Saturday, June 27, 2015

මාතොටින් එන උතුරු හුළඟේ - දීපිකා ප්‍රියදර්ශනී පීරිස්

Mathotin Ena - Deepika Priyadarshani Peiris

මාතොටින් එන උතුරු හුළඟේ - ගිනි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන - සරෝජා මගෙ දෝණියේ
වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි - මක් කරන්න ද පැංචියේ
ගුරුතුමී මා සිසුවිය යි නුඹ - ඒත් අපි එක පන්තියේ...

කර වටින් අත දමා හිනැහුණු - කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක - උන් ගිහින් පැන මායිමෙන්
තාත්තා හීනෙන් ඇවිත් - අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් දුවේ කවුරුන් - නුඹ රකීවි ද සෙනෙහසින්...

මාතොටින් එන....

මන්දිරේ දොර නුඹව කැඳවයි - බේබිලා හඬනා හඬින්
මායිමේ වැට හඬ ගසයි හෙට - අවි දරා රකිනා ලෙසින්
දමා ගොදුරට කෙලෙස යන්න ද - ඒත් යන්නට වෙයි ඉතින්
වරක් දැක සිත නිවා ගන්නට - දුවේ ඩිංගක් හිනැහියන්...

මාතොටින් එන...

ගායනය: දීපිකා ප්‍රියදර්ශනී පීරිස්
ගී පද: මහින්ද දිසානායක



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...