Thursday, June 29, 2017

ආරොන් මාමා - ෆ්‍රෙඩී සිල්වා

Aaron Mama - Freddy Silva

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි 
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි 
ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් 
අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා...

රටේ තොටේ වග තොරතුරු හොය හොය 
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී 
පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහා දඬුපඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

ආරොන් මාමා...

ගහපිය මරපිය ඔළුවට කොටපිය 
පාළි සංස්කෘත කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන 
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නැහැනේ 
මිනිහෙක් මැරුවා වාගෙයිනේ
මුළු ගමට ම අණබෙර ගහමින් දිව්වා

ආරොන් මාමා...

සාතන් අප්පූ මිනිහෙක් මැරුවා 
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට 
ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලූවා

ආරොන් මාමා...

කාව ද මැරුවේ කියපිය කියලා
සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක් 
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔළුවට ගැහුවේ මූගේ 
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ 
ආරොන් පැනලා දිව්වා

ආරොන් මාමා.....

ගායනය: ෆ්‍රෙඩී සිල්වා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්

Wednesday, June 28, 2017

බිළිඳුනේ දරුවනේ මගේ - ග්‍රේෂන් ආනන්ද

Bilindune Daruwane Mage - Gretion Ananda

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ...//
අම්මා පෙව් කිරි කඳුළෙන් ‍
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ...

කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේ ම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා...

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ...

පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා...

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ...//
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුළෙන් 
මේ ලොව මෙතරම් හැඩවුණේ...

ගායනය: ග්‍රේෂන් ආනන්ද
ගී පද: සෝමපාල ලීලානන්ද
සංගීතය: සෝමපාල රත්නායක

Monday, June 26, 2017

සූසැට බරණින් සැරසීලා - නීලා වික්‍රමසිංහ

Suseta Baranin Seraseela - Neela Wickramasinghe

සූසැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ...//

පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී...//

සූසැට බරණින් සැරසීලා...

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒදඬු මංකඩ අගුළු දමාවී
එහොම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා ඉඳී වී...//

සූසැට බරණින් සැරසීලා...

ගායනය: නීලා වික්‍රමසිංහ
ගී පද: ජයරත්න ගමගේ
සංගීතය: වික්ටර් රත්නායක

Tuesday, June 20, 2017

මා හඬනා කඳුළු ගලා - නන්දා මාලිනී

Ma Handana Kandulu Gala - Nanda Malini

මා හඬනා කඳුළු ගලා
හැදුණු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුණේ ඇයි...
සිනාසුණේ ඇයි...

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුණු හදක්
ගලක් කළේ ඇයි
ගලක් කළේ ඇයි...

මා හඬනා කඳුළු ගලා.....

සිවුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
හතුරු වුණේ ඇයි
හතුරු වුණේ ඇයි

මා හඬනා කඳුළු ගලා.....

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: එච්.එම්. ජයවර්ධන

Monday, June 19, 2017

අද හවසට මා - සුජාතා අත්තනායක

Ada Hawasata Ma - Sujatha Attanayake

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා...

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමගින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන...

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන...

අද හවසට මා.....

ගායනය: සුජාතා අත්තනායක
ගී පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය: ස්ටැන්ලි පීරිස්

Thursday, June 15, 2017

දවසක් තියේවී - මිල්ටන් මල්ලවාරච්චි

Dawasak Thiyewee - Milton Mallawaarachchi

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුළක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා...

නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී.....

හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී.....

ගායනය: මිල්ටන් මල්ලවාරච්චි 
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පිරිස්

Wednesday, June 14, 2017

නෙතේ කඳුළු පිස දමන්න - සුනිල් එදිරිසිංහ

Nethe Kandulu Pisa Damanna - Sunil Edirisinghe

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬ ගසන්න ඔබේ කට හඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්...

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින්... //

නෙතේ කඳුළු පිස දමන්න.....

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්... //

නෙතේ කඳුළු පිස දමන්න.....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ

Tuesday, June 13, 2017

එක කුඩයක් යට - වික්ටර් රත්නායක

Eka Kudayak Yata - Victor Ratnayake

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...//

කිසිවෙකු සමගින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...//

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...

මද අව් රස්නෙට වුව සෙවණක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ //

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද: දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Friday, June 9, 2017

සුදු මල් පොකුරක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

Sudu Mal Pokurak - Prince Udaya Priyantha

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගෙ පියාණනී...//

බාල වියේ ඔබ තුරුළේ
නැළවී සෙනෙහස් ඔරුවේ
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ...//

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබෙ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ...//

ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත


Tuesday, June 6, 2017

සකුරා මල් පිපිලා - විශාරද නන්දා මාලිනී

Sakura Mal Pipila - Nanda Malini

සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදි මත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ

මින් රළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ

සකුරා මල් පිපිලා.....

යන එන සෙල්ලම් රිය පෙළ අතරින්
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර සූටික්කෝ

සකුරා මල් පිපිලා.....

සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටී...//
වියපත් සඳවත ගේ දොර නැතිවී
හැරමිටි සරණින් බලා සිටී

සකුරා මල් පිපිලා.....

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: නන්දා මාලිනී

විශාරද නන්දා මාලිනී මහත්මිය ජපානයේ සංචාරයක් අතරතුර සකුරා මල් ගසක් පාමුල සිට මෙම ගීතයේ කොටසක් ගැයූ අයුරු...



Monday, June 5, 2017

රජ මැදුරක ඉපදී සිටියා නම් - මාලනී බුලත්සිංහල

Raja Maduraka Ipadee - Malani Bulathsinghala

රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය: විශාරද මාලනී බුලත්සිංහල
ගී පද: ලූෂන් බුලත්සිංහල
සංගීතය: එච්. එම්. ජයවර්ධන 

Friday, June 2, 2017

සීත අරණේ - මිල්ටන් මල්ලවආරච්චි, මාලනී බුලත්සිංහල

Seetha Arane - Milton Mallawarachchi, Malani Bulathsinghala

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ...//

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

සීත අරණේ...

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ...

ගායනය: මිල්ටන් මල්ලවාර්ච්චි සමහ මාලිනී බුලත්සිංහල
පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

('ආරාධනා' චිත්‍රපටයේ ගීතයක්)

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...