Wednesday, July 22, 2015

රැළකින් තනි වී - අබේවර්ධන බාලසූරිය

Relakin Thanivee - Abeywardhane Balasooriya

රැළකින් තනි වී වන මැද සරනා
කැකුළු තුරුණු යාමේ
ඇතෙකුට ඇත් දළ යුවළක් වාගේ
මට ඔබගේ ප්‍රේමේ...//

හබල බිඳී ගොස් - පෙරළුණු ඔරුවක්
ලෙස පාවෙන දිවියේ
රුවල් මසා දී - ගොඩ ගනු රිසියෙන්
වෙහෙසෙන මියුලැසියේ

රැළකින් තනි වී.....

තුඩ තුඩ තබමින් - නෙක නෙක පලවැල
කවා පොවා සනහා
පෙරුම් පුරනව ද - මතු බුදු වන්නට
මට දී රැකවරණා

රැළකින් තනි වී.....

ගායනය: අබේවර්ධන බාලසූරිය
ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය: රෝහණ වීරසිංහ

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...