Friday, March 9, 2018

විරාග රාගය - අමරසිරි පීරිස්, අමල් පෙරේරා

Viraga Ragaya - Amarasiri Peiris, Amal Perera

විරාග රාගය අතරේ 
තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට 
පුදා පරාජය
විරාග රාගය අතරේ 
තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් 
මගේ සරාගය...

ඔබ අඩවන් නෙතු 
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ 
මනසින් බිඳ හල දා 
ඈ මුකුලිත වූවා
කර ගනු ඈ සතු 
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුනිවර 
මනසින් පෙම්කළ දා 
ඈ අසරණ වූවා...

විරාග රාගය.....

නුරා එගිනි දලු 
ඈ දවමින් ගෙතු
සළෙල ගීතයට ඈ 
තනුවක් කර ගත් දා 
ඈ ලොව අහිමි වුණා
ඔබේ මිලින ගති  
ඇයට නොවේ රුති
පෙමින් තොරව ඇගේ 
දිවිය කතරක් වූ දා 
ඈ මවෙතට ආවා...

විරාග රාගය.....

ගායනය: අමරසිරි පීරිස්, අමල් පෙරේරා
ගී පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: සුරේෂ් මාලියද්ද

Tuesday, March 6, 2018

පාතිමා - කරුණාරත්න දිවුල්ගනේ

Pathima - Karunaratne Divulgane

මරතෝඬිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කතෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...

වාංගු හඬ පූජාවේ තුන් යමට ම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා...

මරතෝඬිය රටා ඇඳී.....

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ එහි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතෝඬිය රටා ඇඳී.....

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
තනුව: ගුණදාස කපුගේ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...