Monday, July 31, 2017

සුවඳැති කුසුමක - මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ

Suwandethi Kusumaka - Mervin Perera, Neela Wickramasinghe

ගැ: සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
      ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී
පි: උකුලක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුළේ සිටිමී
      මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී

ගැ: මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලී
       දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනී

පි: මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
     පණ නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී

ගැ: සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
      ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී
පි: උකුලක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුළේ සිටිමී
      මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී

ගායනය: මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ
ගී පද: ලීනස් මෙන්ඩිස් පියතුමා
සංගීතය: මර්වින් පෙරේරා
මෙම ගීතය මෑතකදී මර්වින් පෙරේරාගේ පුත් අමල් පෙරේරා සමග නීලා වික්‍රමසිංහ ගායනා කළාය.



Thursday, July 20, 2017

පුර හඳ ලෙස - මායා දමයන්ති පෙරේරා

Pura Handa Lesa - Maya Damayanthi Perera

පුර හඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳ වී මැකුණේ
පෙර ලෙස පැහැබර නැතිව ද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යා දෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේ දෝ
ඔබ සිටු කුමරියකට බහ දුන්නා දෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේ දෝ

පුර හඳ ලෙස .....

ඔබගෙන් වියෝ වී ලොව මා තනි වේ දෝ
සිත මා විකල්වී අසරණ වේ දෝ
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේ දෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේ දෝ

පුර හඳ ලෙස .....

ගායනය: මායා දමයන්ති පෙරේරා

Tuesday, July 11, 2017

ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්

Aya Yanna Giya Makila - Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා...

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීව ද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර

යන්න ගියා මැකිලා.....

ගායනය: විශාරද අමරසිරි පීරිස්
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: එච්.එම්. ජයවර්ධන

Monday, July 10, 2017

ඉටි පහනක් දෝ මා - නන්දා මාලිනී/ධම්මිකා වල්පොළ

Iti Pahanak Do Ma - Nanda Malini/Dhammika Walpola

සුළඟට සැලෙනා...
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වට මඳ එළියේ 
පළඟැටි සේනා සැණකෙළියේ
මිහිර බි‍‍ඳේ දෝ සිරුර සිඳේ දෝ
මා කෙළෙසී යා දෝ...

මා වත රුවට ඇදී 
අනඟ රැඟුම් පා තරග වැදී
හදවත කළඹා ගත සිත පොළඹා
නිසසළ දැහැන බිදී...

කළුවර පළස ඉරා 
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා...

ගායනය: නන්දා මාලිනී/ ධම්මික වල්පොළ සහ පිරිස
ගී පද: සෝමරත්න දිසානායක
සංගීතය: රෝහණ වීරසිංහ
(ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්...)

Friday, July 7, 2017

දෑස වසා සිටියා - මායා දමයන්ති පෙරේරා

Desa Wasa Sitiya - Maya Damayanthi Perera

දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ...

දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ...

දෑස වසා සිටියා.....

බැඳි සෙනෙහස අමතක වීලා
නිබඳව ඔබ මට පිටු පෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහා නොවූයේ...

දෑස වසා සිටියා.....

ගායනය: මායා දමයන්ති පෙරේරා
ගී පද: මාලා වජිරා පෙරේරා
සංගීතය: වික්ටර් විජයන්ත

Tuesday, July 4, 2017

ප්‍රේමය ලොව හැමතැනම ඇතී - චන්දන ලියනාරච්චි

Premaya Lowa Hamathanama Athi - Chandana Liyanaarachchi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...//

විල්තෙර දියයට දිය බුං නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව.....

සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි
නන් ඵල මල් දලු පුබුදන මුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ප්‍රේමය ලොව.....//

ගායනය: චන්දන ලියනආරච්චි
ගී පද: යමුනා මාලනී පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...