ඉපිද මැරේ යළි ඉපිදේ
නොතිර සසර සාගරේ - නොතිර සසර සාගරේ
අතරතුරේ නොමැරි මැරේ දස දහස් වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ - නොතිර සසර සාගරේ
කුමට නැටුම් කෙළි කවට සිනා දා
මරුට නොමැත කිසි විටෙකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආ දා
යන්නට සිදුවන්නේ - ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
කුණු කය නිසරු යි නැත පවතින්නේ
කළ හොඳ පමණ යි මෙලොව රැඳෙන්නේ
නැති බැරිකම ලෙඩ දුක් ඇති වන්නේ
අපට යි මිනිසුනේ - ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ
ගායනය: ඩබ්ලිව්.ඩී. අමරදේව
ගී පද: කරුණාරත්න අබේසේකර
සංගීතය: එඩ්වින් සමරදිවාකර
Subscribe to:
Post Comments (Atom)
ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)
GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...
-
Aradhana - W. D. Amaradeva ආරාධනා... ආරාධනා... ජීවිතයේ තනි මංසල අතරමං වෙලා හුදෙකලාව සුසුම් හෙලන හදවත සනහා අතීතයේ ගිලිහී ගිය සතුට රැගෙන ය...
-
Punchi Dangakariye - Senanayake Weraliyadda පුංචි දඟකාරියේ විහඟ ගීතෙන් ගැයූ කිම ද රණ තිසර ලියතඹර පෙති ගිලිහියේ කවුරුන් ද මල් වයසෙ ...
-
Oba Ma Hamuwuna Me Ira Handa Yata ඔබ මා හමුවුණ මේ ඉර හඳ යට කොතැනක හිටියත් මා මළ දවසට මගෙ ළඟ තනියට ඉනු මැනවී... මගෙ ළඟ තනියට ඉනු මැනවී... ඔ...

No comments:
Post a Comment