Saturday, July 18, 2015

තව දවසක් - කීර්ති පැස්කුවල්

Thawa dawasak - Keerthi Pasquel

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුව ත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන් සැරේ
තව දවසක් හමු වී ඉමු මේ භවේ...

මද පවනේ මුසු කෙරුවේ
යළි නොඑනා මතක අපේ
නිදි පැදුරේ ගෙවන පැයේ
සිහි කෙරුවා සුවඳ ඔබේ
ජීවිතේ පාළුයි මගේ...

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ...

තරු දෙවැටේ පිපෙන සඳේ
දුක වැඩලා ලොවට අපේ
කිරි සයුරේ මුතු පතුලේ
සැඟව ගියා මැණික මගේ
ආදරේ ගීයක් වගේ...

තව දවසක් හමු වී ඉමු මේ භවේ.....

ගායනය: කීර්ති පැස්කුවෙල්‍

ගී පද: සජිත් චතුරංග
සංගිතය: රදීෂ් වැන්දබෝනා

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...