Monday, February 19, 2018

ලොව නිසසල වී - නිරංජලා සරෝජිනී

Lowa Nisasala Wee - Niranjala Sarojini

ලොව නිසසල වී නවතින මොහොතේ
යටි හිත් මතුකොට සිනහ සලා
ලොව දොඩමළු වී නෙත් මානන කල
අප දෙදෙනා ඉමු තරහා වෙලා

තුඩින් තුඩට ගොස් අප ගැන තොරතුරු
බොඳවී යයි ආදරයක ලස්සන
දෙහිතෙහි හිරවී ඇති තුරු පමණයි
අප දෙදෙනාගේ කතාව ලස්සන

ලොව නිසසල වී.....

අනුන් සිටින විට විමසිලි දෑසින් 
නෙත් සඟලින් හෝ ඉඟි නොකරනු මැන
සිතින් දෙදෙන එක තැන ඉන්නා බව
දෙතොල් තෙරපලා ගොළු කරගනු මැන

ලොව නිසසල වී.....//

ගායනය : නිරංජලා සරෝජිනී
ගී පද : ප්‍රේමකීර්ති ද අල්විස්
සංගීතය : ආචාර්ය වික්ටර් රත්නායක 

No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...