Monday, July 20, 2015

කඳුළ නිවන්නම් - ප්‍රියානි ජයසිංහ

Kandula Nivannam - Priyani Jayasinghe

කඳුළ නිවන්නම් නෙත නොතෙමනවා නම්
තනියට ඉන්නම් තනි නොකරනවා නම්
මතකයෙ ඉන්නම් අමතක නොමවේ නම්
සෙනෙහෙ පුදන්නම් හිත නොරිදනවා නම්

මල් පූදින්නේ දැඟිලි අතරේ
තැලී පෙලී මියැදෙන්න නොවේ
සෙනෙහෙ පුදන්නේ සෙනෙහෙ ලබන්නයි
හිත රිදවා හඬවන්න නොවේ

සඳ පායන්නේ හිරු නැති ලෝකේ
ඝනඳුර දුරු කරවාලන්නයි
සෙනෙහෙ පුදන්නේ අඳුරේ තනි වුණ
හිතකට එළියක්‌ ලැබ දෙන්නයි

ගායනය: ප්‍රියානි ජයසිංහ
ගී පද: අශෝක කෝවිලගේ
සංගීතය: අශෝක කෝවිලගේ



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...