Tuesday, March 6, 2018

පාතිමා - කරුණාරත්න දිවුල්ගනේ

Pathima - Karunaratne Divulgane

මරතෝඬිය රටා ඇඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කතෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා...

වාංගු හඬ පූජාවේ තුන් යමට ම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුලි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනව ද හිත දොරකඩ තියලා...

මරතෝඬිය රටා ඇඳී.....

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙළ එතුණා නුඹ එහි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතෝඬිය රටා ඇඳී.....

ගායනය: කරුණාරත්න දිවුල්ගනේ
ගී පද: මහින්ද චන්ද්‍රසේකර
තනුව: ගුණදාස කපුගේ

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...