Wednesday, July 1, 2015

අපි කවුරුද - සංගීත් විජේසූරිය ප්‍රමුඛ වායෝ

Api Kavuruda - Sangeeth & Wayo

සී  සී කඩ විසිරුණු සිතිවිලි
දිය බුබුලේ නලියන පෙන කැටි වාගේ
නැතිවෑ
හුදකලාවෙ තනි වී සිටියම
සිහින ආකරේක වැටුණා වාගේ
නිමක් නෑ

මෙහොතින් මොහොතට ගෙවෙනා කාලය
දැනෙනව කාටත් එක විදිහට
ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ඉර බැස යන ගොම්මන් යාමේ
තරු එක එක දිලිසෙන ආකාසේ
ගලා හැලෙන රිද්මේ නැහැවී
ඇදී යන්නෙ ඈතින් ඈතට පාවී...
සුළඟ සේ...

මොහොතින් මොහොතට.......

ගිනියම් ඉර සඳ සිසිලස
අතරේ හොයනව හොයනව මේ අපි කවුරු ද
ගීයකි ලොව සිතුවම් කර
අතරේ අහනව බලනව මේ අපි කවුරු ද

ගායනා: සංගීත් විජේසූරිය ප්‍රමුඛ Wayo
ගී පද: සේනක බටගොඩ
සංගීතය: සේනක බටගොඩ



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...