Monday, July 13, 2015

මේ ප්‍රථම වසන්තය යි - සනත් නන්දසිරි

Me Prathama Wasanthayai - Sanath Nandasiri

මේ ප්‍රථම වසන්තය යි
දිවි අ‍රනේ මදු මල් පිපෙනා
බිඟු රැව් නැගෙනා...
මේ ප්‍රථම වසන්තය යි

තරු මැවෙන තුරා නිදිබර අඹරේ
සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ
ඔබ සුපුන් සඳක් සේ පායා
පහන් රැයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තය යි...//

සිත පවස දරා මිරිඟුව අතරේ
දිය පහස පතා සිටියදි කතරේ
ඔබ සිහිල් දොළක් සේ පාවී
වසන්තයක් වී ආවේ...

මේ ප්‍රථම වසන්තය යි...//

ගායනය: සනත් නන්දසිරි
ගී පද: කුලරත්න ආරියවංශ
සංගීතය: සනත් නන්දසිරි 

 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...