Monday, July 27, 2015

සඟවා ගනු මැන - වික්ටර් රත්නායක

Sangawa Ganu Mena - Victor Ratnayake

සඟවා ගනු මැන ඔබෙ රුව සොඳුරියේ
අනෙකෙකු නෙත් ඔබෙ මුව මත ගැටෙතැයි
මා හද බිය වී
සැලී සැලී යයි...//

මහ වන පියසෙක අඳුරු ගුහාවෙක
යම් දිනයෙක ඔබ සඟවා තබනෙම්...//
හිරු රැස් බිඳකුදු ඔබෙ රුව දුටු සඳ
ඉරිසියාවෙන් පිරැවෙයි මා හද...

සඟවා ගනු මැන.....

සොමි සඳ වත ලෙස රුසිරු නොවිණි නම්
දහසක් නෙත් ඔබ දුටුව ද කම් නැත...//
එනමුදු ඊයේ මට පෙන්වූ රුව
තව නෙත් දෙකකට හිමි විය යුතු නැත...

සඟවා ගනු මැන.....

ගායනය: වික්ටර් රත්නායක

ගේය පද: බණ්ඩාර කේ. වි‍ජේතුංග සංගීතය: ආචාර්ය වික්‌ටර් රත්නායක

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...