Thursday, December 21, 2017

ආවාට තිබුණත් - නිමල් ගුණසේකර

Awata Thibunath - Nimal Gunasekera

ආවාට තිබුණත් නිසසල සඳ මත
එය හරි ප්‍රියංකර යි
මා කාට නැතුවත් ඔබට පිදූ පෙම
සඳ මෙන් අහිංසක යි
එතරම් අහිංසක යි

මංගල පෝරුව මතට එදා ඔබ
දෙපා නැගූ ඒ සුබ ‍මොහොතේ...//
සිහිසන් නොමැතිව වැටුණු අයුරු දැක
අනුකම්පාවකි මසිත වෙළා ගත්තේ

ආවාට තිබුණත් නිසසල සඳ මත.....

සදාකාලයෙන් සදාකාලයට
අපිට උරුම නැත දුක්‌ කඳුළු...//
මැලවුණු මල් පෙති යළි පුබුදන්නට
අපේ ලොවට හෙට හිරු පායා එනවා

ආවාට තිබුණත්.....

ගායනය: නිමල් ගුණසේකර
ගී පද: නිමල් ජූලිගේ
සංගීතය: නිමල් ගුණසේකර

Friday, December 15, 2017

අම්මා නැති මට - ආචාර්ය වික්ටර් රත්නායක

Amma Nathi Mata - Dr. Victor Rathnayake

අම්මා නැති මට කිරි අම්මා වී
කළු‍වර ගෙදරට මිණි පහනක් වී
දැනගත් දා සිට පෙරුම් පිරූවේ
අක්කේ මං මතු සක්විති වෙයි සිතලා දෝ

පියුම් රටාවට පැදුරක් පිරෙයි රැයේ
උදේට ලිප ළඟ කඩයප්පන් ගොඩවේ
දෙකම්මුලින් වට මුතු වට්ටිය නුඹගේ
පනමට දී මගෙ නැණ නෙත් පෑදූවේ

අම්මා නැති මට.....//

මෝරා හද ගැබ පෙම් මල් නෑ පිපුණේ
ඉහිලා බඳ වට ගෝමර ලතැවෙන්නේ
බාල යොවුන් හඳ වැහැරී ගේ ඇතු‍ළේ
මා ලද ශිල්පය නුඹ හා එක මුල්ලේ

අම්මා නැති මට.....//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද: ලූෂන් බුලත්සිංහල
සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක

Monday, December 11, 2017

නර්තන ලීලා - අමරසිරි පීරිස්

Narthana Leela - Amarasiri Peiris

නර්තන ලීලා මා මන බන්දන 
නෙතු සිතු මායා අංජන ගල්වන
සිතුවිලි ගඟ දිය නිබඳ කළම්බන 

රාධාදෝ නුඹ 
යමුනා ගංතෙර...//

සුවහස් දන මන සනහන නළවන
විදුලිය ලෙස නෙත් කැළුම් විදාලන...//
හැඟුම් පොකුරු නිති යුහුසුළු කරවන

රාධාදෝ නුඹ 
යමුනා ගංතෙර ...//

ඉඟ සුඟ මුදු බඳ
කෝමළ නර්තන
මා නෙතු යුවළට සීමා කළ මැන...//
කරළිය පාමුල දෑස අඳුරු කර

රාධාවෙනි නුඹ
එනු මැන මා වෙත ...//

නර්තන ලීලා.....

රාධාදෝ නුඹ 
යමුනා ගංතෙර...///

ගායනය: අමරසිරි පීරිස්
ගී පද: අනුර ප්‍රසන්න
තනුව: නවරත්න ගමගේ

Tuesday, November 28, 2017

මට මුළු ලොව ම ඔබයි - රූකාන්ත, චන්ද්‍රලේඛා

Mata Mulu Lowama Obai - Rookantha, Chandralekha

ගැ: මට මුළු ලොව ම ඔබයි
පි: මගෙ මුළු ලොව ම ඔබයි
ගැ: සිනහව කඳුළ ඔබයි
පි: ජය පැරදුම ත් ඔබයි

පි: ඔබ ළඟ නැති විට හිරු සඳු මිලිනව 
ලෝකය නවතිනවා
ගැ: සුසුමක සිරවී හදවත නවතිනවා
සුසුමක සිරවී හදවත නවතිනවා

මට මුළු ලොව ම ඔබයි.....

ගැ: ඔබ ළඟ නැතිවිට විකසිත වන ලොව
පිබිදී හිනැහෙනවා
පි: හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා
හද ගැබ සහසක් මල් යළි පිබිදෙනවා

මට මුළු ලොව ම ඔබයි.....

ගායනය: රූකාන්ත - චන්ද්‍රලේඛා
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

Thursday, November 16, 2017

මන්දාරම් අඳුර මැදින් - ක්‍රිෂාන්ත එරන්දක

Mandaram Andura Medin - Krishantha Erandaka

මන්දාරම් අඳුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියානම්...
ඔබ සිටියානම්...//

තනියමවත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ළඟින්...//
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුණා... 
යන්නට තිබුණා... 
යන්නට තිබුණා... 

මඟ යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා...//
කොපුලේ වැහි බිඳුවක රස
බලන්න තිබුණා...
බලන්න තිබුණා...
බලන්න තිබුණා...

මන්දාරම් අඳුර මැදින්.....

ගායනය: ක්‍රිෂාන්ත එරන්දක
පද: ගයාමන් දිසානායක 
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

Monday, November 13, 2017

ඇසුණ ත් නෑසෙන - ගුණදාස කපුගේ

Asunath Nesena - Gunadasa Kapuge

ඇසුණ ත් නෑසෙන දු‍ටුව ත් නොදකින
නුඹෙ තුන් සිත වැසෙනා
අපේ නටඹුන් ප්‍රේම නගරේ
වන්දනාකරු මා.. වන්දනාකරු මා..

ලෝ මහා පා සෙල් ටැඹක් යට
සිහිනයක් සේ පෙනේ නුඹ මට
හඬා වියොවින් හැඬූ නුඹෙ නෙත
ලියවැලක් දෝ සඳ පහන් මත

ඇසුණත් නෑසෙන.....

තැනිතලා මත ‍රැඳුණ පියවිලි
සඳ පහන් යට ඇඳුණ සෙවනැලි
වැව්තලේ හස නඟන දිය‍රැලි
ගෙනේ නිරතුරු සිනා කඳුළැලි

ඇසුණත් නෑසෙන.....

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: ගුණදාස කපුගේ

Friday, November 10, 2017

සිතින් සිනා සිසී - රූකාන්ත, චන්ද්‍රලේඛා

Sithin Sina Sisi - Rookantha, Chandralekha

සිතින් සිනා සිසී අතැඟිලි අල්ලලා
එන්න යන්න මල් මාවතේ
සවන් පුරා සෙමින් රහසින් කියන්න දෝ
පුංචි ආදරේ කතන්දරේ

ආදරේ නමින්
දිලෙන පහනේ පහන් සිලේ
දීප්ති බින්දුවයි ඔබ නයනේ
ඒ පහන් වැටේ
එළිය අප හා සිනාසුණා
යොවුන් ලොවේ හැඟුම් සුන්දරයි

සිතින් සිනා සිසී.....

රාත්‍රියේ රිදී
පොකුරු තරුවේ ඇඳී තියේ
රත්තරන් රුවින් පෙම් රේඛා
ජීවමාන වේ
සුවඳ හිරිමල් යොවුන් වියේ
පෙමේ සුසුම් පවා සුන්දරයි

සිතින් සිනා සිසී.....

පුංචි ආදරේ කතන්දරේ
එන්න යන්න මල් මාවතේ
එන්න යන්න මල් මාවතේ
පුංචි ආදරේ කතන්දරේ

ගායනය: රූකාන්ත ගුණතිලක, චන්ද්‍රලේඛා පෙරේරා
සංගීතය: රූකාන්ත ගුණතිලක

Tuesday, November 7, 2017

අවපස අහසක - සුනිල් එදිරිසිංහ

Awapasa Ahasaka - Sunil Edirisinghe

අවපස අහසක තරු ලකුණක් සේ
අපමණ සයුරක තුරු දසුනක් සේ
දිගු දිවි ගමනේ... ඉම ඔබ රැඳුණේ...

මාවත අවහිර නිමවා
දළ රළ පෙළ සැතපෙනවා
සැළමුතු සෙනෙහස මඳ පවනක් වී
ගැඹරේ නිම මුමුණනවා

අවපස අහසක.....

දෝතක අසෙනිය ගවසා
ඔබ පෙරමග හිනැහෙනවා
විකසිත සිහිනේ සුබ කවියක් වී
දෙනෙතේ සිත ලියැවෙනවා

අවපස අහසක.....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: රෝහණ වීරසිංහ

Thursday, November 2, 2017

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ - චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Aetha Aetha Chandra Mandale - Chandrasena Hettiarachchi

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ
පාට පාට තාරකා පෙළේ
පුංචි පුංචි මල් සිනා මලේ
හැංගුවා ද ආදරේ අපේ

අඩවන් වූ නිල් දෑසේ කී රහසේ
වත කමලේ සිරියාවයි මදහාසේ...//
සිත් සපුරා දුටු සිහිනේ පෙර යාමේ
එළිවෙන්නේ කවදාදැයි සංකාවේ

ඈත ඈත චන්ද්‍ර මණ්ඩලේ.....

පෙර කාලේ දොළ ලන්දේ සැංගීලා
අත් පටලා කවි සිංදූ කී ලීලා...//
සිහිවේදෝ මන බැන්දූ ඒ කාලේ
ඔබ හින්දා දුක් කඳුළේ තනිවීලා

ගායනය: චන්ද්‍රසේන හෙට්ටිආරච්චි

Friday, October 27, 2017

අව්වේ මුතු ඇට වපුරා - ක්‍රිෂාන්ත එරන්දක

Awwe Muthu Ata Wapura - Krishantha Erandaka

අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පනමට හරවා
අපේ කුසේ ගිනි නිවලා නුඹ කුසගින්නේ
ඉඳ හිනැහෙන්නේ - අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ - අපෙ අප්පච්චී

අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වළකන්නට
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චී
මහ කැළේට ඇස් මානා අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට වපුරා.....

ජීවිතයේ බඹර හෙලේ
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කණවැල්පොට වරපොට වෙච්චී
විරිය පාරමිතා පුරණ අපෙ අප්පච්චී

අව්වේ මුතු ඇට වපුරා.....

ගායනය: ක්‍රිෂාන්ත එරන්දක
ගී පද: ගයාමත් දිසානායක
සංගීතය: සමන්ත පෙරේරා

Thursday, October 26, 2017

මුව මුක්තා ලතා - එඩ්වඩ් ජයකොඩි

Muwa Muktha Latha - Edward Jayakody

මුව මුක්තා ලතා පිපි හංසාංගනා 
විල් නෙළුමාසනෙන් ආ ළඳේ
නුඹ භාග්‍යා සරෝජාවියේ 
ස්වර්ණා වර්ණා පෑයෙන් දිලේ

මා හද ප්‍රේමාංගනේ 
රෑ නුඹ රාසින් ළඳේ
බඳ මණිමේඛලාව මුදා 
අනුරා නෙත් නගන් නොනිදා

ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ
(ආකාශ ගං චන්ද්‍ර නෞකාවේ)
තනි වෙන්න යං පෙම් රසෝජාවේ
(තනි වෙන්න යං පෙම් රසෝජාවේ)
රූ සිරු කල්‍යාණියේ
මා සැතපෙන්නම් ප්‍රි‍යේ
තුනු ශ්‍රීයෙන් විපුල් වොරැඳී
මනසානන්ද මන්දෝදරී

lනිස සනි සග ගම l පම පධ නිනි සරි lග - - -l - - රිග lසගරිස l
lනිපනිස l රි - - - l- - නිප lමධපග lමපගරි l නිනි සරි l
lස - - - l

හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ
(හිරු එන්න පෙර රාත්‍රි මේ සීතේ)
හා හා ගයන් සෞම්‍ය සංගීතේ
(හා හා ගයන් සෞම්‍ය සංගීතේ)
ඒ හිරු නොනගීවා 
රෑ තව දිගු වේවා
ඔබෙ නළලේ සඳුන් තිලකේ 
අද ඉහිරේ ද දෙතොලින් මගේ

මුව මුක්තා ලතා......

ගායනය: එඩ්වඩ් ජයකොඩි
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය: ආනන්ද පෙරේරා

Wednesday, October 25, 2017

පුංචි දඟකාරියේ - සේනානායක වේරලියද්ද

Punchi Dangakariye - Senanayake Weraliyadda

පුංචි දඟකාරියේ
විහඟ ගීතෙන් ගැයූ
කිම ද රණ තිසර ලියතඹර
පෙති ගිලිහියේ
කවුරුන් ද මල් වයසෙ
මගෙ යහන ගිනිබත් කළේ
මනමාලියේ
මනමාලියේ
දඟකාරියේ...

බිඟු දබර කළ සිතේ දිය බොරවෙලා
විෂ බඹර තුඩුවලට පෙති හැකිලිලා
දෙකොපුල් රිදුණා ද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පෙම වහන් කළ සිතේ නෙතු වැළලිලා
විහඟ ගී රාවයෙන් තෙරපිලා
සෙනෙහස ලැබුණා ද දඟකාරියේ //
කියන් ළඳේ මට රහසේ
ඔබට මං පණ වගේ ආදරේ //

පුංචි දඟකාරියේ.....

ගායනය: සේනානායක වේරලියද්ද
ගී පද: මහින්ද කේ. ප්‍රේමසිරි
සංගීතය: සේනානායක වේරලියද්ද

Thursday, October 12, 2017

මේ තරම් කඳුළු වැල් - කරුණාරත්න දිවුල්ගනේ/ ජානකී දිසානායක

Me Tharam Kandulu Wel - Karunaratne Divulgane

පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...

ගැ: ජීවිතේ අවාරයේ ගිම්හානයේ දැවෙයි
කී කතා ළඟින් ඉඳන් පෙර දා සිතේ නැගෙයි
පි: නදී කුමාරියක් වගේ සැලෙන්න ඒ දුකින්
තැවෙන්න ඒ දුකින්

පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...

පි: වෙන් වෙලා නොයන්නෙමූ දිවුරා කියූ මුවින්
වෙන්වෙමූ කියන්නෙ දැන් කොහෙදෝ අපේ සිතුම්
ගැ: දෙමාපියන් වරම් නොදුන් සුපෙම්වතුන් ලෙසින්
හඬන්න සෝ දුකින්

පි: මේ තරම් කඳුළු වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා නෙතේ
ගැ: මේ තරම් සුසුම් වැල්
කොහේ තිබුණි දෝ හැංගිලා සිතේ...

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ/ ජානකී දිසානායක
ගී පද: සෝමදාස සූරියආරච්චි
සංගීතය: ගුණදාස කපුගේ

Wednesday, October 11, 2017

මේ තරම් සියුමැලි ද කළු ගල් - සුනිල් එදිරිසිංහ

Me Tharam Siyumali Da Kalu Gal - Sunil Edirisinghe

මේ තරම් සියුමැලි ද කළු ගල් 
හිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත් 
දෑස් දුන් මිනිසා සොයා
දෑස් දුන් මිනිසා සොයා...

කලාවැව ළඟ ඉලුක් හෙවනක
මැටි පිලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු 
මැරෙන ඉපදෙන රළ දිහා
මැරෙන ඉපදෙන රළ දිහා...

ඉසුරුමුණියේ නුඹ තැනූ 
පෙම්බරිය කොතැන ද කියා 
මා ඇසූ විට හිනැහුණා ඔහු 
තව ම තනිකඩයැයි කියා 
තව ම තනිකඩයැයි කියා...

මේ තරම් සියුමැලි ද කළු ගල්.....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රජී වසන්ත වෙල්ගම 
සංගීතය: දර්ශන රුවන් දිසානායක


Wednesday, September 6, 2017

පෙර එක දවසක - මිල්ටන් මල්ලවාරච්චි

Pera Eka Dawasaka - Milton Mallawarachchi

පෙර එක දවසක සඳ නැති සවසක
ඔබ මා සමුගත් ඉවුරු තලාවක
යළි අප හමුවේවා
යළි අප හමුවේවා...

ආල හැඟුම් දෙන කොමල සිනාවෙන්
මගේ පැතුම් ලොව සසල කලා සේ
නීල නුවන් ඇති දෑළවරින් ඔය
තවත් ලොවක්‌ ඔබ එළිය කළාවේ

පෙර එක දවසක.....

එක ම වරක්‌ හෝ නෙත සනසන්නට
ආශාවෙන් මා ඔබ දෙස බලලා
එක ම වරක්‌ නොව එක හෝරාවක
දහස්‌ වරක්‌ මා මනසින් හැඬුවා

පෙර එක දවසක.....

ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
ගී පද: උපාලි ධනවලවිතාන
සංගීතය: සරත් දසනායක

Monday, September 4, 2017

අතීතයේ එක ලස්සන දවසක - මර්සලීන් පතිරණ

Atheethaye Eka - Marselin Pathirana

අතීතයේ එක ලස්සන දවසක 
සොඳුරු සැමරුම් මතක මැදින් 
සේපාලිකා මල් ඉහිරුණ පාරේ
මා තනි වෙන්නම් කඳුළු මැදින් 

ජීවිතයේ එක ලස්සන දවසක
හඬා වැටීලා යොවුන් සිතින්
තවත් මෙමා හද ඔබ රිදවනවා 
සේපාලිකා මල් සුවඳ මැදින් 

අතීතයේ.....

සොඳුරු මගේ ආදර පැතුමක් 
කඩා වැටීලා ඔබේ හදින්
බලා නොබලා නොයන් ළඳුනේ 
අසරණ වූ දා සෙනේහයෙන්

අතීතයේ.....

ගායනය: මර්සලීන් පතිරණ

Friday, September 1, 2017

ඉස්සර මා ඔබ - ප්‍රියා සූරියසේන

Issara Ma Oba - Priya Sooriyasena

ඉස්සර මා ඔබ දකින්න ආවේ 
මුව සරසාගෙන සිනාවකින්
දැන් ඉඳ හිටලා බලන්න එන්නේ 
දරන්න බැරි වේදනාවකින්

මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී 
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට 
වෙන හද කුටියක දොර හැරලා

එවන් තෑනකදී ඔබගේ යහපත 
දියුණුව සම්පත සැලසේ නම්
මගේ දිවිය හැර අනිත් සියලු දේ 
කැප කෙරුමට මා සුදානම්

මගේ නිදොස් බව වටහුණ දිනකදි  
කිව මැන අප දත් කෙනෙකු සොයා
එය දැන ගත් පසු මම සැනසිල්ලේ 
සැනසෙන්නම් මගෙ දෙනෙත පියා

මට ඔබ හිරු මෙන් විශ්වාසයි කී 
ඔබට ම මා ගැන සැක සිතිලා
වැරදි සොයනව ද සමුගෙන යන්නට 
වෙන හද කුටියක දොර ඇරලා

ඉස්සර මා ඔබ.....

ගායනය: ප්‍රියා සූරියසේන

Tuesday, August 29, 2017

නිම් වළල්ලෙන් එපිට සඳ රැස් - නන්දා මාලිනී

Nim Walallen - Nanda Malini

නිම් වළල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ...

පෙළ ගැසී දුර වන්දනාවක
ඉගිළ යන සමනලුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ...

දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ...

අහස් ගඟබඩ හිමවු කුළුමත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන
මා නිදන කුටියට පෙනෙන සේ...

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහගම සේකර 
සංගීතය: සරත් දසනායක 
(මහගම සේකරයන්ගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් පද පෙළකි)

Monday, August 21, 2017

හීන තිබුණට කෝටියක් - ෂ්‍යාමේන් දංගමුව

Heena Thibunata Kotiyak - Shyamen Dangamuwa

බොර වෙලා දිය වෙලා
ගලනවා ඔහෙ කාණුවේ
හොඳත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ

හීන තිබුණට කෝටියක්
අතේ නෑ එක රුපියලක්...//

හිනාවෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම් පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කර ගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ - අපිට සැපතක් ලැබෙන්නෑ...//

හීන තිබුණට කෝටියක් - අතේ නෑ එක රුපියලක්...//

ආදරේ හදපුරා දිව්වට
කිති කැවී හිත බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපි ම විද ගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ..//

බොර වෙලා දිය වෙලා.....

ගායනය: ෂ්‍යාමේන් දංගමුව
ගී පද: සද්ධාමංගල සූරියබණ්ඩාර
සංගීතය: දිනේෂ් දිසානායක
(“හාර කෝටිය“ ටෙලිනාට්‍යයේ තේමා ගීතය)

Thursday, August 10, 2017

නිලම්බරේ - නන්දා මාලිනී සහ ශක්ති

Nilambare - Nanda Malini & Shakthi

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරැළි රළ තෙරපෙන 
කලක් උදාවේවා...//

යුදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනි ගත් ජන හද
සහන් සිහිල් සුවයෙන් සැනහී...//

නිලම්බරේ.....////

තුඩින් තුඩඟ සෙත් කව් ගී රැව් දී 
සවන් යුගලැ මිණි කොඬොල් රැඳී
පහන් හැඟුම් සිත් අතර නිදන් වී
නුවන් සඟළැ උණු කඳුළු සිඳී

නිලම්බරේ.....//

ගායනය: නන්දා මාලිනී සහ ශක්ති 
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: මර්වින් පෙරේරා

Wednesday, August 9, 2017

සැන්දෑ අහසේ - ආචාර්ය දයාරත්න රණතුංග

Sande Ahase - Dr. Dayaratne Ranatunge

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා...//
සැන්දෑ අහසේ...

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ළයට තුරුළු වී
ඈ එන පෙර මග බලා සිටිනවා

සැන්දෑ අහසේ.....

දුකට මිහිර දෙන පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා

සැන්දෑ අහසේ.....

ගායනය: ආචාර්ය දයාරත්න රණතුංග
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග

Tuesday, August 8, 2017

මහ වරුසාවට - සෝමතිලක ජයමහ

Maha Warusawata - Somathilake Jayamaha

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇළදොළ පාමුල ගොළුවුණ ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට.....

ඔබ මට හමුවුණ මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුණත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට.....

ගායනය: සෝමතිලක ජයමහ
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ

Friday, August 4, 2017

එක මොහොතක් - මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ

Eka Mohothak - Mervin Perera, Amitha Vadisinghe

එක මොහොතක් ඔබ සෙවණේ 
හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් 
පමණ නැත වරම්...//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි...//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක්.....//

පිළිවෙළක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා...//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක්.....//

ගායනය: මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ
ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Thursday, August 3, 2017

කඳුළක්‌ වැටේ නම් - රෝහණ බෝගොඩ

Kandulak Wate Nam - Rohana Bogoda

කඳුළක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවද ද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේ ම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...

අප හමුවුණු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුණු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්...

කඳුළක්‌ වැටේ නම්.....

සිත සිහිනයකී නෙත එක රැයකී
යළි සසඳන්න බැරී//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගිය ද ලොවේ
එක්වන්නට බැරි නම්...

කඳුළක්‌ වැටේ නම්.....

ගායනය: රෝහණ බෝගොඩ
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Tuesday, August 1, 2017

විහාර මළුවේ - ගුණදාස කපුගේ, නිමල් ගුණසේකර

Vihara Maluwe - Gunadasa Kapuge, Nimal Gunasekera

ගු: බුද්ධං සරණං ගච්ඡාමී
නි: ආශීර්වාදිත වේවා...

ගු: විහාර මළුවේ 
නි: දේවස්ථානේ...
යුග: මිනිසුන් අභිමුව වැඩ හිඳිනා
ගු: බුදු හාමුදුරුවනේ
නි: ජේසු ස්වාමිනේ...
ගු: ලුම්බිණියෙන් නැඟි 
නි: බෙත්ලෙහෙමින් නැඟි
යුග: ඉරයි හඳයි අපෙ 
ඔබ නොවෙදෝ...

ගු: ඇස ඇස දිවගිය බුදු සිරිතේ පිටු
නි: මුව මුව රැඳැවුණු බයිබලයේ පිටු
ගු: මලල රජුන්ගේ සල් උයනේ
නි: කල්වරි කන්දේ ලේ සුවඳින්
යුග: හිමිවරු දෙනම ම සාමය ප්‍රේමය
අපට කියා දුන් පාඩම නම්...

ගු: බුදු වත කිතු වත වැඩසිටි දාතම
නි: එක යුගයක් කොට අදහන ආගම
ගු: විහාර මළුවේ ඝණ්ටාවෙන්
නි: දේවස්ථානේ සීනු හඬින්
යුග: ලොවට ම පවසමු ඒ බණ ඒ පෙම
එකට පුදා බුදු කිතු සමිඳුන්...

ගායනය: ගුණදාස කපුගේ සහ නිමල් ගුණසේකර
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ස්ටැන්ලි පීරිස්

මෙම ගීතය පසු කලෙක නිමල් ගුණසේකර සිය පුතණුවන් වන හස්මින් ගුණසේකර සමග ගායනා කළේ ය.




Monday, July 31, 2017

සුවඳැති කුසුමක - මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ

Suwandethi Kusumaka - Mervin Perera, Neela Wickramasinghe

ගැ: සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
      ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී
පි: උකුලක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුළේ සිටිමී
      මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී

ගැ: මගෙ සිත සනසන උල්පත වැනි ඔබෙ සිනා රැලී
       දැක මම පිබිදෙමි පුර සඳ දුටු කොඳ කැකුළු මෙනී

පි: මගෙ හද පිනවන ඔබෙ නෙත් පවසන රහස දැනී
     පණ නළ ඇති තුරු තනි රැක සහනය සතුට දෙමී

ගැ: සුවඳැති කුසුමක සුසිනිඳු පෙති මත සුවය වැනී
      ඔබෙ හද තුළ මට සිහිලස සැනසුම ඇතිය නිතී
පි: උකුලක නැළවෙන බිළිඳෙකු ලෙස තුරුළේ සිටිමී
      මුළු ලොව මට ඇත ඔබ ළඟ සිත සුව යහනෙ නිදී

ගායනය: මර්වින් පෙරේරා, නීලා වික්‍රමසිංහ
ගී පද: ලීනස් මෙන්ඩිස් පියතුමා
සංගීතය: මර්වින් පෙරේරා
මෙම ගීතය මෑතකදී මර්වින් පෙරේරාගේ පුත් අමල් පෙරේරා සමග නීලා වික්‍රමසිංහ ගායනා කළාය.



Thursday, July 20, 2017

පුර හඳ ලෙස - මායා දමයන්ති පෙරේරා

Pura Handa Lesa - Maya Damayanthi Perera

පුර හඳ ලෙස ඔබ සමකළ මගෙ මුහුණේ
නළලත මා සිත්තම් කළ කුංකුම තිලකේ
ඔබ දුටු ලස්සන ඇයි බොඳ වී මැකුණේ
පෙර ලෙස පැහැබර නැතිව ද නළලේ තිලකේ

ඇසුරින් මිදීලා ඔබ සමුගෙන යා දෝ
මිහිරෙන් පිරී ලොව අමිහිරි වේ දෝ
ඔබ සිටු කුමරියකට බහ දුන්නා දෝ
මට පිටුපා ඇගෙ අතිනත ගන්නේ දෝ

පුර හඳ ලෙස .....

ඔබගෙන් වියෝ වී ලොව මා තනි වේ දෝ
සිත මා විකල්වී අසරණ වේ දෝ
මගෙ සිත තුළ තෙරපෙන දුක දන්නේ දෝ
එය මා කෙලෙසක ඉවසා ගන්නේ දෝ

පුර හඳ ලෙස .....

ගායනය: මායා දමයන්ති පෙරේරා

Tuesday, July 11, 2017

ඇය යන්න ගියා මැකිලා - අමරසිරි පීරිස්

Aya Yanna Giya Makila - Amarasiri Peiris

ඇය යන්න ගියා මැකිලා
වන සිරසක තුරු සෙවණැලි අතරේ
ගී ගයමින් හිඳ මා තුරුළේ
ඇය යන්න ගියා මැකිලා
පිනි කඳුළක් මල් පෙති අග තවරා
මිහිදුම් සළුවෙන් මුහුණ වසා...

නිල්ල නිලන නිල් කඳුවැටි අතරේ
සඳ එළියේ මං පෙත පාදා
රහසක් සඟවා ගොළු වූ හදකින්
යන්න ගියා මැකිලා...

යළි කවදාවත් හමු නොවනා බව
මඳ පවනක් හිස අතගා කීව ද
අදහා ගන්නට නොහැකිය කිසි දින
ඇය යළි නො එතැයි ගිම්හානෙට පෙර

යන්න ගියා මැකිලා.....

ගායනය: විශාරද අමරසිරි පීරිස්
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: එච්.එම්. ජයවර්ධන

Monday, July 10, 2017

ඉටි පහනක් දෝ මා - නන්දා මාලිනී/ධම්මිකා වල්පොළ

Iti Pahanak Do Ma - Nanda Malini/Dhammika Walpola

සුළඟට සැලෙනා...
පළඟැටි කුරුමිණි මෙරු හැපෙනා
ඉටි පහනක් දෝ මා...
නිවි නිවි දැවෙනා..දැවි දැවි නිවෙනා...

මා වට මඳ එළියේ 
පළඟැටි සේනා සැණකෙළියේ
මිහිර බි‍‍ඳේ දෝ සිරුර සිඳේ දෝ
මා කෙළෙසී යා දෝ...

මා වත රුවට ඇදී 
අනඟ රැඟුම් පා තරග වැදී
හදවත කළඹා ගත සිත පොළඹා
නිසසළ දැහැන බිදී...

කළුවර පළස ඉරා 
මා වත දුබලව දැවෙන තුරා
වට කැරකෙන්නෝ සෙනෙහෙ මවන්නෝ
පණ නළ ගනිති සොරා...

ගායනය: නන්දා මාලිනී/ ධම්මික වල්පොළ සහ පිරිස
ගී පද: සෝමරත්න දිසානායක
සංගීතය: රෝහණ වීරසිංහ
(ඉටිපහන් ටෙලි නාට්‍යයෙන්...)

Friday, July 7, 2017

දෑස වසා සිටියා - මායා දමයන්ති පෙරේරා

Desa Wasa Sitiya - Maya Damayanthi Perera

දෑස වසා සිටියා ඔබේ රුව
ඇයිදෝ මට පෙනුණේ
සවන වසා සිටියා ඔබේ හඬ
ඇයිදෝ මට ඇසුණේ...

දිවියට සැනසුම සෙනෙහස ගෙන දුන්
ඔබ වෙනුවෙන් මා ගී ගැයුවේ
යුගයෙන් යුගයට භවයෙන් භවයට
ඔබ වෙනුවෙන් ජීවත් වූයේ...

දෑස වසා සිටියා.....

බැඳි සෙනෙහස අමතක වීලා
නිබඳව ඔබ මට පිටු පෑවේ
හදවත බැඳි ආදරය නිසාමයි
කිසිදින මා තරහා නොවූයේ...

දෑස වසා සිටියා.....

ගායනය: මායා දමයන්ති පෙරේරා
ගී පද: මාලා වජිරා පෙරේරා
සංගීතය: වික්ටර් විජයන්ත

Tuesday, July 4, 2017

ප්‍රේමය ලොව හැමතැනම ඇතී - චන්දන ලියනාරච්චි

Premaya Lowa Hamathanama Athi - Chandana Liyanaarachchi

ප්‍රේමය ලොව හැම තැනම ඇතී
හැමදෙනට ම හමුවෙලා ඇතී
එනමුදු ප්‍රේමය කිමැයි කියා
හඳුනාගත් කිසි කෙනෙකු නැතී...//

විල්තෙර දියයට දිය බුං නගනා
ප්‍රේමයෙ දිය උල්පත නිසලයි
සියපත විල මත පිබිදෙන මුත් යස
උල්පත හැමදාමත් නිසලයි
ප්‍රේමය හැමදාමත් නිසලයි

ප්‍රේමය ලොව.....

සුවිසල් රුක් ගොමු දෙරණත රදවන
ප්‍රේමයෙ මුල් පස යට සැඟවෙයි
නන් ඵල මල් දලු පුබුදන මුත් ගස
මුල් රැස කිසි කෙනෙකුට නොපෙනෙයි
ප්‍රේමය කිසි කෙනෙකුට නොපෙනෙයි

ප්‍රේමය ලොව.....//

ගායනය: චන්දන ලියනආරච්චි
ගී පද: යමුනා මාලනී පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ

Thursday, June 29, 2017

ආරොන් මාමා - ෆ්‍රෙඩී සිල්වා

Aaron Mama - Freddy Silva

ආරොන් මාමා වයසක මිනිහෙකි
ඉපදුණ අපෙ ගම්මානේ
මිනිහගෙ ජොබ් එක කේලම් කීමයි 
තැන තැන කඩපිල් ගානේ
නිතරම හීනෙන් බයවෙල වාගෙයි 
ලේ කඳුලක් නෑ මූණේ
දවසක් දා කළ වැඩක් කියන්නම් 
අහගෙන ඉන්නම ඕනේ

ආරොන් මාමා...

රටේ තොටේ වග තොරතුරු හොය හොය 
දවසක් ගම වට ඇදුණා
සාතන් අප්පුගෙ ගේ ළඟදී 
පොඩි කලබලයක හඬ ඇසුණා
මිනිහා දඬුපඬු ගහලා බිත්තිය අයිනට දුව පැන්නා
ජර මර සද්දෙට කණ දීගෙන උන්නා

ආරොන් මාමා...

ගහපිය මරපිය ඔළුවට කොටපිය 
පාළි සංස්කෘත කිව්වා
සාතන් අප්පුගෙ කොළුවා දුව පැන 
යකඩ පොල්ලකුත් හෙව්වා
කිසි සැකයක් දැන් නැහැනේ 
මිනිහෙක් මැරුවා වාගෙයිනේ
මුළු ගමට ම අණබෙර ගහමින් දිව්වා

ආරොන් මාමා...

සාතන් අප්පූ මිනිහෙක් මැරුවා 
ආරොන් ඩොලාට කිව්වා
ඩොලා ජෙමාලට ජෙමාල ජොසීට 
ජොසීල ඇගීට කිව්වා
ගමම කුලප්පුව දිව්වා
සාතන් අප්පුව හැම හෙව්වා
කඩු පොලු අරගෙන ගෙය වැටලූවා

ආරොන් මාමා...

කාව ද මැරුවේ කියපිය කියලා
සාතව අල්ලල ඇහුවා
මිනිහා හිනැහී මරාපු පොළඟෙක් 
ගෙයි මැද සාලෙන් තිව්වා
ඔළුවට ගැහුවේ මූගේ 
මූ හිටියේ ඇඳ යට මාගේ
ගැහි ගැහි කුකුළෙක් වාගේ 
ආරොන් පැනලා දිව්වා

ආරොන් මාමා.....

ගායනය: ෆ්‍රෙඩී සිල්වා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්

Wednesday, June 28, 2017

බිළිඳුනේ දරුවනේ මගේ - ග්‍රේෂන් ආනන්ද

Bilindune Daruwane Mage - Gretion Ananda

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ...//
අම්මා පෙව් කිරි කඳුළෙන් ‍
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ...

කිරි තොල් හමුවේ ඔබ පෙවු කිරිවල
සිරුරේ ලේ වැල් මල් දැරුවා
ඒ පෙව් කිරිවල පව් අරවන්නට
අම්මේ මදි මම පිං කෙරුවා
ඔබගේ ම දරුවන් රජුන් කරන්නට
හැඬුවාය සිහිනෙන් පවා...

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ...

පුර හඳ පායන පුන් පෝ දා
රහසින් රහසින් ඔබ හැඬුවා
හිරු රැස් පායන හිමිදිරියේ
රහසින් රහසින් ඔබ හැඬුවා
ඉන්නා තැනක ඉඳ පුතුනේ කියා මට
අමතන්න එන්නම් සොයා...

බිළිඳුනේ දරුවනේ මගේ පැලෙත් රජ මැදුරේ...//
අම්මා පෙව් කිරි කඳුළෙන්
මේ ලොව මෙතරම් හැඩවුණේ
හැඩ වෙවී රස පිරීතිරි ලොවක් නළවන සේ
අම්මා පෙව් කිරි කඳුළෙන් 
මේ ලොව මෙතරම් හැඩවුණේ...

ගායනය: ග්‍රේෂන් ආනන්ද
ගී පද: සෝමපාල ලීලානන්ද
සංගීතය: සෝමපාල රත්නායක

Monday, June 26, 2017

සූසැට බරණින් සැරසීලා - නීලා වික්‍රමසිංහ

Suseta Baranin Seraseela - Neela Wickramasinghe

සූසැට බරණින් සැරසීලා
නා කපනා වැහි වැටෙන වෙලේ
විසාකා තොමෝ පැමිණි විලාසෙන්
මට එන්නට බෑ නිසංසලේ...//

පමා වුණෝතින් මන්දාරම් යකු
පලාපු දර ටික තෙමා දමාවී
පමා වුණෝතින් රත්තියි පැටියයි
ඕවිට අයිනේ තෙමී නැහේවී...//

සූසැට බරණින් සැරසීලා...

පමා වුණොත් දොළ දෙගොඩ තලාලා
ඒදඬු මංකඩ අගුළු දමාවී
එහොම වුණෝතින් උපුලියි චූටියි
කඳුළු වතුර බී බලා ඉඳී වී...//

සූසැට බරණින් සැරසීලා...

ගායනය: නීලා වික්‍රමසිංහ
ගී පද: ජයරත්න ගමගේ
සංගීතය: වික්ටර් රත්නායක

Tuesday, June 20, 2017

මා හඬනා කඳුළු ගලා - නන්දා මාලිනී

Ma Handana Kandulu Gala - Nanda Malini

මා හඬනා කඳුළු ගලා
හැදුණු කඳුළු සාගරේ
ඔබ ඇය හා ඔරු පැද පැද
සිනාසුණේ ඇයි...
සිනාසුණේ ඇයි...

ඔබ දෙපසින් ගලා ගියේ
ඔබට හැඬූ කඳුළු නේද
මලක මෙලෙක තිබුණු හදක්
ගලක් කළේ ඇයි
ගලක් කළේ ඇයි...

මා හඬනා කඳුළු ගලා.....

සිවුමැලි හද රිදවන්නට
හද රිදවා හිනැහෙන්නට
ඔබ නොපෙළූ අසරණ මට
හතුරු වුණේ ඇයි
හතුරු වුණේ ඇයි

මා හඬනා කඳුළු ගලා.....

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: එච්.එම්. ජයවර්ධන

Monday, June 19, 2017

අද හවසට මා - සුජාතා අත්තනායක

Ada Hawasata Ma - Sujatha Attanayake

අද හවසට මා හමු වනු මැනවී
රැඟුම් බලන්නට කලාගාරයේ
මගෙ මේ ඇරයුම ඉවත නොලා
මගෙ මේ ඇරයුම ඉවත නොලා...

නර්තන රංගන සිතුවම් එනවා
ඔබ එහි රස විඳිනට මැළිවෙනවා
එක දවසක් හෝ ඔබ මා සමගින්
රැඟුම් බලන්නට යන්නට එනු මැන...

කෙල්ලක සතු නිදහස සීමාවෙයි
සිතු සේ දිව ඇවිදින්නට බැරිවෙයි
එහෙයින් නාවත් ඇරයුම පිළිගෙන
රැඟුම් බලන්නට හවසට එනු මැන...

අද හවසට මා.....

ගායනය: සුජාතා අත්තනායක
ගී පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන
තනුව සහ සංගීතය: ස්ටැන්ලි පීරිස්

Thursday, June 15, 2017

දවසක් තියේවී - මිල්ටන් මල්ලවාරච්චි

Dawasak Thiyewee - Milton Mallawaarachchi

දවසක් තියේවී වෙන්වුණු ඔබ මා
නැවතත් මුණගැසෙනා
කඳුළක් තියේවී මා ළඟ එදිනේ
ඔබේ නමින් ගලනා...

නටුවෙන් කඩලා මල විසිකළ විලසේ
වරදක් නැතත් මට ඔබ පිටුපෑ දවසේ
වල්මත් වුණා මා අසරණ පෙම් පියසේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී.....

හිනැහෙනවා ඔබ මා හඬනා දවසේ
නැළවෙනවා ඔබ ඔහු හා රස පහසේ
ඔබටත් ලබාවී දවසක් මට වාගේ
මට තාම නොදැනේ මොනවා වුණාදෝ
අප දෙදෙනාට ප්‍රියේ

දවසක් තියේවී.....

ගායනය: මිල්ටන් මල්ලවාරච්චි 
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: ස්ටැන්ලි පිරිස්

Wednesday, June 14, 2017

නෙතේ කඳුළු පිස දමන්න - සුනිල් එදිරිසිංහ

Nethe Kandulu Pisa Damanna - Sunil Edirisinghe

නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬ ගසන්න ඔබේ කට හඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්...

තරු පහන් නිවා දමන්න එළිය දී ඇසින්
අන්ධකාරයෙන් එබෙන්න පුන් සඳක් ලෙසින්... //

නෙතේ කඳුළු පිස දමන්න.....

සදා මෙලෙස බලා ඉන්න මහද කවුළුවෙන්
දිවා රැයේ ගලා එන්න සිහිනයක් ලෙසින්... //

නෙතේ කඳුළු පිස දමන්න.....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ

Tuesday, June 13, 2017

එක කුඩයක් යට - වික්ටර් රත්නායක

Eka Kudayak Yata - Victor Ratnayake

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...//

කිසිවෙකු සමගින් එකට තුරුළු වී
ඉර බැස යන වේලේ
ඔබ යනු දුටු විට මතකය රිදවයි
අපෙ ඉස්සර කාලේ...//

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...

මද අව් රස්නෙට වුව සෙවණක් ඇත
ඔබ හට අද දවසේ
වැස්සට අව්වට තනිව මුහුණ දෙමි
මගේ මහිම එලෙසේ //

එක කුඩයක් යට ගෑවි නොගෑවී
දවසක් හැන්දෑවේ
මතක ද ඔබ මා පියවර මැන්නා
පිනි මල් වරුසාවේ...

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
ගී පද: දෙල්තොට චන්ද්‍රපාල
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Friday, June 9, 2017

සුදු මල් පොකුරක් - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

Sudu Mal Pokurak - Prince Udaya Priyantha

සුදු මල් පොකුරක් අතින් දරා මා
ඔබේ සොහොන ළඟ තනි වී
රහසේ සැලෙනා කඳුළැලි තවරා
සිහි කරමී මගෙ පියාණනී...//

බාල වියේ ඔබ තුරුළේ
නැළවී සෙනෙහස් ඔරුවේ
සිතුවිලි අතරේ මා තනි කෙරුවේ
නැවත නොයෙන්නට ගිය ගමනේ...//

කැඩපත හමුවේ හිඳිමී
නිරතුරු ඔබෙ රුව දකිමී
කලා ලොවේ දොර අබියස සිටිමී
ඔබ සිටියා නම් සතුට දැනේ...//

ගායනය : ප්‍රින්ස් උදය ප්‍රියන්ත


Tuesday, June 6, 2017

සකුරා මල් පිපිලා - විශාරද නන්දා මාලිනී

Sakura Mal Pipila - Nanda Malini

සකුරා මල් පිපිලා හරි පුදුමයි
ගේ දොරකඩ නිල් වන පියසේ
නිදි මත නැති වී හිරු පායා ඇත
උමතු වෙසින් මහ රෑ යාමේ

මින් රළ වෙරළේ සක්මන් කළ සඳ
පා සටහන් ඇත වැලි තලයේ
නාග පිඹුරු රුදු සිංහ වලස් කැළ
ඉගිලෙති නටමින් උඩු ගුවනේ

සකුරා මල් පිපිලා.....

යන එන සෙල්ලම් රිය පෙළ අතරින්
පාසල් යන විට බෝනික්කෝ
අකුරු උගන්වති කූඹි සිසුන් හට
වයසක ගුරුවර සූටික්කෝ

සකුරා මල් පිපිලා.....

සුදම් සභාවේ අරගලයක් වී
අහසින් කොටසක් කඩා වැටී...//
වියපත් සඳවත ගේ දොර නැතිවී
හැරමිටි සරණින් බලා සිටී

සකුරා මල් පිපිලා.....

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: නන්දා මාලිනී

විශාරද නන්දා මාලිනී මහත්මිය ජපානයේ සංචාරයක් අතරතුර සකුරා මල් ගසක් පාමුල සිට මෙම ගීතයේ කොටසක් ගැයූ අයුරු...



Monday, June 5, 2017

රජ මැදුරක ඉපදී සිටියා නම් - මාලනී බුලත්සිංහල

Raja Maduraka Ipadee - Malani Bulathsinghala

රජ මැදුරක ඉපදී සිටියා නම්
නුඹත් රජෙකි පුතුනේ
හිරිකඩ බාගෙන පොල් අතු ඉගිලෙයි
අද නුඹෙ සිරියහනේ...
හීනෙන් හිනා නොවී
මා හඬවාපන් මේ රෑ යාමේ...

පුංචි පැටික්කන් මඟ දිග හඩවන සිල්ලර රසකැවිලී
දුව යන ඉගිලෙන විසිතුරු සෙල්ලම් යානා පෙනී පෙනී
අහක බලාගෙන මග දිග යන විට නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ඉද හිට මොලවන ලිපත් දනී පුත කැඳ රස සුණු සහලේ
දිව බොදුනක් සේ දිව ගා ඇල්මෙන් අකුරට දිව යන්නේ
ඇඳලා කල් ගිය රෙදි වැරලී නෑ මට වාවන්නේ
හීනෙන් හිනා නොවී මා හඬවාපන් මේ රෑ යාමේ...

රජ මැදුරක...//

ගායනය: විශාරද මාලනී බුලත්සිංහල
ගී පද: ලූෂන් බුලත්සිංහල
සංගීතය: එච්. එම්. ජයවර්ධන 

Friday, June 2, 2017

සීත අරණේ - මිල්ටන් මල්ලවආරච්චි, මාලනී බුලත්සිංහල

Seetha Arane - Milton Mallawarachchi, Malani Bulathsinghala

සීත අරණේ සුපුල් නාමල
සුවඳ ගැල්වූ ජීවිතේ
සීත හිම ගිර සීත නොදැනේ
දැනේ උණුසුම ආදරේ...//

ලතාවක් සේ වෙලී සියොලඟ
පතමි රැකවරණය ඔබෙන් //
සදා දෝතින් මලක් සේ ඔබ
වැළඳ ගන්නෙමි හදවතින්
හදවතින්

සීත අරණේ...

වලාවක් සේ අයාලේ ගිය
සිතට නිවහන ඔබ ළඟයි //
මහා කතරක ගෙවූ තනි මග
නිමා කළ ඉම ඔබ නෙතයි
ඔබ නෙතයි

සීත අරණේ...

ගායනය: මිල්ටන් මල්ලවාර්ච්චි සමහ මාලිනී බුලත්සිංහල
පද රචනය: කුලරත්න ආරියවංශ
සංගීතය: ආචාර්ය රෝහණ වීරසිංහ

('ආරාධනා' චිත්‍රපටයේ ගීතයක්)

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...