MALAK WUNE AYI NUBA MATA
මලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සුවඳ සදන
එනමුදු සිප ගන්නට තහනම්...
විලක් වුණේ ඇයි නුඹ මට
ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්...
පහන් තාරකාවක් සේ
ජීවිතයේ මග කීව ද
ඒ එළියෙන් මහද පහන්
දල්වනු කෙලෙසින්
කියන්න...
මලක් වුණේ ඇයි නුඹ මට....
සහන් ගීතිකාවක් සේ
ජීවිතයේ ගිම් නිවුව ද
ඒ ගීයේ සොඳුරු වදන්
මුමුණනු කෙලෙසින්
කියන්න....
මලක් වුණේ ඇයි නුඹ මට....
ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - සමන් අතාවුදහෙට්ටි
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...

-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
-
Punchi Dangakariye - Senanayake Weraliyadda පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ ...
-
Seda Sihina Sudu Dunhinda Numba - Gunadasa Kapuge සේද සිහින සුදු දුන්හිඳ නුඹ උස සීත නමුණුකුළ ගිරි හිස මම මූණ බලාගෙන මේ විදියට මතු ජා...
No comments:
Post a Comment