහෙව් රටේ...//
අඳ ගොළු බිහිරන් වී කුමට ද අපි
ඔළුවක් නැතිවුන්
වෙසෙනා මෙහෙව් රටේ...

මිරිවැඩි සඟලක්.....

ගායනය: ගුණදාස කපුගේ 
ගී පද: දයානන්ද රත්නායක
සංගීතය: ගුණදාස කපුගේ


Monday, March 6, 2017

විකසිත පෙම් - ඩබ්ලිව්.ඩී. අමරදේව

Vikasitha Pem - W.D. Amaradewa

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියා දෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

විකසිත පෙම්.....

තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...

විකසිත පෙම්.....

ගායනය - ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ 
සංගීතය - ප්‍රේමසිරි කේමදාස


මට අයිති නැතත් නුඹ - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

Mata Ayithi Nathath Numba - W.D. Ariyasinghe

මට අයිති නැතත් නුඹ
මගෙ ළග නැතත් නුඹ
මට මොන වෙනස ද සොඳුරියේ
ඔහොම දුරින් හිඳ
භවය පුරා මට හිනැහේ නම්
මට ඒ ටික ම ඇති
මට ඒ ටික ම ඇති...

සනසන්න හිතන් නුඹ කීව කතාවට
අහසත් හැඬුවා ඉහිළුම් නැතුව වගේ
නියං නිමා වුණු මල් වරුසාවේ
මොනරු නටනවා හීන පෙනී
මුළු ලෝ පිටුපා තළා පෙළා
දෙන රිදුම් කටු ඉඹුල් වැනී සොඳුරේ...

මට අයිති නැතත් නුඹ......

එකමත් එක කාලෙක හාද වෙලා
එක පතට බෙදා ඔය අතින් අනා
වැළඳූ බත් පිඬු ගානට ජාති ණයයි මං
වාවන්නේ නෑ උනයි ඇහේ කඳුළුෑ
අදත් එදා ම යි මේ බොල් දිවියේ
වසා දැමූ ගමන් දොර කවුළුෑ.....

ගායනය: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ



Friday, March 3, 2017

නිර්මලා - ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී

Nirmala - Gunadasa Kapuge, Niranjala Sarojini

පි: නිර්මලා ලොන්ඩරිය හිමි
සළුවඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා...

ගැ: කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා...

පි: පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුණා...

ගැ: යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළුෑ කඳුළින් තෙමුණු සළුපිළි
තව ම නෑ වේලිලා..

පි: දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා...

ගැ: එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා...

නිර්මලා...

ගායනය : ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


ඔබට වරම් නැති - කරුණාරත්න දිවුල්ගනේ

Obata Waram Nathi - Karunaratne Diwulgane

ඔබට වරම් නැති මට ද වරම් නැති
සෙනෙහස කොතැන ද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුලක දියවී
ප්‍රථම ප්‍රේමය යි බොඳව ගියේ...

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණි ද ලඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැන ද රැඳුණේ...

ඔබට වරම් නැති.....

ආ මග වැරදියි ඔහු ද ඔබ ද මා
දෛවයෙ තුන්මංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක් නැත දෙනුවන පිපුණේ...

ඔබට වරම් නැති.....

ගායනය    : කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය : රංජිත් රූපසිංහ
සංගීතය    : නාලක අංජන කුමාර 


Thursday, March 2, 2017

පුන් පෝදා සඳ - මාලනී බුලත්සිංහල

Pun Po Da Sanda - Malani Bulathsinghala

පුන් පෝදා සඳ ඔබ ගෙන ආවොත්
මල් වට්ටියකට අරගන්නම්
ඔබ හැමදාමත් ඉල්ලන තරුමල්
එයට නෙළා පිළිගන්වන්නම්

දේදුන්නක් ඔබ මට ගෙන ආවොත්
විසිතුරු සළුවක් වියමි එයින්
පරසතු උයනේ සක්මන් කරනට
ඉන් සැරසී ඔබ හා එන්නම්

පුන් පෝදා සඳ....

බිඟු තුඩු නොවැදුණු පියුම ගෙනාවොත්
මානස විල මත පිපුණු සැණින්
නැවුම් පෙමට කිම වෙහෙසෙනු පෙම්වත
යළි උපදිමි ඒ පියුමින් මම්...

පුන් පෝදා සඳ.....

ගායනය: මාලනී බුලත්සිංහල‍
ගී පද: ලූෂන් බුලත්සිංහල
සංගීතය: එච්.එම්. ජයවර්ධන


Wednesday, March 1, 2017

නර්තන ලීලා - අමරසිරි පීරිස්

Narthana Leela - Amarasiri Peiris

නර්තන ලීලා - මා මන බන්ධන
නෙතු සිතු මායා - අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධා දෝ නුඹ...
යමුනා ගංතෙර

සුවහස් දන මන - සනහන නළවන
විදුලිය ලෙස නෙත් කැළුම් විදාලන ...//

හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන
රාධා දෝ නුඹ... යමුනා ගංතෙර...//

ඉඟ සුඟ මුදු බඳ
කෝමළ නර්තන
මා නෙතු යුවළට සීමා කළ මැන ...//

කරළිය පාමුළ දෑස අඳුරු කර
රාධාවෙනි නුඹ... එනු මැන මා වෙත ...//

නර්තන ලීලා - මා මන බන්දන
නෙතු සිතු මායා - අංජන ගල්වන

සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන
රාධා දෝ නුඹ... යමුනා ගංතෙර

රාධා දෝ නුඹ... යමුනා ගංතෙර ...///

ගායනය: අමරසිරි පීරිස්
ගී පද: අනුර ප්‍රසන්න
සංගීතය: නවරත්න ගමගේ


ගඟට ඉවුරක්‌ සේ - නන්දා මාලිනී

Gangata Iwurak Se - Nanda Malini

ගඟට ඉවුරක්‌ සේ රැක ඉන්නම්
කෙතට නියරක්‌ සේ ළඟ ඉන්නම්
වැයෙන වස්‌දඬු රාවය වෙන්නම්
හමා එන පවනේ... හමා එන පවනේ...

ලියනා කවි පෙළට එළිවැට වෙන්නම්
සිතුවම අඳිනා තෙලිතුඩ වෙන්නම්
ගයනා ගීයට පදවැල වෙන්නම්
රැඳී හද පතුලේ... රැඳී හද පතුලේ...

ගඟට ඉවුරක්‌ සේ.....

සිතට අරමුණ සේ දිස්‌ වෙන්නම්
හදට අදිටන වී දිරි දෙන්නම්
අනාගතයට පෙරමග වෙන්නම්
දෙපා යට වැතීරී... දෙපා යට වැතීරී...

ගඟට ඉවුරක්‌ සේ.....

ගායනය: නන්දා මාලිනී
ගී පද: කරුණා රොද්‍රිගු
සංගීතය: කාලෝ විජේසිරි


ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...