Thursday, July 9, 2015

හිත දුර හන්දා - ආත්මා ලියනගේ

Hitha Dura Handa - Athma Liyanage

හිත දුර හන්දා නෙතු ළඟ හංගා
සිහින ගණින හින්දා ...
තනිකම හංගා ඈතක රන්දා
මතක හිත වින්දා ...
අරුත කියන සෙනෙහේ නුඔ ම වේද මන්දා..//

ඈත අතීතෙක අමතක සෙනෙහේ..හිතවත් කරනා
සිහින පොතේ කවි දහසක් අතරේ නුඹ ම යි හිඳිනා
නොමැකෙන සේ හදවතේ ඉන්න නුඔ අලුතෙන් පතනා

හිත දුර හන්දා .....

අහස වගෙයි නුඹ සිතුව අතීතේ මතකෙට නැගෙනා
හැඬවෙන හිත ළඟ තනියට ඉන්නේ නුඹ ම යි කියනා
ඉස්සර දවසක තහහම් හීනේ අයෙත් දකිනා ...

හිත දුර හන්දා .....//

ගායනය: ආත්මා ලියනගේ
ගී පද: රඛිත වාකිෂ්ඨ
සංගීතය: තිලිණ රුහුණගේ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...