Thursday, July 16, 2015

ඔබට හොරා (හිරුට මුවාවෙන් ටෙලිනාට්‍යයේ තේමා ගීය)

Obata Hora (Theme song of Hiruta Muwawen Teledrama)

ඔබට හොරා ඔබ වෙත සෙනෙහස පා
අවිහිංසක ඔබ රිදවූයේ
කුමරෙකු වන් ඔබ වෙත බැඳී මා පෙම
තරම් නැතේ යැයි හැඟුණ නිසා...

සිතට හොරා ඔබ හද මල පැතු මා
අවිහිංසක ඔබ රිදවූයේ
ඉකිබිඳිනා හද සවනත වැකිලා
ආල සිතේ යැයි හැඟුණ නිසා...

ඔබ මා දෙලොවක මෙලෙස ම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යලි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා

ඔබ මා දෙපිළක එලෙසම ඉමු අප
යනු බැහැ දෙවය පිටුපාලා
එලෙසම යළි හෙට හිරු පායන සඳ
හෙළිවේ බැඳී පෙම හිරුට හොරා...

ගායනය: දමයන්ති ජයසූරිය/රෝහණ බෝගොඩ
ගී පද: හර්බට් රංජිත් පීරිස්
සංගීතය: සරත් වික්‍රම

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...