Tuesday, July 28, 2015

පෙම්වතුන් සිනාසේ - ප්‍රින්ස් උදය ප්‍රියන්ත

Pemwathun Sinase - Prince Udaya Priyantha

පෙම්වතුන් සිනාසේ
අප කඳුළු සලන්නේ
දෙතැනක හිඳ තනියේ
විසඳුම් සොයනු කෙසේ...//

මා තුරුළේ හිඳිනා උණුසුම් යහනාවේ
ඉකි බිඳිමින් හැඬුවා මතක ද ගං තීරේ
මගෙ ලොව ඔබ වේ නම් සැකයෙන් ඇයි ද මෙසේ
ඔබ මිස වෙන සතුටක් කොයිබ ද මියුලැසියේ...

පෙම්වතුන් සිනාසේ.....

මළ හිරු බැස යද්දී සඳු පායා ඒවී
අලුත් ඉරක් පායා හෙට දිනයක් ඒවී
අද ශෝකෙන් වෙලිලා යහනේ සැතපේ දෝ
අරුණලු උදා වෙලා මුව විකසිත වේ දෝ

පෙම්වතුන් සිනාසේ.....

ගායනය: ප්‍රින්ස් උදය ප්‍රියන්ත
ගී පද: නිහාල් ගම්හේවා
සංගීතය: නිහාල් ගම්හේවා


 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...