Wednesday, February 28, 2018

රාත්‍රිය මම වෙමි ය - ගුණදාස කපුගේ

Rathriya Mama Wemiya - Gunadasa Kapuge

රාත්‍රිය මම වෙමි ය
සුදු සුමුදු මල් කැකුළ
පිනිබරව හෙට උදෑසන පිපෙන
මල් කැකුළ
ගනඳුරේ සැඟව ඇති
ශාන්‍තිය හා නින්ද
ඔබට පුද දී දෙනත
පියා හිඳිනෙමි සොඳුර

මලක් වී හෙට උදේ
ඔබ පිපෙන සුබ මොහොත
කලක් සිට මම බලාගෙන
හිඳිමි පිය කැකුළ
වසන්තය සේ පැමිණ
හොරෙන් යම් කිසි දිනෙක
ඔබේ පෙති අතර පිනි
බිඳක් වී සැඟවෙමි ය

රාත්‍රිය මම වෙමි ය.....

ඔබ එළිය වූ මොහොත
මම අඳුර වෙමි සොඳුර
ඔබ ජලය වූ සඳෙහි
මම පවස වෙමි නිබඳ
දිග ම දිග රාත්‍රිය
සෙමෙන් පියවර මනිත
ඵලක් වී නෙත් හරින
ඒ ප්‍රභාතය ඔබය

රාත්‍රිය මම වෙමි ය.....

ගායනය: විශාරද ගුණදාස කපුගේ
ගී පද: ඩබ්.ඒ. අබේසිංහ
සංගීතය: විශාරද ගුණදාස කපුගේ

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...