Tuesday, June 6, 2017

සකුරා මල් පිපිලා - විශාරද නන්දා මාලිනී

Sakura Mal Pipila - Nanda Malini

සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදි මත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ

මින් රළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ

සකුරා මල් පිපිලා.....

යන එන සෙල්ලම් රිය පෙළ අතරින්
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර සූටික්කෝ

සකුරා මල් පිපිලා.....

සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටී...//
වියපත් සඳවත ගේ දොර නැතිවී
හැරමිටි සරණින් බලා සිටී

සකුරා මල් පිපිලා.....

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: නන්දා මාලිනී

විශාරද නන්දා මාලිනී මහත්මිය ජපානයේ සංචාරයක් අතරතුර සකුරා මල් ගසක් පාමුල සිට මෙම ගීතයේ කොටසක් ගැයූ අයුරු...



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...