Tuesday, May 30, 2017

බෝමැඩ වගුරන කිරි කළ දහසින් - නන්දා මාලිනී

Bo Meda Wagurana - Nanda Malini

බෝමැඩ වගුරන කිරි කළ දහසින්
වැලි මළුවේ කිරි දියර ගලා යයි
ඉන් එක කිරි කඳුළක් පින්වතුනේ
කිරට අඬන මගෙ බිළිඳුට දුන මැන…

පූජාසනයේ කුහුඹු පිරිස මැද
පිළුණු වෙමින් යයි සුරස බොජුන්...//
අහරට යදිනා පැල්පත් යායට
ඉන් බත් පිඬුවක් වීසි කරනු මැන...

ගිනි මද්දහනේ දැවී නිවී යයි
අගිල් කපුරු දුම් සුවඳ ගිතෙල්...//
දවනා මුදලින් පින්වත් ජනයිනි
දැවෙනා මිනිසෙකු සුවපත් කළ මැන…

බෝමැඩ වගුරන.....

ගායනය: නන්දා මාලිනී
ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය: ඔස්ටින් මුණසිංහ

Monday, May 22, 2017

සිහින නෙළුම් මල් - මරියසෙල් ගුණතිලක

Sihina Nelum Mal - Mariazelle Goonetilleke

සිහින නෙළුම් මල් පොකුණු පුරා
මගෙ පුතුගෙ කිරි සිහිනේ සුවඳ කළා
මගෙ ලොව ම ඒ සිහිනෙන් පහන් වෙලා
කිරි සුවඳ දේ මුවගේ පවන් සලා

බලා ඉඳින්නම් මා දිව රෑ පුතේ
මගෙ පුතු දිනෙන් දිනේ ලොකු වෙන්නකෝ
සුළැඟිල්ල පටලා හෙට යං පුතේ
ඇවිදින්නට මා හා මිදුලේ වටේ

අම්මා කියූ නාමේ ම‍ට දුන් පුතේ
රාජිණියකි දැන් මා පුතුගේ පිනින්
හැම මව්වරුන් සේ අම්මා නුඹේ
සතුටින් හිඳිමි පිහිනා පුතුගේ නමින්

පුතු දකින උදයේ හැමදාම දැන්
නව දවසකි මට නම් දෙන වාසනා
හිරු සඳු දවල් රෑ මට පායනා
පුතු මිස වෙනින් කව්දෝ සුරතල් පුතේ

සිහින නෙළුම් මල්.....

ගායනය: මරියසෙල් ගුණතිලක

Friday, May 5, 2017

හිඳිමි ගොළු වී මං - විශාරද ගුණදාස කපුගේ

Hindimi Goluwee Man - Gunadasa Kapuge

ලොවේ දුක් දැක දයාබර වී
නෙතින් කඳුළක් නොහෙළුවේ නම්
ඔබේ නාමෙන්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මං

දුගී දෑතක අත්වැලක් වී
දිරිය සවිබල නොපිදුවේ නම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මං

ලොවේ දුක් දැක...

මගේ මේ ගී ඔබේ ළය ගිනි
නිවනු වෙනුවට අවුළුවා නම්
කුමට සත්සර රාව නංවා
හිඳිමි ගොළු වී මං

ලොවේ දුක් දැක...

ගායනය: විශාරද ගුණදාස කපුගේ
ගී පද: පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි 
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...