Tuesday, August 29, 2017

නිම් වළල්ලෙන් එපිට සඳ රැස් - නන්දා මාලිනී

Nim Walallen - Nanda Malini

නිම් වළල්ලෙන් එපිට සඳ රැස්
ගලන නිල් මිටියාවතේ
නිහඬතාවය තුළින් මතු වී
ඔබේ පා මුදු හඬ ඇසේ...

පෙළ ගැසී දුර වන්දනාවක
ඉගිළ යන සමනලුන්නේ
පියාපත් මත තබා ඔබ මා
අනන්තය වෙත රැගෙන යේ...

දහස් මුවෙකින් නැගෙන ඔල්වර
සිනා හඬ දසතින් ඇසේ
දහස් ගණනක් සෙනග අතරේ
මහා තනියක් මට දැනේ...

අහස් ගඟබඩ හිමවු කුළුමත
ඔබේ රන් මිණි විමානේ
පහන් දල්වා තබනු මැන
මා නිදන කුටියට පෙනෙන සේ...

ගායනය: විශාරද නන්දා මාලිනී
ගී පද: මහගම සේකර 
සංගීතය: සරත් දසනායක 
(මහගම සේකරයන්ගේ 'නොමියෙමි' කාව්‍ය සංග්‍රහයෙන් උපුටා ගත් පද පෙළකි)

Monday, August 21, 2017

හීන තිබුණට කෝටියක් - ෂ්‍යාමේන් දංගමුව

Heena Thibunata Kotiyak - Shyamen Dangamuwa

බොර වෙලා දිය වෙලා
ගලනවා ඔහෙ කාණුවේ
හොඳත් නෑ නරකකුත් නෑ
මුකුත් නෑ මේ ජීවිතේ

හීන තිබුණට කෝටියක්
අතේ නෑ එක රුපියලක්...//

හිනාවෙන්නට බලන් හිටියට
සැපක් ගැන හිත පෙරුම් පිරුවට
අනුන්ගේ සැප බලෙන් උදුරන්
අපේ කර ගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ - අපිට සැපතක් ලැබෙන්නෑ...//

හීන තිබුණට කෝටියක් - අතේ නෑ එක රුපියලක්...//

ආදරේ හදපුරා දිව්වට
කිති කැවී හිත බලන් හිටියට
දුන්න උදුරන් මල්සරාගෙන්
අපි ම විද ගත්තොත් මිසක්

අදත් නෑ හෙටත් නෑ - අපිට ආදරේ ලැබෙන්නෑ..//

බොර වෙලා දිය වෙලා.....

ගායනය: ෂ්‍යාමේන් දංගමුව
ගී පද: සද්ධාමංගල සූරියබණ්ඩාර
සංගීතය: දිනේෂ් දිසානායක
(“හාර කෝටිය“ ටෙලිනාට්‍යයේ තේමා ගීතය)

Thursday, August 10, 2017

නිලම්බරේ - නන්දා මාලිනී සහ ශක්ති

Nilambare - Nanda Malini & Shakthi

නිලම්බරේ සුදු පරෙවි රෑන් යන
දිනක් උදාවේවා
දොරින් දොරට හසරැළි රළ තෙරපෙන 
කලක් උදාවේවා...//

යුදෙන් ගලා ගිය ලෝහිත කඳුළැලි
සුනිල් සයුරු මත වැද වියැකී
බියෙන් විකල් වී ගිනි ගත් ජන හද
සහන් සිහිල් සුවයෙන් සැනහී...//

නිලම්බරේ.....////

තුඩින් තුඩඟ සෙත් කව් ගී රැව් දී 
සවන් යුගලැ මිණි කොඬොල් රැඳී
පහන් හැඟුම් සිත් අතර නිදන් වී
නුවන් සඟළැ උණු කඳුළු සිඳී

නිලම්බරේ.....//

ගායනය: නන්දා මාලිනී සහ ශක්ති 
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: මර්වින් පෙරේරා

Wednesday, August 9, 2017

සැන්දෑ අහසේ - ආචාර්ය දයාරත්න රණතුංග

Sande Ahase - Dr. Dayaratne Ranatunge

සැන්දෑ අහසේ ඉරට මුවාවෙන්
කාලය කවුළු දොරින් මිය යනවා...//
සැන්දෑ අහසේ...

ඈත අතීතෙන් පියවර නඟමින්
කණවැල අල්ලන් කවුදෝ එනවා
බලාපොරොත්තුව ළයට තුරුළු වී
ඈ එන පෙර මග බලා සිටිනවා

සැන්දෑ අහසේ.....

දුකට මිහිර දෙන පාළුව තනිකම
මා වට දැවටී කඳුළු සලනවා
අදත් එදා මෙන් නුපුරුදු සුවඳක්
ඒ අතරේ මා වෙතට ඇදෙනවා

සැන්දෑ අහසේ.....

ගායනය: ආචාර්ය දයාරත්න රණතුංග
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: ආචාර්ය දයාරත්න රණතුංග

Tuesday, August 8, 2017

මහ වරුසාවට - සෝමතිලක ජයමහ

Maha Warusawata - Somathilake Jayamaha

මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි...//

ඇළදොළ පාමුල ගොළුවුණ ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ...

මහ වරුසාවට.....

ඔබ මට හමුවුණ මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවඳයි
විටකදි නැගුණත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි...

මහ වරුසාවට.....

ගායනය: සෝමතිලක ජයමහ
ගී පද: සුනිල් සරත් පෙරේරා
සංගීතය: රෝහණ වීරසිංහ

Friday, August 4, 2017

එක මොහොතක් - මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ

Eka Mohothak - Mervin Perera, Amitha Vadisinghe

එක මොහොතක් ඔබ සෙවණේ 
හිඳින්න‍ට තරම්
කල්පයකින් අසුරු සැණක් 
පමණ නැත වරම්...//

කඳු ගිරිහෙල් රළු බොරලන පිය මග මනිමි
අහසයි පොළොවයි එක්වෙන දවසක් දනිමි...//
මල් පොකුරක එක නටුවකි ඒ බව සැබවි
එක හිත ගැන හිත් දෙකකින් නොසිතනු මැනවි

එක මොහොතක්.....//

පිළිවෙළක‍ට නැති ලෙස තරු අහසෙහි අතුරා
සඳ පමණක් සළුපිලි ඇඳ එහි වත සපුරා...//
මග සළකුණු දක්වා හිනැහෙන එලි පතුරා
බැසයනු මිස නොරැඳෙනු මැන ගඟ දිය උතුරා

එක මොහොතක්.....//

ගායනය: මර්වින් පෙරේරා, අමිතා වැදිසිංහ
ගී පද: කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Thursday, August 3, 2017

කඳුළක්‌ වැටේ නම් - රෝහණ බෝගොඩ

Kandulak Wate Nam - Rohana Bogoda

කඳුළක්‌ වැටේ නම් පිසලන්න ආයේ
ඔබ හමුවන්නේ කවද ද ආයේ
සිතේ ඇඳෙන්නේ ඔබගේ ම රුවමයි
හසරැල් දිනූ ලොව එක්‌ තැන් වෙලා
කඳුලක්‌ වැටේ නම් පිසලන්න ආයේ...

අප හමුවුණු මේ ගහකොළ කොතැනේ
සිත රිදවන්න මෙසේ//
ආදර ලොවකට කොතැන ද මායිම්
වෙන්වුණු සිත්වල මතක ලොවේ
එක්‌වන්නට බැරි නම්...

කඳුළක්‌ වැටේ නම්.....

සිත සිහිනයකී නෙත එක රැයකී
යළි සසඳන්න බැරී//
පාළුව තනිකම විඳගත හැකි නම්
ළං වුණු උන් දුර ගිය ද ලොවේ
එක්වන්නට බැරි නම්...

කඳුළක්‌ වැටේ නම්.....

ගායනය: රෝහණ බෝගොඩ
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ස්ටැන්ලි පීරිස්

Tuesday, August 1, 2017

විහාර මළුවේ - ගුණදාස කපුගේ, නිමල් ගුණසේකර

Vihara Maluwe - Gunadasa Kapuge, Nimal Gunasekera

ගු: බුද්ධං සරණං ගච්ඡාමී
නි: ආශීර්වාදිත වේවා...

ගු: විහාර මළුවේ 
නි: දේවස්ථානේ...
යුග: මිනිසුන් අභිමුව වැඩ හිඳිනා
ගු: බුදු හාමුදුරුවනේ
නි: ජේසු ස්වාමිනේ...
ගු: ලුම්බිණියෙන් නැඟි 
නි: බෙත්ලෙහෙමින් නැඟි
යුග: ඉරයි හඳයි අපෙ 
ඔබ නොවෙදෝ...

ගු: ඇස ඇස දිවගිය බුදු සිරිතේ පිටු
නි: මුව මුව රැඳැවුණු බයිබලයේ පිටු
ගු: මලල රජුන්ගේ සල් උයනේ
නි: කල්වරි කන්දේ ලේ සුවඳින්
යුග: හිමිවරු දෙනම ම සාමය ප්‍රේමය
අපට කියා දුන් පාඩම නම්...

ගු: බුදු වත කිතු වත වැඩසිටි දාතම
නි: එක යුගයක් කොට අදහන ආගම
ගු: විහාර මළුවේ ඝණ්ටාවෙන්
නි: දේවස්ථානේ සීනු හඬින්
යුග: ලොවට ම පවසමු ඒ බණ ඒ පෙම
එකට පුදා බුදු කිතු සමිඳුන්...

ගායනය: ගුණදාස කපුගේ සහ නිමල් ගුණසේකර
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: ස්ටැන්ලි පීරිස්

මෙම ගීතය පසු කලෙක නිමල් ගුණසේකර සිය පුතණුවන් වන හස්මින් ගුණසේකර සමග ගායනා කළේ ය.




ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...