Tuesday, June 30, 2015

සඳ නැ‍‍ඟෙනා තුරු - ඩබ්ලිව්.ඩී. ආරියසිංහ

Sanda Nagena Thuru - W.D. Ariyasinghe

සඳ නැ‍‍ඟෙනා තුරු තනි මේ රාත්‍රියේ
මී මල් සුවඳක් අරන් ඇදෙන සුළ‍ඟේ
බමරෙකු ඇදුණා ඒ මල් සුවඳ දිගේ
මලේ සුවඳ මට දැනුණා හීන් සැරේ..

ඉරිමා උදයේ සිහිනය සිතක සදා
ඔබේ මගේ  හද හැඟුමන් පුබුදු කළා
එවන් අතීතේ මිහිරක් හිතේ තියා
කඳුළු විලේ රත් පියුම් පිපී තිබුණා..

සඳ නැගෙනා තුරු.....

බාල වියේ බැඳි ‍සෙනෙහස තුරුළු කරන්
සදා සොඳුරු ලොව තව මල් පීදියන්
සිහිනය සේ ඔබ ඈතින් ඇදෙන ලෙසින්
සඳ ත් රැය ත් මගෙ තනියට ළඟ ම ඉඳින්..

සඳ නැගෙනා තුරු.....

ගායනය: ඩබ්ලිව්.ඩී. ආරියසිංහ
ගී පද: දයානන්ද රත්නායක
සංගීතය: එච්.එම්. ජයවර්ධන


හන්තානට පායන සඳ - අමරසිරි පීරිස්

Hanthanata Payana Sanda - Amarasiri Pieris

හන්තානට පායන සඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න...

අදුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න...

හන්තානට පායන සඳ.....

ළතා මඬුලු අත වනාවී
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලි කර
මහවැලියට දමන්න...

හන්තානට පායන සඳ.....

ගායනය: අමරසිරි පීරිස්
ගී පද: ධම්මික බණ්ඩාර

සංගීතය: ඩැනිස්ටර් පෙරේරා

අම්මා සඳකි - ටී.එම්. ජයරත්න

Amma Sandaki - T.M. Jayarathne

අම්මා සඳකි මම ඒ ලොව හිරු ය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී
රැකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුණා මදී

සිරුරේ දුවන්නේ මගේ ලේ නොවැ පුතුනේ
කුසයේ නොදැරුව ත් දිවි බර මට දැනුණේ
මහමෙරකට උස යි දරු පෙම හද පතුලේ
පුදුම යි පුතුනි කිම මගේ ලේ කිරි නොවුණේ

මවකට මුවා වී නුඹ වෙත දිරි දුන්නේ
මම වෙමි පුතුනි එය මා පමණ යි දන්නේ
පිය සෙනෙහස නැති ද දරුවනි හඳුනන්නේ
අම්මාවරුන් පමණ ද මතු බුදු වන්නේ

අම්මා සඳකි....

ගායනය: ටී.එම්. ජයරත්න
ගී පද: මාලිනී ජයරත්න
සංගීතය: රෝහණ වීරසිංහ


ආදරයේ උල්පත වූ අම්මා - වික්ටර් රත්නායක

Adaraye Ulpath Wu Amma - Victor Rathnayake

ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ
ඔබ මතු බුදු වන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැඟිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරි වතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක් වන් නැළැවිලි ගීයෙන්
මතකයි මා නැළැවූවා
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජිවිතයට කිරි දී පණ දී
මා දැඩි කළ අම්මා...

ආදරයේ උල්පත වූ......

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ළබැඳී
ගෙන දී දිවියට නව පණ ලැබ දී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ......

ගායනය: වික්ටර් රත්නායක
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක


Monday, June 29, 2015

මගෙ හිත පිරී තිබෙන්නේ - නිරංජලා, අබේවර්ධන

Mage Hitha Piree Thibenne - Niranjala, Abeywardhane

මගෙ හිත පිරී තිබෙන්නේ
ඔබ ගැන සිතිවිල්ලෙන්
වෙන කිසිවකු ගැන හිතන්න
‍හදවතට ඉඩක් නැහැනේ...

මගෙ නෙත රැඳී තිබෙන්නේ
ඔබගේ සඳ මුහුණ යි
වෙන කිසිවකු හෝ දකින්න
‍දෙනුවනට ඉඩක් නැහැනේ...

අප ළං කරවා
කාලය පියඹා
ආලය ගැන විමසයි...
කවුරුන් වේවා
හමු වූ මොහොතේ
මට ඔබ ගැන පවසයි...

මගෙ හිත පිරී තිබෙන්නේ...

කඳුළැල් මැදුරේ
හසරැල් නැවතී
සෙනෙහස ගැන පවසයි
පීදෙන පියුමන්
දලු ලන තුරු වැල්
මට ඔබ ගැන පවසයි

වසන්තය කියන්නේ ඔබට යි මට යි///

ගායනය - නිරංජලා සරෝජිනී, අබේවර්ධන බාලසූරිය
ගී පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
සංගීතය - වික්ටර් රත්නායක


ත‍ටු ඇවිල්ලා - අමරසිරි පීරිස්

Thatu Awilla - Amarasiri Peiris

ත‍ටු ඇවිල්ලා
ඔබ ඔහේ යනවා
කොහොම කීවත්
නවත්වන්නට බෑ
ප්‍රේම ආලින්දයේ
එන්න නවතිමු
පය ගසාගෙන
මේ සොඳුරු පොළොවේ...

කෙසේ නම් මම නවත්වන්න ද
මල් රේණු රේණු සැලෙනා
හිවුඩු පිපෙනා පැතුම් පුරනා
අහස යට ඔබ පාවී යන්නා
තෙත සිඳුණු බොල්
හීන සුළඟ දිගේ...

ත‍ටු ඇවිල්ලා.....

නෙළූ පලවැල මග දමන්න ද
දෙපා උඩුකුරු හිසින් බිම හිඳිනා
කුරුළු බිළිඳූ හෙලන කඳුළු
මහමෙරක් යට
තනිව මා උන්නා...

ත‍ටු ඇවිල්ලා.....

ගායනය - අමරසිරි පීරිස්
සංගීතය - සමන්ත පෙරේරා
ගී පද - උපුල් ශාන්ත සන්නස්ගල


පවනට සැලෙනා දොඹ මල් සුවඳින් - ටී.එම්. ජයරත්න

Pawanata Salena - T.M. Jayaratne

පවනට සැලෙනා දොඹ මල් සුවඳින්
ආදර හසරැලි මුවට නැගෙයි දෝ
සවනට කොඳුරා පවසන වදනින්
ආදර හැඟුමන් සිතට දැනෙයි දෝ...

මල් ඇතිරුණු ඒ සුව යහනේ ඔබ
අඩවන් දෙනෙතින් ආල වඩයි දෝ
මා ඇකයේ සිට පොඩි පුතු හඬනා
ඒ දුක්බර හඬ ඔබට ඇසෙයි දෝ...

ඇකයේ සිට මා පුතු හඬනා සඳ
ලේ කිරි වීදැයි නොදනිමි මා ළඟ
අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ
දුටුවේ වැගිරුණු කඳුළු පමණි ළඟ...

පවනට සැලෙනා....

ගායනය: ටී.එම්. ජයරත්න
ගී පද: ධර්මසිරි බණ්ඩාරනායක
සංගීතය: ප්‍රේමසිරි කේමදාස


Sunday, June 28, 2015

සිනහවෙනු මැන වේදනා පිසදා - සුනිල් එදිරිසිංහ

Sinaha Wenu Mena - Sunil Edirisinghe

සිනහවෙනු මැන වේදනා පිසදා....
වේදනා පිසදා....

වෙරළ රළ හා තරහ වී නැත
මියුරු සර වෙණ හා බිඳී නැත
අහස සඳු හා උරණ වී නැත
අතීතය මගෙ හදවතේ නැත...

සිනහවෙනු මැන වේදනා පිසදා....
වේදනා පිසදා....

කඳුළ දොම්නස නසන්නට නම්
බඹර ගුම් නද අසන්නට නම්
මියුරු ගී කවි ගයන්නට නම්
වසන්තය ගැන සිතන්නට නම්....

සිනහවෙනු මැන වේදනා පිසදා....
වේදනා පිසදා....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කේ. ඩී. කේ. ධර්මවර්ධන
සංගීතය: වික්ටර් රත්නායක


සිනා පිපෙනා මේ වසන්තය - සමිතා, ලක්ෂ්මන්

Sina Pipena Me Wasanthaya - Samitha, Lakshman

සිනා පිපෙනා මේ වසන්තය
නෙළා දෝතින් මලක් සේ
මගේ ලොව වෙත ඔබ යි ගෙන ආවේ
සිනාසී....ඔබ යි ගෙන ආවේ
වසන්තය මලක් සේ....

නිබඳ සුවඳ යි ඔබ නිසා මට
ගම මැදින් හමනා පවන සිහිලැල්
ගම් දොරින් පිට මං නොවේවා
නැවුම් සුහුඹුල් යෞවනේ හසරැල්

නිසල සිතිවිලි සසල තුරුලිය
අතර තනි‍ වෙමි ඔබ නිසා සතුටින්
අහස සමුදුර වැළඳ සැනසෙන
තැනක සඟවමි හද සෙනේ සුසුමින්

සිනා පිපෙනා....

ගායනය: සමිතා මුදුන්කොටුව, ලක්ෂ්මන් විජේසේකර
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: ලක්ෂ්මන් විජේසේකර


රණ බිම මැරුණේ සිංහලයෙකු නම් - චන්ද්‍රිකා සිරිවර්ධන

Rana Bima Marune Sinhalayeku Nam - Chandrika Siriwardhana

රණ බිම මැරුණේ සිංහලයෙකු නම්
පපුවේ වෙඩි සලකුණු ඇත්තේ
සතුරට ළය දී මිස මැරුණේ නෑ
ලේ පැල්ලම් නෑ පිට පැත්තේ //

මව් බිම ජයගනු බැරි නම් මරණය
දෙකින් එකකි මින් ජය ගත්තේ
මිහිකත සිපගෙන මිය ගිය ඇත්තොයි
සුරපුරයට කැඳවා ගත්තේ

රණ බිම මැරුණේ......

මල් යහනාවක් මත සුව මරණය
හෙළ විරුවන් හට උරුම නැතේ
කිසිදා නොමියෙන මල් පුබුදිනවා
විරුවන් මළ රණ බිම මත්තේ

රණ බිම මැරුණේ......

ගායනය: චන්ද්‍රිකා සිරිවර්ධන
ගී පද: සමන් චන්ද්‍රනාත් වීරසිංහ

Saturday, June 27, 2015

මාතොටින් එන උතුරු හුළඟේ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

Mathotin Ena - Deepika Priyadarshani Peiris

මාතොටින් එන උතුරු හුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි - මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවිය යි නුඹ - ඒත් අපි එක පන්තියේ...

කර වටින් අත දමා හිනැහුණු - කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක - උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් - අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් දුවේ කවුරුන් - නුඹ රකීවි ද සෙනෙහසින්...

මාතොටින් එන....

මන්දිරේ දොර නුඹව කැඳවයි - බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට - අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්න ද - ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවා ගන්නට - දුවේ ඩිංගක් හිනැහියන්...

මාතොටින් එන...

ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද: මහින්ද දිසානායක



Friday, June 26, 2015

ඔබට සිත ආදරේ කරයි - දයාරත්න පෙරේරා

Obata Sitha Adare Karayi - Dayaratna Perera

ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොළු වී සිටී
නැගුණ සෙනෙහේ කියනු බැරි වී
මගේ සිත වේදනා විඳී...
ඔබට සිත ආදරේ කරයි....

ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳින් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැති දෝ මා කෙරේ..

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේ ද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේ ද මා වෙතේ...

ඔබට සිත ආදරේ කරයි...

ඔබේ පෙම් ලොල් හදේ නොකැළැල්
ලැගුම් සොයමින් නුවන් අයා
යොවුන් බිඟු දැල් හෙළූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා...

මගේ විජිතේ සිනා නොමැතේ
විඩාපත් වේ ද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන් වේ ද මා වෙතේ...

ඔබට සිත ආදරේ කරයි...

ගායනය: දයාරත්න පෙරේරා
සංගීතය: දයාරත්න පෙරේරා


යදමින් බැඳ විලංගු ලා - නන්දා මාලනී

Yadamin Banda Vilangu La - Nanda Malani

යදමින් බැඳ විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
ඉඳිකටු ඇන ඇඟිලි තලා දෙතිස් වදය පමුණුවන්න
අලුත් ලොවක් ගැන සිතීම දඬුවම් දෙන වරද නම්
කුමට එරට අධිකරණය නීතිය සහ විනිසුරන්...

කකා බිබී නටන අතර නරුම යහළු යෙහෙළියන්
පන්දු කෙළින අතර ඉහළ පාසල්වල අමනයින්
රට ගිනි ගෙන ඇති වග දුටු මගේ එක ම පුතණුවන්
එගිනි නිවන මග සෙවීම වරදක්දැයි මට කියන්

ගිනි ගන්නා රටක සිටින මී හරකුන් වැනි පුතුන්
කුමට ද මට මහ විරුවෙකි, සිර ගෙයි මළ මගෙ පුතුන්
කොටි ගණන් බිහි වේවා මගෙ පුතු වැනි තව පුතුන්
කිරි මව් ලෙස මම ඉන්නම් එවන් පුතුන් ළඟ උතුම්

යදමින් බැඳ....

ගායනය: නන්දා මාලනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: සරත් දසනායක


සිනා තොටක් විය - නිරෝෂා විරාජිණී

Sina Thotak Wiya

සිනා තොටක් විය ඔබ පාමුල මා ලද සරදම්.
මහෝඝයක් විය ඔබෙන් ලැබූ අපමණ අබිමන්
නොහඬා ඉන්නම් ගිලිහුණු දා පෙම් ලොව මල් දම්
දුටුව නිසා ආදරයේ දෙව් රුව ඔබගෙන් මං...

බෝසත් ඔබ සිත ළඟ උවැසිය වී දැහැනට වී
සිටියා මිස නොදනිමි කොහි සිටියාදැයි මලවී
පුදසුන් මත මිය යද්දී සහසක් මල් පර වී
නොපිදූ මල තවමත් ඇත ඔබ ගැන බැති බර වී

සිනා තොටක් විය...

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරි නම් එව සැපකී
ඔබට ළංව දුක බෙදාගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිර ගෙයකී
එවන් ලොවක මේ හමු වීම ත් වාවනු නොහැකී...

සිනා තොටක් විය...

ගායනය: නිරෝෂා විරාජිණී
ගී පද: බන්දුල නානායක්කාරවසම්
සංගීතය: රෝහණ වීරසිංහ


Thursday, June 25, 2015

කතරක තනි වී... - මර්වින් පෙරේ‍රා


Katharaka Thaniwee

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටිය ද ම හද ගිනි ගනී
ගිම්හානය පැමිණී එක් තැන ම නොම රැඳේ
පැමිණෙන දුක් පැණි රස බව නොසිතුණි ද ලඳේ...

සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සඳ නොදනින නමුදු සඳට එළිය හිරුගෙනී
ඔබ නොදන්න නමුදු ඔබට සෙවන මම වෙමි
සෙනෙහස හද තුළ උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬව ම හිනැහෙමී....

විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමට ද නැති විට මුව මුකුළු
විසල් තුරු මුදුන් ඵල නැත නොපිපුණු කැකුළු
දසන් දෙතිස කුමට ද නැති විට මුව මුකුළු
ගඟක් ලෙස ගලා විත් නැමි නැමී දඟ වැදී..
මගෙත් දෙපා සිප ගනු මැන සිහිල සිතට දී...

ගායනය: මර්වින් පෙරේරා
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: මර්වින් පෙරේරා


තනි තරුවේ - වික්ටර් රත්නායක

Thani Tharuwe

තනි තරුවේ...තනි තරුවේ
ඔබ ත් ඔහොම ඉන්න - මම ත් මෙහෙම මෙතැන ඉන්නවා..

නෙතග නෙතග පැටලි පැටලි - මුවග මුවග ඇලලි ඇලලි
නෙතග නෙතග පැටලි පැටලි - මුවග මුවග ඇලලි ඇලලි
මෙතෙක් දුරක් එක්වී පැමිණී....

තනි තරුවේ...

ම හද අරණෙ ළතැවි ළතැවි - රැ‍ඳෙනු බැරිව ඉගිලි ඉගිලි
ම හද අරණෙ ළතැවි ළතැවි - රැ‍ඳෙනු බැරිව ඉගිලි ඉගිලි
මගෙන් ඉවත ඇදිලා යන්නේ....

ගායනය: වික්ටර් රත්නායක
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක



Wednesday, June 24, 2015

කුරුල්ලන්ට ගී ගයන්න - වික්ටර් රත්නායක

Kurullanta Gee Gayanna - Victor Ratnayake

කුරුල්ලන්ට ගී ගයන්න ඔබෙ කටහඬ දෙන්න
නෙළුම් විලේ මල් පිපෙන්න ‍ඔබෙ දෙකොපුල දෙන්න
මැණික්වලට දිස්නෙ දෙන්න ඇසේ කැළුම් දෙන්න
නා දල්ලට පාට දෙන්න ඔබෙ තොල් පෙති දෙන්න...

ගලන ගඟට රළ නගන්න ඔබෙ කඳුළැලි දෙන්න
ඉරට හඳට එළිය දෙන්න ඔබෙ හසකැන් දෙන්න
නීල වලා සළු එලන්න ඔබෙ කෙහෙරැලි දෙන්න
දේදුන්නට හැඩය ගන්න ඔබෙ නෙත් බැමි දෙන්න

කුරුල්ලන්ට ගී ගයන්න.....

තණ නිල්ලට ඔබෙ දෙපතුල මොළකැටි බව දෙන්න
නල රැල්ලට ඔබේ සුසුම්වල සිහිලස දෙන්න
ජීවත් වන ඩිංගට මට සැනසිල්ලෙන් ඉන්න
එපා මැණිකෙ හිත පමණක් කිසිවෙකුට ත් දෙන්න

කුරුල්ලන්ට ගී ගයන්න.....

ගායනය: වික්ටර් රත්නායක
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: වික්ටර් රත්නායක

Sunday, June 21, 2015

සඳ මා හා සිනාසුණා - දයාරත්න රණතුංග

Sanda Ma Ha Sinasuna

සඳ මා හා සිනාසුණා
තරු මා හා කතා කළා
ඔබ මා හා සිනාසුණේ නෑ
ඔබ මා හා කතා කළේ නෑ...

පුරා පෝය හඳ අහසට එන විට
මා යනවා බෝ මළුව දිහාවට
බෝ මළුවේ හිඳ පහන් කුළුණු යට
පෙරුම් පුරනවා ඔබ දැක ගන්නට...

සඳ මා හා....

පුරා පෝය හඳ පායන විලසට
ඔබ එනවා බෝ සමිඳු පුදන්නට
නාඳුනනා ලෙස ආපසු යන විට
සුසුම් නැගෙනවා හද උතුරන්නට...

සඳ මා හා.....

ගායනය: ආචාර්ය දයාරත්න රණතුංග

Friday, June 19, 2015

ඔබේ ආදරේ - මර්වින් පෙරේරා

Obe Adare

ඔබේ ආදරේ
දෙවන පෑ තිස් රජ දවසේ
ශිලා ලිපියක් වගේ ‍
ශිලා ලිපියක් වගේ....

අවු වැසි වතුරින් පිඩිත වී
බිඳී තැනින් තැන අකුරු මැකී...//
කියවා ගන්නට බෑ...
වටහා ගන්නට බෑ...//

ඔබේ ආදරේ....

මහ වන වදුලේ අසරණ වී
සියවස් ගණනක් නටඹුන් වී...//
ඉස්පිලි පාපිලි නෑ...
බෙදුණු වදන් වැකි නෑ... //

ඔබේ ආදරේ.......

ගායනය: මර්වින් පෙරේරා
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: පුණ්‍යසිරි මහවත්ත

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට - කරුණාරත්න දිවුල්ගනේ

Oba Ma Hamuwuna Me Ira Handa Yata

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට
කොතැනක හිටියත් මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුළු කර මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...

කඳුළ සුසුම නොහෙළා නොදොඩා අප
මිරිඟු සයුර වෙත පියමං කළ හැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ළඟ තනියට ඉනු මැනවී...
මගෙ ළඟ තනියට ඉනු මැනවී...

ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට.......

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ

Thursday, June 18, 2015

හදේ කොතැනක හෝ හිඳී ඔබ - සුනිල් එදිරිසිංහ

Hade Kothanaka ho

හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
මුදා සුව දැහැනින්
පෙළයි මා වෙළා හස රැහැනින්...

සයුර ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පළා ගිය ඔබ
දවයි මා ... අද
තනිවෙනා මොහො‍තින්...

උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම්..... ඔබ
මැකී යනු මතකෙන්....

හදේ කොතැනක හෝ හිඳී ඔබ....

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ

ලෙන්චිනා‍ මගෙ නංගියේ - සුනිල් එදිරිසිංහ

Lenchina Mage Nangiye

ලෙන්චිනා‍ මගෙ නංගියේ ඇයි
ගං තෙරට වී ගොම්මනේ....//

පෙත්තරේ ළඟ පැන්තොටේ
ගම්මානයේ පව් සෝදනා
රත්තරන් වී කළු වලාකුළු
චන්ද්‍රයා සේ පායනා
ලෙන්චිනා ඇති වැඩ කළා දැන්
ගෙදර යං කළුවර වුණා....

ලෙන්චිනා‍ මගෙ නංගියේ...//

පින්වතුන් කැළ ඇන්ද සළුපිලි
සේදුවා නුඹ සේදුවා
තාම නෑ පිලී කුණු ගිහින් ඒ
කිම් ද නොදැනේ කාරණා
සේදිලා පරිසුද්ද වීමෙන්
යුග දෑත් නුඹෙ බබළනා...

ලෙන්චිනා‍ මගෙ නංගියේ....//

ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: රත්න ශ්‍රී විජේසිංහ

ඉපිද මැරේ යළි ඉපිදේ - ඩබ්ලිව්.ඩී. අමරදේව

ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ - නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ - නොතිර සසර සාගරේ

කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටෙකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආ දා
යන්නට සිදුවන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ

කුණු කය නිසරු යි නැත පවතින්නේ
කළ හොඳ පමණ යි මෙලොව රැඳෙන්නේ
නැති බැරිකම ලෙඩ දුක් ඇති වන්නේ
අපට යි මිනිසුනේ - ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ

ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: එඩ්වින් සමරදිවාකර

Wednesday, June 17, 2015

මලක් වුණේ ඇයි නුඹ මට - අමරසිරි පීරිස්

MALAK WUNE AYI NUBA MATA

මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සදන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...

පහන් තාරකාවක් සේ
ජීවිතයේ මග කීව ද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්

කියන්න...

මලක් වුණේ ඇයි නුඹ මට....

සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුව ද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්

කියන්න....

මලක් වුණේ ඇයි නුඹ මට....

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි

රුවක් ඇදෙනවා - ගුණදාස කපුගේ

RUWAK ADENAWA

කපුගේ: රුවක් ඇදෙනවා - කවුදෝ එනවා
             මීවිත ඇඳිරිය - දෑස වසනවා
දිවුල්:    හද පොදි බැඳි දුක - දියකර පා කර
             ඔබේ ලොවට මා - මොහොතින් එනවා....

කපුගේ: සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
             කිම තොල මීවිත පොඟවන්නේ
දිවුල්:     නුරා විරහ ගිනි නිවා දමන්නයි
              සුරා විතින් මා දෙතොල තෙමන්නේ..

දිවුල්:     නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
             හතර වටින් දලු ලා එනවා
කපුගේ:  අවන්හලේ මීවිත තනි කරලා
             වරෙන් මලේ පියවර නගලා...

             රුවක් ඇදෙනවා....

ගායනය - ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද දිසානායක
සංගීතය - ගුණදාස කපුගේ

ආදරයේ උණුසුම ළඟ - සෝමතිලක ජයමහ

ADARAYE UNUSUMA LANGA

ආදරයේ උණුසුම ළඟ - දුක දැනෙන්නෙ නෑ
දුක් කරදර නැති දවසට - දුර පෙනෙන්නෙ නෑ
ජීවිතයේ හැමදාමත් - සැප රැඳෙන්නෙ නෑ
සිනහ වෙවී සිනහ වෙවී - කල් ගෙවන්න බෑ

තොල් අග මදහස දල්වන
ප්‍රාර්ථනා මල් පිබිදෙයි
ලෝකය උඩු යටිකුරු වී
ප්‍රාර්ථනාවන් වැලලෙයි...

සැමදා දුක සැමදා සැප - නොමැති ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි - එයයි ජීවිතේ

ආදරයේ උණුසුම ළඟ.....

‍දිවා රැයේ දකින සිහින
පවන් සලා ගිමන් නිවයි
සිහින ලොව ම ගරා වැටී
කඳුළින් හදවත් ඇවිලෙයි...

හිනා හඬින් සුසුම් හඩින් - පිරුණු ලෝකයේ
සිනහ නැගෙයි කඳුළ නැගෙයි - එයයි ජීවිතේ...

ආදරයේ උණුසුම ළඟ.....

ගායනය     - සෝමතිලක ජයමහ
පද රචනය - සෝමතිලක ජයමහ
සංගීතය     - සෝමතිලක ජයමහ

නින්ද නැති රැයේ - ගුණදාස කපුගේ

නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ
හැංගිලා අඬන්නෙ ඇයි ද ප්‍රථම ප්‍රේමයේ
තාරකා දියේ ගිලී නිල් එලිය නිවේ
වැහි බිංදු වැටේවී රෝස පෙති කඩා හැලේ...

කිළිපොලා සැලී යමින් නොහිම් සීතලේ
තුරුළු වෙමි දෙනෙත් පියා ඔ‍බගෙ උණුසුමේ
ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ
හෙට උදේ ම අවදි වී යා යුතුව තිබේ...

රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ
ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ
කටුවලට දෙතොල් තියා මලක් නැති ගසේ
සිඹිමි එක ම හාදුවයි සොඳුර ඒ මගේ.....

ගායනය     - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය     - විශාරද ගුණදාස කපුගේ

සිංහල සින්දු කියන - ගුණදාස කපුගේ

සිංහල සින්දු කියන
නළලේ තිලක තියෙන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී....

දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදුසමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී....

සිංහල සින්දු කියන....

ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විහඟ සෙනග හඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී...

සිංහල සින්දු කියන....

ගායනය     - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය     - විශාරද ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ - ගුණදාස කපුගේ

දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුළේ හංගාගෙන මා
ඔබ සිටියා අම්මේ....
පායන තුරු හිටි පියවර හිටියා ඔබ අ‍ම්මේ.....

නුවර වීදි යට කරගෙන නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා යෝධ ඇළේ නැම්මේ...
ඔබෙ සෙනෙහස සුවඳ දිදී දැනුණා මට අම්මේ....

කොළඹ අහස කළු කරගෙන මුහුදු හුළඟ අඬලනකොට
ඔටුන්න බිම දා දුවගෙන එන්න ද එක පිම්මේ...
මං එන තුරු ඉඳිකඩ ළඟ ඉන්නවා ද අම්මේ....

ගායනය: විශාරද ගුණදාස කපුගේ
පද රචනය: රන්බණ්ඩා සෙනෙවිරත්න
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...