Tuesday, July 7, 2015

කරුණා සුවඳ - නිහාල් නෙල්සන්

Karuna Suwanda - Nihal Nelson

කරුණා සුවඳ තවරා ලූ හද පියුමේ
ම‍වගේ සෙනෙහස යි උල්පත සැනසීමේ
දුවලා ඇවිත් පෙර ලෙස මා එක පිම්මේ
අම්මා කියන්නේ කාට ද අද අම්මේ
කාට ද මම අම්මේ...

ලේ කිරි ‍කරලා මට පොවලා
මා හැදු වැඩු අම්මේ
පුංචි කාලේ දණ ගාගෙන යනකොට
නැගිටින්නට අත දුන් අම්මේ
හොඳින් නරක දේ වෙන් කරලා
‍ඔවදන් දුන් අම්මේ...
මතු සංසාරෙදී ඔබේම පුතු ලෙස
උපදින්නට පතනෙමි අම්මේ

කරුණා සුවඳ.....

බඩගිනි වීලා හැඬු විටදී
මට බත් කැවු අම්මේ
පාසල් යවලා උගන්වලා
මම ලොකු මිනිසෙකු කළ අම්මේ
ආදරයෙන් මට අඬ ගහලා
පුතා කියූ අම්මේ...
ඔබ මතු බුදු වී දහම් දෙසන විට
මම ත් නිවන් දකිනෙම් අම්මේ

කරුණා සුවඳ.....

ගායනය: නිහාල් නෙල්සන්


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...