Friday, July 10, 2015

සිහිල් සුළං රැල්ලේ - වික්ටර් රත්නායක

Sihil Sulan Ralle - Victor Ratnayake

සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ - හදවත දලු සෙලවේ
සිහිල් සුළං රැල්ලේ - ඔබේ සුවඳ මුසු වේ...

සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොව්තුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව්ලොවක් වේ... කතර දෙව් ලොවක් වේ...

සිහිල් සුළං රැල්ලේ.....

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ... අමා සුවය පැතුවේ...


සිහිල් සුළං රැල්ලේ.....

ගායනය: වික්ටර් රත්නායක
ගී පද: සේන වීරසේකර
සංගීතය: වික්ටර් රත්නායක


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...