Saturday, July 4, 2015

කෙදින ද කූඩු හදන්නට එන්නේ - නිරංජලා සරෝජිණී

Kedinada Koodu Hadannata Enne - Niranjala Sarojini

කෙදින ද කූඩු හදන්නට එන්නේ
කෙදින ද කූඩු වෙලා අප ඉන්නේ
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ....

බිඳුණු සෙනේ දලු ලියලාලා විත්
වනපෙත ඒකාලෝක කෙරේ
මා ප්‍රිය හිමි ඔබ වී විඩාවෙන්
දුර එනතුරු දොරකඩ රැක ඉන්නට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

දෙපය දොවා පිනි දිය දෝරේ
පිය බිරිඳක වූ දා නේද අගේ
මා හිස සිඹ දොඩලා කතන්දර
රසමසවුළු සුවදේ තුඩ තබනට
සෞම්‍ය ප්‍රේම සඳ කිරණේ
කවදා තනි වන්නේ.....

කෙදින ද කුඩු හදන්නට එන්නේ.....

ගායනය: නිරංජලා සරෝජිණී
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...