Friday, July 31, 2015

වියළී ගිය දෙතනේ - ගුණදාස කපුගේ

Viyalee Giya Dethane - Gunadasa Kapuge

අපේ රටේ දරුවන් සිවු දෙනෙකුට ස්වීඩනයේ මවුපිය ස්නේහය ලැබීමේ වාසනාව උදා වී තිබේ.
–පුවත්පත් වාර්තාවක් –


පි: වියළී ගිය දෙතනේ නැත
කිරි බිදුවක් එරුණේ 
වැහැරී ගිය උකුළේ නැත
සුව යහනක් සැදුණේ
කප පවතින තුරු නොනිමෙන
සුසුමෙනි සමුගැනුණේ
හිරු ගිලිහෙන මොහොතක නුඹ
මග අයිනක රැදුණේ...

ගැ: උපන් බිමට නුඹ වැඩිවා මිසක            දුවේ 
වැදූ මවට  නුඹ වැඩියක් වී ද                      දුවේ
දුක උහුලා ඉන්නට මට හැකිය                  දුවේ
නැව් නැගිලා දුරු රටකට යන්න                දුවේ

ගැ:පෙර කළ මහා පින් මහිමෙනි
මේ දෙස උපදින්නේ
ඉපදෙනු මිස රැඳෙනා පින
ඇයි නුඹ සතු නොවුණේ
දරුවන් ඇස කඳුළින් ළය
උණු වන මිනිසුන්නේ
සරණින් ලොව කොතැනක වුව
සැනහෙන් දියණියනේ...

පි: මතු යම් දිනක සිතිවිල්ලෙන් සිටින         සඳ
දෑතක පහස සිහිනෙක මෙන් දැනේවි            ද
සිතියම් පොතින් ලොව විමසා බලන           සඳ
කඳුලක හැඩය මහ සයුරේ දකීවි                    ද

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: දයාසේන ගුණසිංහ (නොවඳිමි  සිදුහත් - 1982 කාව්‍ය සංග්‍රහයේ ඇතුළත් කවියකි)
සංගීතය: ගුණදාස කපුගේ

 

Thursday, July 30, 2015

හිරු විකසිත වී - අසංක ප්‍රියමන්ත පීරිස්

Hiru Wikasitha Wee - Asanka Priyamantha Peiris

හිරු විකසිත වී මිය යන පොළොවේ
එළිය අඳුර සම සමව බෙදයි
ගත පණ නල වන් රුධිරය මව්ගේ
කිරට හැරී කුසගිනි දුරලයි

සමුදු වදන් සවනත පාවේ
බිළිඳු ඔබේ තුරුලේ සැතපේ
ලෝකය බිහි කළ මව්නි මගේ
නුඹේ නමට මුළු ලොවම වඳී

හිරු විකසිත වී.....

හදමඬලේ සෙනෙහස් කඳුළින්
සුදු බුදු රැස් විහිදුණි අහසේ
එවන් මහිමයක් ලොවට උදා කළ
මව්නි ඔබට මුළු ලොව ම ගැතියි

හිරු විකසිත වී.....

ගායනය - අසංක ප්‍රියමන්ත පීරිස්
 

Wednesday, July 29, 2015

මීන නුවන් - සේනානායක වේරලියද්ද

Meena Nuwan Yuga - Senanayake Weraliyadda

මීන නුවන් යුග කඳුළු සදාගෙන
දුරු කතරේ තනි වූ යුවතී
නිදි නැති රෑ සුසුමන් පවනේ...//
ගැයු ගී මී බඳුනේ රැඳුණේ...//

බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි
අද වෙන් වී නුඹ හිම පියසේ
කාළ වලා නැග එන්න නබෝ ගැබ...//
බොඳ වී යයි මුදු වදන් එදා...//

සීත රටේ තනි මලට ලොබින්
ඈත ඉඳන් ආ බඹරින්දූ
දෑසේ වෙලී සැඟවෙන්න වගෙයි අද...//
මාලවිකා මා බාල ලියේ...//

මීන නුවන්.....

ගායනය: සේනානායක වේරලියද්ද
ගී පද: කපිල කුමාර කාලිංග

 

මාගේ අතීත දිවියේ - මිල්ටන් මල්ලවආරච්චි

Mage Atheetha Diviye - Milton Mallawarachchi

මාගේ අතීත දිවියේ
සැමරුම් මැකී මැකී
කුමරි ඔබේ සිනහවේ
කොහේදෝ මුලා වී...//

මාගේ කුමාර කාලේ
සෙනෙහේ අතීතයේ
පෑයූ සුපුන් සඳක් වාගේ
අප්සරාවියේ
ඇයි දෝ වෙනස් වුණේ
මහදේ වේදනා මවා...

මාගේ අතීත දිවියේ.....

අපගේ පැතුම් විමානෙන්
වෙන් වීල එක් වුණේ
භවයෙන් භවේ පැතූ
අපගේ ආදරේ නිසා
කාලේ ළඟා වුණා ආයේ
වේදනා නිවා...

මාගේ අතීත දිවියේ.....//

ගායනය: මිල්ටන් මල්ලවාරච්චි
ගී පද: සනත් ගුණතිලක

 

මට මෑණි වගේ - මනෝජ් ප්‍රනාන්දු

Mata Mani Wage - Manoj Fernando

මට මෑණි වගේ - මට පියා වගේ
මට ආදර මගේ ලංකා
ආගම ද මගේ - ජාතිය ද මගේ
මට ඉහළයි සිරි ලංකා...//

අපි දරු දැරියෝ - අපි සොහොයුරියෝ
අපි සොහෝයුරෝ - එක මව් සෙවණේ ලංකා...
අප වැඩිහිටියෝ - හැම එකමුතු වී
මැව් මව් රට සිරි ලංකා

මට මෑණි වගේ.....

අපි දරු දැරියෝ - මුළු ඉතිහාසේ
ලොව දිනුවා සේ - ජය ජය දී සිරි ලංකා
අපි පොඩි දරුවෝ - දින දින බැබලී
මතු රජ වන සිරි ලංකා

මට මෑණි වගේ.....

ගායනය : මනෝජ් ප්‍රනාන්දු
ගී පද :  ආචාර්ය අජන්ත රණසිංහ

 

Tuesday, July 28, 2015

පෙම්වතුන් සිනාසේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

Pemwathun Sinase - Prince Udaya Priyantha

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...//

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

පෙම්වතුන් සිනාසේ.....

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

පෙම්වතුන් සිනාසේ.....

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ගී පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා


 

කවුළු පියන් පත් වහන්න - කසුන් කල්හාර

Kawulu Piyan Path Wasanna - Kasun Kalhara

කවුළු පියන් පත් වහන්න සඳලු තලාවේ
ඔබ දුරයි නෙතට මා සිටිනා ලවැලි තලාවේ...//

විලක දුරක මල් පිපුණේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
සඳලු තලාවට පැල්පත දුර නම් බෝමැයි...

කවුළු පියන් පත්.....

කිරි සිනා සලන සඳවත අහසෙ ම රැඳුණාවේ
ඉඟිමරන තරු කැළුම් අහසට නොම පෙනුණාවේ
සිත ඈත අරන් යන විමනේ සඳලු තලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතු කැන් හමුවේ...

කවුළු පියන් පත්.....

ගායනය: කසුන් කල්හාර
 

Monday, July 27, 2015

සඟවා ගනු මැන - වික්ටර් රත්නායක

Sangawa Ganu Mena - Victor Ratnayake

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්...//
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද...

සඟවා ගනු මැන.....

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත...//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...

සඟවා ගනු මැන.....

ගායනය: වික්ටර් රත්නායක

ගේය පද: බණ්ඩාර කේ. වි‍ජේතුංග සංගීතය: ආචාර්ය වික්‌ටර් රත්නායක

හදවත ඉල්ලා - ප්‍රියා සූරියසේන

Hadawatha Illa - Priya Sooriyasena

හදවත ඉල්ලා නොලැබුණ විටදී
දහසක් සිතුවිලි මා හද තුළ තෙරපී
මිතුරියෙ ඔබ කෙලෙසක හෝ අමතක කරමී
නොපිරූ පෙරුමන් පුරලා කුමට ද ලතැවී...//

ඔය නෙතු අග රැඳී තිබූ
නිල්මිණි ඡායා
දැක මා හදවත සසැලී
සෙනෙහස කීවා...

හදවත ඉල්ලා.....

මතු අප උපදින භවයේ
යළි හමු වේවා
ඔය නෙතු අග සිසිල දැනී
මට ළං වේවා

හදවත ඉල්ලා.....

ගායනය: ප්‍රියා සූරියසේන

 

සඳ තරු මල් - අතුල සහ සමිතා

Sanda Tharu Mal - Athula & Samitha

ගැ: සඳ තරු මල් මට දන් දුන් මගේ රුසිරු නුඹ අරගන්
පි:  හිරු තෙදවන් මට දන් දුන් මගේ ඔටුනු නුඹ ලාගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

පි:   ගණ දෙවිඳුන් මට දන් දුන් මගේ නුවණ නුඹ අරගන්
ගැ: පතිනි මවුන් මට රැකදුන් පතිනි බලය නුඹ අරගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ...//

පි:  ඇළ දොළ ගං මට දන් දුන් හදේ සිසිල නුඹ අරගන්
ගැ: මහ වන විල් මට දන් දුන් හිතේ සුවඳ නුඹ අරගන්
දෙදෙනාම: දායාද එයයි මගේ දෝණිට අප දෙන්නාගේ

සඳ තරු මල්.....

ගායනය: අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුව
ගී පද: පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය: රෝහණ වීරසිංහ

 

Friday, July 24, 2015

සිලිල ඔබ නම් - ගුණදාස කපුගේ

Silila Oba Nam - Gunadasa Kapuge

සිලිල ඔබ නම් සරසි වෙමි මම
පෙර පිනෙනි අප හමු වුණේ
කී කතා පෑරී තැවී අද
කරුමෙකැයි කිම කියන්නේ
කරුමෙකැයි කිම කියන්නේ...

රෝස මල් සයනයේ සිහිනය
ක‍ටු ඇනී රිදුනි ද ලියේ...//
නෙත් පුරා නොතෙමන්න සළුපිලි
සිහිනෙකින් ‍රැය නිම නොවේ...

සිලිල ඔබ නම්.....

අතින් අත ගෙන ඇවිද යන සඳ
ජීවිතේ වන දුර්ගයේ...//
වැරදුණ ත් මග බලනු ආ මග
කොහේ කොතැන ද වැරදුණේ...

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ

 

Wednesday, July 22, 2015

සංසාර සාගරේ - නන්දා මාලනී

Sansara Sagare - Nanda Malani

සංසාර සාගරේ - ජීවිතේ යාත්‍රාව
ඔබ සොයා පදවන්නෙමී
ඔබ නිසා පදවන්නෙමී...

ප්‍රදීපාගාරයක ආලෝක වළල්ලක් එවාලා
ඔබ සිටින ගොඩ බිමෙහි - මං ලකුණු දල්වන්න
නැන්ගුරම් ලන තැනක - පෙනෙන සේ ඔබ ඉන්න...

සංසාර සාගරේ...//

වෙරළ වෙත සැපත් මා දෝත පා පිළිගන්න සිනාසී...
දුර්ග වූ ගමන් මග - විඩා ගිනි දුරලන්න
යාත්‍රාව පදවන්න - මා සමග එක්වන්න

සංසාර සාගරේ...//

ගායනය: නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න

 

රැළකින් තනි වී - අබේවර්ධන බාලසූරිය

Relakin Thanivee - Abeywardhane Balasooriya

රැළකින් තනි වී වන මැද සරනා
කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ
මට ඔබගේ ප්‍රේමේ...//

හබල බිඳී ගොස් - පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී - ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැළකින් තනි වී.....

තුඩ තුඩ තබමින් - නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනව ද - මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැළකින් තනි වී.....

ගායනය: අබේවර්ධන බාලසූරිය
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: රෝහණ වීරසිංහ

 

අලුත් වැස්සක් - සුනිල් එදිරිසිංහ

Aluth Wessak - Sunil Edirisinghe

අලුත් වැස්සක් වහින්නට සැරසේ
පුරුදු ආකාසේ
දිගු කාලයක් නිහඬ වී සිටි
නුඹ වගේ...
අලුත් වැස්සක් වහින්නට සැරසේ...

අහස වැසි වසිනා නමුත්
කවදා ද ඒ වැහි වහින්නේ නොදනිම්
නියං කල සැමදා නැත ත්
කවදා ද නියඟය ගෙවෙන්නේ නොදනිම්
දුකක් වින්දොත් සැපක් ළඟ ම යි
දිය දහම ඒ විලස යි
දිය දහම ඒ විලස යි...

අලුත් වැස්සක්.....

වලාකුළු අහසට ඇවිත්
මොනවා ද මේ හැටි කරන්නේ සරදම්
ඇහේ තෙරපෙන දුක නිවා.
කවදා ද වැහි බිඳු ගෙනෙන්නේ සැනසුම්
දුකක් වින්දොත් සැපක් ළඟ ම යි
දිය දහම ඒ විලස යි
දිය දහම ඒ විලස යි...

අලුත් වැස්සක්.....

ගායනය: සුනිල් එදිරිසිංහ

Tuesday, July 21, 2015

තාත්ත මට ඇනපු ටොක්ක - සුනිල් පෙරේරා

Thaththa Mata Anapu Tokka - Sunil Perera

තාත්ත මට ඇනපු ටොක්ක දවාලෙ තරු පෙනුණා
ඒ ඇරපු සත්තම්වලට කන්දෙක මගේ පිරුණා

එදා මට පෙනුණෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
අද මට පෙනෙන්නෙ ඔබ දෙවියෙක් වාගෙයි තාත්තෙ...//

ඉස්කෝලේ ගිහින් ඇවිත් පොතපත විසි කරලා
කට්ටි පැන්න දා ගෙදරට වෙට්ටු දමාලා
අහුවුණා ම බේරෙන්නට කිව්වම බොරු ගොතලා
දුන්නේ නැද්ද කණ පැලෙන්න කෙන්න්තියෙන් බැනලා...

එදා මට පෙනුණෙ ඔබව......

සංගීතෙන් ඉහළ යන්න අප උනන්දු කරලා
පුරුදු පුහුණු කෙරුවේ දරුණු නීති දමලා
අතපසුකම් උණොත් අපෙන් අඩිය පොළොවෙ ගහලා
කෑ ගැසූ හැටි මතකයි මට තරහෙන් ඔරවාලා...

එදා මට පෙනුණෙ ඔබව.....

කරපු කියපු දේවල් ගැන දැන් බැලුව ම හැරිලා
පේනව ඒ සේරම කලේ අපේ හොඳට යි කියලා
කොයි ලෝකෙක හිටිය ත් ඔබ අප හැමගෙන් මිදිලා
තාත්තෙ ඔබේ පිහිට අද ත් තියේ අපට ලැබිලා ..

තාත්තා මට ඇනපු ටොක්ක.....

ගායනය: සුනිල් පෙරේරා ප්‍රමුඛ ජිප්සීස් 
 

සිතින් මා නොසැලී සිටිද්දී - ටී.එම්. ජයරත්න

Sithin Ma Nosalee Sitiddee - T.M. Jayaratne

සිතින් මා නොසැලී සිටිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිඳිනූ මැනැවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුණු මහ වරුසා මතක් වේ
නුඹ රැඳී දෑසේ

සිතින් මා නොසැලී සිටිද්දී.....

තවම මා නොදුටූ සිනා කැන්
හමුනොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබඳේ

සිතින් මා නොසැලී සිටිද්දී.....

ගායනය: ටී.එම්. ජයරත්න

 

Monday, July 20, 2015

කඳුළ නිවන්නම් - ප්‍රියානි ජයසිංහ

Kandula Nivannam - Priyani Jayasinghe

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

මල් පූදින්නේ දැඟිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඬවන්න නොවේ

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වුණ
හිතකට එළියක්‌ ලැබ දෙන්නයි

ගායනය: ප්‍රියානි ජයසිංහ
ගී පද: අශෝක කෝවිලගේ
සංගීතය: අශෝක කෝවිලගේ



සුවඳ දැනී දැනී ‍දැනෙනවා - රූකාන්ත ගුණතිලක

Suwanda Danee Danee Danenawa - Rookantha Goonathilleke

සුවඳ දැනී දැනී ‍දැනෙනවා
උදා හිරු එළියේ අලුත් ඉරක් දෝ මේ
හිතට ගලනවා හීත බිඳු ‍බිඳු
හීන් පිනි හුළඟේ හිනස්සා හීත හැඟුම්
සුවඳ දැනී දැනී ‍දැනෙනවා...

ඊයේ නොදුටුව ලස්සන ලෝකය
අද කොයින් හෝ
හෙමිහිට ඇවිදින් මිදුල‍ දි‍ගේ මට
තුරුලු වෙනවා
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී.....

රෑන් රෑන් එන පාට පාට සමනලයෝ
පේන පේන මල සිපගන්නෝ
ආදරේ ඔච්ච‍ම් කර කර හංකිති කවනා
ආදරේ...
‍බලාපොරොත්තුව දෝත දරා
මග බලා හිඳී ඔබ එන තුරා
ආයෙ හෙට දවසක් තියේවී අද ‍‍වාගේ
ජීවිතේ සුන්දර ද මෙතරම්

සුවඳ දැනී.....

ගායනය: රූකාන්ත ගුණතිලක
ගී පද: ආචාර්ය අජන්තා රණසිංහ
සංගීතය: රෝහණ වීරසිංහ

 

Sunday, July 19, 2015

දෑස පියා ගත් කල (සුසීමා - ටෙලිනාට්‍යයේ ගීතයක්)

Desa Piya Gath Kala - Jackson Anthony, Clarence Wijewardhene

දෑස පියා ගත් කල
මට මැවෙන්නෙ ඔබෙ රුව
ඈත කඳුකරින් එන නල
ගෙනෙන්නෙ ඔබෙ හඬ

කුමාරියේ...අමතක නොවේ
ලස්සන රුවේ...සිත සැනසුවේ...

අතින් අත වෙලී
වෙරළේ තනි වූ මොහොතේ
ඈත නිම් වළල්ලේ
නෙත රැඳවුණු මොහොතේ
සිත කැළඹුණේ - ඇයි නොම දැනේ

කී දෙයක් ද - අරුමයක් ද
මට සිතා ගන්න නොහේ...

දෑස පියා ගත් කල....

රළින් රළ හැපී
පෙණ කැටි විසිරෙනු දැකලා
නිම් නොවූ සිතේ සතුටින්
හසරැල් පිපිලා
මතකය මගේ - අවදී වුණේ

ඒ එදා ය - මේ මෙදා ය
මට සිතාගන්න නොහේ...

දෑස පියා ගත් කල....

ගායනය: ජැක්සන් ඇන්තනි, ක්ලැරන්ස් විජේවර්ධන
 

Saturday, July 18, 2015

තව දවසක් - කීර්ති පැස්කුවල්

Thawa dawasak - Keerthi Pasquel

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුව ත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන් සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ...

මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජීවිතේ පාළුයි මගේ...

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ...

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ...

තව දවසක් හමු වී ඉමු මේ භවේ.....

ගායනය: කීර්ති පැස්කුවෙල්‍

ගී පද: සජිත් චතුරංග
සංගිතය: රදීෂ් වැන්දබෝනා

 

සමුගන්නේ නෑ - නාමල් උඩුගම

Samuganne na - Namal Udugama

සමුගන්නේ නෑ
වෙන්වන්නේ නෑ
කෙදිනක හෝ අපගෙ සිතුම් පැතුමන්
ඉටු වේවී...//

ආරාධනාවන් - ආයාචනාවන්...//
පිළිගත් නිසා ඔයා හමුවේවී

සමුගන්නේ නෑ.....

ආලය ස්ථිර නිසා - නොයමු අප වෙන් වෙලා...//
භවයෙන් භවේ සදා හමුවේවී

සමුගන්නේ නෑ.....//

ගායනය: නාමල් උඩුගම

 

Friday, July 17, 2015

අත්වැල ගිලිහී ('කුමාරයාණෙනි' ටෙලිනාට්‍යයේ තේමා ගීය)

Athwela Gilihee - Amarasiri Peiris

අත්වැල ගිලිහී ලොව තනි වූ දා
දකිනා පෙරමග ලකුණු නැතී
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...//

උසුළනු හැකි වෙද තණ්හා ආශා
සඟවනු හැකි වෙද සිතිවිලි මාලා
ඉවසනු හැකි වෙද සෝ දුක් සංකා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...

දෑඟිලි එක් කළ වරපට දෙදරා
සෙනෙහස වැපිරූ සරු කෙත වනසා
පුහුදුන් හදවත සෝගිනි දල්වා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...

ගායනය: අමරසිරි පීරිස්
ගී පද: සිඩ්නි චන්ද්‍රසේකර
 

Thursday, July 16, 2015

ඔබට හොරා (හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයේ තේමා ගීය)

Obata Hora (Theme song of Hiruta Muwawen Teledrama)

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා
අවිහිංසක ඔබ රිදවූයේ
කුමරෙකු වන් ඔබ වෙත බැඳී මා පෙම
තරම් නැතේ යැයි හැඟුණ නිසා...

සිතට හොරා ඔබ හද මල පැතු මා
අවිහිංසක ඔබ රිදවූයේ
ඉකිබිඳිනා හද සවනත වැකිලා
ආල සිතේ යැයි හැඟුණ නිසා...

ඔබ මා දෙලොවක මෙලෙස ම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යලි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා

ඔබ මා දෙපිළක එලෙසම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යළි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා...

ගායනය: දමයන්ති ජයසූරිය/රෝහණ බෝගොඩ
ගී පද: හර්බට් රංජිත් පීරිස්
සංගීතය: සරත් වික්‍රම

 

Wednesday, July 15, 2015

හන්තාන අඩවියේ - නන්දා මාලනී

Hanthana Adawiye - Nanda Malani

හන්තාන අඩවියේ මැදුරු කුළුණු සුදු සඳලු තලා පිස
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ
හන්තාන අඩවියේ කුසුම වදුළු තුරු සිරස හමාගෙන
මේ එන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ...

කුසින් අඩක් දළ අහරින් සකසා
කෙසඟ සිරුරු රළු යහනේ සතපා
අනියත හෙට ගැන සිතමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
නලියන රුධිරේ උණුසුම් සුසුම යි
ප්‍රේමයේ සුවඳ නොවේ...

පීඩනයෙන් පැනසර හිස ඔසවා
පෙරමුණ ගත් වරදට වෙඩි සැර කා
මළ සොයුරන් සිහි කරමින්
විද්‍යා ශිල්ප කලා වනපොත් කරනා
මානව මානවිකාවන්ගේ
පුපුරන මනසේ කකියන පැතුම යි
ප්‍රේමයේ සුවඳ නොවේ...

හන්තාන අඩවියේ.....

ගායනය: නන්දා මාලනී
 

Tuesday, July 14, 2015

සිත නිවා පහන් කළ - ගුණදාස කපුගේ

Sitha Niwa Pahan Kala - Gunadasa Kapuge

සිත නිවා පහන් කළ - සඳ එළිය නිවි නිවී
සිනා කෙළි කවට බස් - ගනඳුරට මුවා වී
මතක වක්කඩ බිඳී - සෝසුසුම් රළ නැගේ
ජීවිතේ මදින් මද - මා වෙතින් දුරස් වේ...

විශ්වය ම නිදා ගත් පාළු රෑ මැදියමේ
කඳු සිරස සිප වැළඳ සීතලට තුරුළු වේ
අන්ධකාරය ගයන සුපෙම් ගී ගායනා
මගේ දෙසවන රැඳේ හංස ගීයක් වෙලා...

සෙනෙහසින් වැළඳගෙන නොනිමි දුක් වේදනා
මහ පොළව සේ නිහඬ ජීවිතේ උහුළනා
දෑත පා විජය ටැඹ යදින මා මිතුරනේ
බැති පෙමින් ඔබ දකිමි මරණයේ කවුළුවෙන්...

සිත නිවා පහන් කළ.....

ගායනය: ගුණදාස කපුගේ



Monday, July 13, 2015

මේ ප්‍රථම වසන්තය යි - සනත් නන්දසිරි

Me Prathama Wasanthayai - Sanath Nandasiri

මේ ප්‍රථම වසන්තය යි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා...
මේ ප්‍රථම වසන්තය යි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තය යි...//

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තය යි...//

ගායනය: සනත් නන්දසිරි
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: සනත් නන්දසිරි 

 

Sunday, July 12, 2015

විසිරුණු මල් පෙති - අතුල අධිකාරි

Visirunu Mal Pethi - Athula Adhikari

විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...//

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවළක් ලැබුණ ත්
අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ

විසිරුනු මල්පෙති.....

බඹරුන් පසුපස මල් දිව නොගිය ත්
අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝ

විසිරුනු මල්පෙති.....//

ගායනය: අතුල අධිකාරි
ගී පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ


 

සුළඟේ ලෙලෙනා - ශාලිත අබේවික්‍රම

Sulange Lelena - Shalitha Abeywickrama

සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ
යාළුවො අද නැත - වෙන අය එහි ඇත
කාලය මැව් වෙනසක අරුමේ...//

ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ
අප පොත්වල දුටු - රජවරු සිටුවරු
වෙන්නයි කවුරුත් සිත් මැව්වේ...

සුළඟේ ලෙලෙනා.....//

සාම ල අමර ල - පොත් තුළ තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේ ම පාසල අපේ ම මල් විය
එදවස් අප හට නැත ආයේ...

සුළඟේ ලෙලෙනා.....//

ගායනය - ශාලිත අබේවික්‍රම
 

Saturday, July 11, 2015

ගඟ අද්දර - විජය කුමාරතුංග

Ganga Addara - Wijaya Kumaratunge

ගඟ අද්දර මා සිහිල් සෙනේ සැනහී
හද සන්තක විය අනුහස් ආසිරි ගී
ඔබ හමුවේ මා - මුව ගොළු වූවා...

ගඟ අද්දර පෙම් කැඳවුම් රස දැහැනේ
ඉහ ඉද්දර පිපි ප්‍රාර්ථනා සිහිනේ
පිබිදුනි ආශා - ගිනිසිළු සේමා...

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනව ද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ගඟ ඉද්දර පෙම් තෙපුල් පවන් අතරේ
මන පුෂ්පිත මුදු සුපුල් සිනා විසිරේ
මා හද රහසේ - බැඳුනා පහසේ

ගඟ දිය රැලි ඔබ නාඬන් කිසි දවසේ
ගඟ දිය සුළි මැද උණුසුම් සුව ගැවසේ
ඔබෙ රුව ඡායා - සැඟවේ පායා

මල්සර දුනුවර ළමැද හොවාලා ඉරණම් පවස නිවා
සංසුන් වූ තරමින් නොසැලෙනවද බාලේ බැඳි රන් දම්
ඔබ හා ආයේ ආයේ පෑහී තුෂාර සුසුම් හොවා
චමත්කාරයේ රන් රේඛා අප සැලෙන හදින් දුටුවා

ඔබෙ රුව ඡායා - සැඟවේ පායා//

ගායනය: විජය කුමාරතුංග
ගී පද: ඔගස්ටස් විනයාගරත්නම්
සංගීතය: නිමල් මෙන්ඩිස්

 

ආදර සීනුව - ග්‍රේෂන් ආනන්ද

Aadara Seenuwa - Gretian Ananda

ආදර සීනුව පෙම් ලොව දොර ළඟ රැව් දෙන්නේ
ජීවන විජිතේ ආදර දෙවඟන හිනැහෙන්නේ
ලස්සන හදවත් පමණ යි ආලය හඳුනන්නේ
මේ ආදරයට යා හැකි දුර නෑ මා දන්නේ //

කාගේ වේවා ලේ එක වාගේ දිස් වන්නේ
අහස යි මුහුද යි ළං වී දෙනුවන් රවටන්නේ
ආලය මායා සිහිනය වේදෝ නැහැ දන්නේ
කාලය විසඳුම් දෙනතුරු ඉන්න ද සිදුවන්නේ

ආදර සීනුව.....

සංසාරේ හුරු සුවඳ යි මට ඈ ගෙන එන්නේ
මාගේ දුප්පත් කමට යි ලොව එදිරිව ඉන්නේ
ජය ටැඹ පෙනුනත් ජය හිමි වේදෝ නැහැ දන්නේ
යා යුතු මාවත කොයි අත වේදෝ නෑ දන්නේ

ආදර සීනුව... //

ගායනය - ග්‍රේෂන් ආනන්ද
'ප්‍රමාද වැඩියි' ටෙලි නාට්‍යයේ ගීතයකි

Friday, July 10, 2015

සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක

Sihil Sulan Ralle - Victor Ratnayake

සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ - හදවත දලු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ...

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ.....

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...


සිහිල් සුළං රැල්ලේ.....

ගායනය: වික්ටර් රත්නායක
ගී පද: සේන වීරසේකර
සංගීතය: වික්ටර් රත්නායක


මල් පිපිලා එදා වගෙ ම - සුනිල් එදිරිසිංහ

Mal Pipila Eda Wagema - Sunil Edirisinghe

මල් පිපිලා එදා වගෙ ම
බලන්න මැණිකේ
බඹරු ඇදෙනවා
සුවඳට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...

එදා අපට පෙම්වත් සඳ
අද දරුවන්ට යි
ගලා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්න යි...

කෝඩුකාර පෙම් බස් දැන්
ඉතින් ඔවුන්ට යි
රෑට පිපෙන තරු මල්වල
රේණු ගණින්ට යි
එදා අපෙ හීන මාලිග
මෙදා උන් තනාගත් සඳ
කඩා නොලන්ට යි...

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රවී සිරිවර්ධන

 

Thursday, July 9, 2015

හිත දුර හන්දා - ආත්මා ලියනගේ

Hitha Dura Handa - Athma Liyanage

හිත දුර හන්දා නෙතු ළඟ හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔ ම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ..හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹ ම යි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඬවෙන හිත ළඟ තනියට ඉන්නේ නුඹ ම යි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකිනා ...

හිත දුර හන්දා .....//

ගායනය: ආත්මා ලියනගේ
ගී පද: රඛිත වාකිෂ්ඨ
සංගීතය: තිලිණ රුහුණගේ

 

මට නොවේ ඔබ ආදරේ කළේ - නිමල් ගුණසේකර

Mata nowe oba adare kale - Nimal Gunasekera

මට නොවේ
ඔබ ආදරේ කළේ
මගෙන් ලද ආදරයට පමණයි
ඔබ ආදරේ කළේ...//

පෙර සැන්දෑවක ඔබ හමුවන්නට
මා නොපැමිණි දවසේ
පසු දා තරහින් නොදොඩා හිටියේ
කිම ද කියන් ළඳුනේ
ආදරේ නම්...

මට නොවේ.....

පුංචි පුතා අපෙ ලොවට එකතු වී
මව් පදවිය ලද දා
මා අමතක කොට සුරතල් බැලුවේ
කිම ද කියන් ළඳුනේ
ආදරේ නම්...

මට නොවේ.....

ගායනය: නිමල් ගුණසේකර



Wednesday, July 8, 2015

ටජ් මහලක් - එච්.ආර්. ජෝතිපාල

Taj Mahalak - H.R. Jothipala

ටජ් මහලක් තනවන්න නෑ මට
ඔබෙ සෙනෙහසට හිමී
හිස් අහසේ ගෑවෙන්න තරමට
ගී සෑයක් බඳිමී...

සිහිකර ඔබ ගැන බවුන් වඩයි මන
අන්ධය දෙනයන බිහිරිය දෙසවන

ටජ් මහලක් තනවන්න නෑ මට.....

මගේ උදානය අමිල නිධානය
ඔබ ම ය ජීවය මිහිරිය දෙසවන

ටජ් මහලක්.....

තිමිර එළිය කෙරු මගෙ ලොව දිනිසුරු
තරුපති සහකරු ඔබය මියෙන තුරු

ටජ් මහලක්.....

ගායනය: එච්.ආර්. ජෝතිපාල
 

Tuesday, July 7, 2015

අහස සේ ඔබ අනන්ත යි - නන්දා මාලිනී

Ahasa Se Oba Ananthayi - Nanda Malini

අහස සේ ඔබ අනන්ත යි
සයුර සේ ඔබ අනන්ත යි..//
මේ විශ්වයේ මා දකින්නේ
ඔබ මැ පමණයි...ඔබ අනන්ත යි..

වෙණ තතක් හැඩවෙන තැන ත් ඔබ
මධු විතක් උතුරන තැන ත් ඔබ...
තෙළි තුඩක් දැවටෙන තැන ත් ඔබ
පන්හිඳක් ගැවසෙන තැන ත් ඔබ..

අඩ සඳක් සැඟවෙන තැන ත් ඔබ
රළ පෙළක් පෙරළෙන තැන ත් ඔබ..
සිසිලසක් දනවන තැන ත් ‍ඔබ
උණුසුමක් ගෙන දෙන තැන ත් ඔබ..

අහස සේ ඔබ අනන්ත යි...//

ගායනය: නන්දා මාලිනී


කරුණා සුවඳ - නිහාල් නෙල්සන්

Karuna Suwanda - Nihal Nelson

කරුණා සුවඳ තවරා ලූ හද පියුමේ
ම‍වගේ සෙනෙහස යි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාට ද අද අම්මේ
කාට ද මම අම්මේ...

ලේ කිරි ‍කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දණ ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන් කරලා
‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරෙදී ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ

කරුණා සුවඳ.....

බඩගිනි වීලා හැඬු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා
මම ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඬ ගහලා
පුතා කියූ අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මම ත් නිවන් දකිනෙම් අම්මේ

කරුණා සුවඳ.....

ගායනය: නිහාල් නෙල්සන්


Monday, July 6, 2015

ඇරඹුම ම කඳුළක් වෙලා - කසුන් කල්හාර

Aranbuma ma Kandulak Wela - Kasun Kalhara

ඇරඹුම ම කඳුළක් වෙලා
මා බලා ඉද්දී ඒ දිහා
ආ දුර ත් දුර වැඩි නිසා
අවසානයට පෙර ඈ ගියා

දුක් බරව කවියක් ලියා
එහි පද පෙළක් අඩුවෙන් තියා
අරුත පසඳින්නට කියා
අවසානයට පෙර ඈ ගියා

ශෝකාන්තය එනතුරා
එහි රැ‍ඳෙන්නට සිත් නැති නියා
අනන්තය ළඟ මා දමා
අවසානයට පෙර ඈ ගියා

ඇරඹුම ම කඳුළක් වෙලා.....

ගායනය: කසුන් කල්හාර
ගී පද: දිලීප අබේසේකර

 

Saturday, July 4, 2015

කෙදින ද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී

Kedinada Koodu Hadannata Enne - Niranjala Sarojini

කෙදින ද කූඩු හදන්නට එන්නේ
කෙදින ද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ....

බිඳුණු සෙනේ දලු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

දෙපය දොවා පිනි දිය දෝරේ
පිය බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

කෙදින ද කුඩු හදන්නට එන්නේ.....

ගායනය: නිරංජලා සරෝජිණී
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්



Friday, July 3, 2015

පුංචි පුතා මගෙ - ඇන්ජලීන් ගුණතිලක

Punchi Putha Mage - Anjeline Gunathilake

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ...

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙකු වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට...

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...

සෙනෙහස ම හදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ.....

ගායනය: ඇන්ජලීන් ගුණතිලක
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන



Thursday, July 2, 2015

මා ඔබ ළඟ අම්මේ - රූකාන්ත ගුණතිලක

Ukulata Nawath - Rookantha Gunathilaka

මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත් එදා වගේ
මා පොඩි පුතු අම්මේ
යොදුනක් ඈතින් උන්නත් මා
මා ඔබ ළඟ අම්මේ...
මා ඔබ ළඟ අම්මේ...

කටුකොහොලින් පිරි මට හිමි ලෝකේ
ඔබ සරණයි අම්මේ
රෑ දහවල් මට සෙවණැල්ලක් වෙයි
සුවඳ ඔබේ අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

උකුලට නාවත්.....

අත පය දැඩි වී වැඩිහිටි වූ මා
ඔබ සෙවණේ අම්මේ
කුරා කුහුඹුවෙකි දිය රැස් දහරේ
මතු මතු දා අම්මේ
මා ඔබ ළඟ අම්මේ...

ගායනය: රූකාන්ත ගුණතිලක

සුළඟේ පාවී - මිල්ටන් මල්ලවආරච්චි

Sulange Paavee - Milton Mallawaarachchi

සුළඟේ පාවී... ඈ වෙත යාවී
මා සිතූ සිතුම්
සිහින විමානෙන් ගෙනා
මා පැතූ පැතුම්
සිහින විමානෙන් ගෙනා
මා සිතූ සිතුම්...

පාසලේදි මා දිහා
නෙත් කොනින් බලා
ඒ කියූ රහස් කතා
නෑ සැබෑ වුණේ...

සුළඟේ පාවී.....

ගී පොතේහි මා ලියූ
ශෝක ගීතයේ
උල්පත යි ඔබේ නෙතින්
හෙළූ බැලුම් ප්‍රියේ...

සුළඟේ පාවී.....

ගායනය: මිල්ටන් මල්ලවආරච්චි

Wednesday, July 1, 2015

අපි කවුරුද - සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ

Api Kavuruda - Sangeeth & Wayo

සී  සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිවෑ
හුදකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ
නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී...
සුළඟ සේ...

මොහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ගායනා: සංගීත් විජේසූරිය ප්‍රමුඛ Wayo
ගී පද: සේනක බටගොඩ
සංගීතය: සේනක බටගොඩ



ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...