සිංහල සින්දු කියන
නළලේ තිලක තියෙන කිරිල්ලී
තුඩින් හදවතක් අරගෙන
ගිනිගත් තල් අරඹට ආවාදෝ ඉගිල්ලී....
දිව නුහුරු බසින් පෙම් කවි කී කුරුල්ලාට වශී වී
ගිනි මලින් තැනූ මල් පොකුරක් අතට ගත්ත මනාලී
මදුසමේ මධුර කටු අතරේ පිපී වැනුණ සුරූපී....
සිංහල සින්දු කියන....
ගිනි අවිත් එක්ක පෙමින් බැඳුණ විහඟ සෙනග හඬාවී
ඒ කඳුළු සිංහලට නගන්න නුඹට හැකිය ප්‍රියාවී
ආදරය නුඹට බාරයි රැක ගනින් දේවතාවී...
සිංහල සින්දු කියන....
ගායනය - විශාරද ගුණදාස කපුගේ
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - විශාරද ගුණදාස කපුගේ
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...
-
Muwa Muktha Latha - Edward Jayakody මුව මුක්තා ලතා පිපි හංසාංගනා විල් නෙළුමාසනෙන් ආ ළඳේ නුඹ භාග්‍යා සරෝජාවියේ ස්වර්ණා වර්ණා පෑයෙන්...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
No comments:
Post a Comment