Friday, July 17, 2015

අත්වැල ගිලිහී ('කුමාරයාණෙනි' ටෙලිනාට්‍යයේ තේමා ගීය)

Athwela Gilihee - Amarasiri Peiris

අත්වැල ගිලිහී ලොව තනි වූ දා
දකිනා පෙරමග ලකුණු නැතී
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...//

උසුළනු හැකි වෙද තණ්හා ආශා
සඟවනු හැකි වෙද සිතිවිලි මාලා
ඉවසනු හැකි වෙද සෝ දුක් සංකා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...

දෑඟිලි එක් කළ වරපට දෙදරා
සෙනෙහස වැපිරූ සරු කෙත වනසා
පුහුදුන් හදවත සෝගිනි දල්වා
ආශා දැහැනේ වැනසී යා දෝ
යුගදිවි ගමනේ සොඳුරු ගතී...

ගායනය: අමරසිරි පීරිස්
ගී පද: සිඩ්නි චන්ද්‍රසේකර
 

1 comment:

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...