Tuesday, February 20, 2018

නෙතු දැහැන් බිඳී - එඩ්වඩ් ජයකොඩි

Nethu Dehen Bindee - Edward Jayakody

නෙතු දැහැන් බිඳී
හද විමන් වදී
සුරඟනක් වගෙයි කුමරී
සෙනෙහසින් වැදී
සිත ගිමන් නිවී
පෙම් කවක් ලියයි මිහිරී

ඝනඳුරෙන් මිදී
තරු ‍රැහැන් ඇදී
සිහිනයෙන් වඩී කුමරී
මීදුමෙන් ඇදී
සිසිලසින් එතී
නෙතු අගින් බලයි සොඳුරී

නෙතු දැහැන් බිඳී.....

හසඟනන් පිරී
පෙති පියුම් ඇරී
කළඹවයි විලේ වැතිරී
සඳ කැළුම් රිදී
තුරු අගින් මිදී
නෙක දසුන් මවයි කිඳුරී

නෙතු දැහැන් බිඳී.....

ගායනය: එඩ්වඩ් ජයකොඩි
ගී පද: සරත් ආනන්ද ඩිරෙක්ස්
සංගීතය: කලණි පෙරේරා 


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...