Friday, July 3, 2015

පුංචි පුතා මගෙ - ඇන්ජලීන් ගුණතිලක

Punchi Putha Mage - Anjeline Gunathilake

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...
බුලත් අතක් දී ගුරුතුමියට වැඳ
මා තනි කළ මොහොතේ
මා තනි කළ මොහොතේ...

අද සිට පුතුනේ හොඳින් ඉගෙන ගෙන
මතු යම් දවසක වියතෙකු වනු මැන
සිතින් පැතුම් පතලා
ඔහු පන්තියෙ තියලා
මා වෙන්වුණ මොහොතේ
පුංචි ඇස් දෙකේ
කඳුළු බිඳු දෙකයි
ඔන්න වැටෙන්නට
මෙන්න වැටෙන්නට...

පුංචි පුතා මගෙ ඉස්කෝලේ ගිය
මුල්ම දවස අද වේ
මුල්ම දවස අද වේ...

සෙනෙහස ම හදේ ගිනි ඇවිලෙද්දී
පුතු තනි කරලා පන්තියෙ තියලා
මල් ගස් යට සෙවණේ
පුතුගෙ සුවඳ පවනේ
මා තනි වූ මොහොතේ
පන්තිය නිම වී
පුතු ඇවිදිල්ලා
හිනැහෙන දෑසයි
ලස්සන මුහුණයි

පුංචි පුතා මගෙ.....

ගායනය: ඇන්ජලීන් ගුණතිලක
සංගීතය: ක්ලැරන්ස් විජේවර්ධන



No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...