Friday, July 24, 2015

සිලිල ඔබ නම් - ගුණදාස කපුගේ

Silila Oba Nam - Gunadasa Kapuge

සිලිල ඔබ නම් සරසි වෙමි මම
පෙර පිනෙනි අප හමු වුණේ
කී කතා පෑරී තැවී අද
කරුමෙකැයි කිම කියන්නේ
කරුමෙකැයි කිම කියන්නේ...

රෝස මල් සයනයේ සිහිනය
ක‍ටු ඇනී රිදුනි ද ලියේ...//
නෙත් පුරා නොතෙමන්න සළුපිලි
සිහිනෙකින් ‍රැය නිම නොවේ...

සිලිල ඔබ නම්.....

අතින් අත ගෙන ඇවිද යන සඳ
ජීවිතේ වන දුර්ගයේ...//
වැරදුණ ත් මග බලනු ආ මග
කොහේ කොතැන ද වැරදුණේ...

ගායනය: ගුණදාස කපුගේ
ගී පද: මහින්ද දිසානායක
සංගීතය: ගුණදාස කපුගේ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...