Friday, March 24, 2017

කුඹුක් ගහේ මල් පිපිලා - සුනිල් එදිරිසිංහ

Kumbuk Gahe Mal Pipila - Sunil Edirisinghe

කුඹුක් ගහේ මල් පිපිලා බඹරු රඟන රඟේ
තිඹිරි ඉදී රතු පාටින් ඵල බරවී නැමේ
හිත ඉගිළෙයි ඒදණ්ඩෙන් සමනල් කැළ පොරේ
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ...
සුද්දි නගේ නුඹෙ හිනාව ඉද්ද කැකුළු වගේ...

වක්කලමේ තොටමුණ ළඟ දියරළ සැඩ නැතේ
ගහල වැලේ මල් පිපිලා ආරුක්කුව නැමේ
ලැජ්ජාවෙන් මුව රතු වී නෙත් ඔබාන බිමේ
නාන තොටෙන් නුඹ යනව ද මී මල් වැහි පොදේ...
නාන තොටෙන් නුඹ යනව ද මී මල් වැහි පොදේ...

කුඹුක් ගහේ මල් පිපිලා...

උණ පඳුරේ සිලි සිලි‍යෙන් මුමුණන සීපදේ
මට විතරක් ඇහුණ ම ඇයි හොඳ නැතිව ද නගේ
හිතකට මං මේ තරම් ම එබිකම් කර නැතේ
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ...
ඉලුක් මලක් වෙන්ට එපා හිත් ඉවුරේ මගේ...

කුඹුක් ගහේ මල් පිපිලා...

ගායනය : සුනිල් එදිරිසිංහ
ගී පද : අබ්දුල් කේ. සාදික්
සංගීතය : දර්ශන රුවන් දිසානායක 


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...