Friday, July 10, 2015

මල් පිපිලා එදා වගෙ ම - සුනිල් එදිරිසිංහ

Mal Pipila Eda Wagema - Sunil Edirisinghe

මල් පිපිලා එදා වගෙ ම
බලන්න මැණිකේ
බඹරු ඇදෙනවා
සුවඳට සතර දිගන්තේ
තරහ නොගෙන සාදු සාදු
කියන්න මැණිකේ...

එදා අපට පෙම්වත් සඳ
අද දරුවන්ට යි
ගලා හැලෙන නිල් ඇළ දොළ
පෙම් කවියක් වෙයි
එදා අප වෙලී ගිය මග
මෙදා උන් බැඳී යන සඳ
තරහ නොගන්න යි...

කෝඩුකාර පෙම් බස් දැන්
ඉතින් ඔවුන්ට යි
රෑට පිපෙන තරු මල්වල
රේණු ගණින්ට යි
එදා අපෙ හීන මාලිග
මෙදා උන් තනාගත් සඳ
කඩා නොලන්ට යි...

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රවී සිරිවර්ධන

 

1 comment:

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...