Sunday, July 12, 2015

විසිරුණු මල් පෙති - අතුල අධිකාරි

Visirunu Mal Pethi - Athula Adhikari

විසිරුණු මල් පෙති දෝතට ගත් තුනුවී
ඒ පෙති එක් කර මලක් සොයන බොළඳී
සරදම් නොකරමි ආදරයෙන් කියමී
විසිරුණු පෙති යළි මලක් නොවෙයි නැගණී...//

වෙරළ සොයා රළ පෙළ දිව ආවත්
වෙරළට කිසිදා දියඹ දකිනු හැකිදෝ
බඳට පියාපත් යුවළක් ලැබුණ ත්
අහස දෙකෙලවර නුඹට දකිනු හැකිදෝ

විසිරුනු මල්පෙති.....

බඹරුන් පසුපස මල් දිව නොගිය ත්
අවමන් වින්දේ මල් කුලය ම නොවෙදෝ
මෙදහම් නුවණින් නුඹ නොදුටුවොතින්
නුඹේ සුසුම් ගිනි බොල් අහස ම නොවෙදෝ

විසිරුනු මල්පෙති.....//

ගායනය: අතුල අධිකාරි
ගී පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ


 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...