Hade Kothanaka ho
හදේ කොතැනක හෝ හිඳී ඔබ
නිදා නොනිදා මෙන්
බලා අවසර සොයා කල් දැන
මුදා සුව දැහැනින්
පෙළයි මා වෙළා හස රැහැනින්...
සයුර ඉම රත් ක්ෂිතිජ රේඛාවේ
මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
තලා මා සිත පළා ගිය ඔබ
දවයි මා ... අද
තනිවෙනා මොහොතින්...
උතුම් පිවිතුරු ප්‍රේමයේ නාමෙන්
සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
යදින්නම්..... ඔබ
මැකී යනු මතකෙන්....
හදේ කොතැනක හෝ හිඳී ඔබ....
ගායනය: සුනිල් එදිරිසිංහ
ගී පද: කුමාරදාස සපුතන්ත්‍රී
සංගීතය: රෝහණ වීරසිංහ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
No comments:
Post a Comment