Friday, March 10, 2017

දිගු නෙත් හසරැල්ලේ - දයාරත්න පෙරේරා

Digu Neth Hasarelle - Dayarathna Perera

දිගු නෙත් හසරැල්ලේ
මා සැනසුණ දවසේ
මේ නෙතු නවතා
මගෙ හිත අමතා
හිරු හිනැහුණ උදයේදී
ආදරය ද මට කීවේ...

උදේ හවා කල ගෙවෙන තුරාවෙදි
පටු මාවත් අතරේ
තුරුලිය හෙවනේ සිහිලස ලබමින්
ගතකළ සොඳුරු පැයේ
මල් හිනැහුණ උයනේදී
ආදරය ද මට කීවේ...

දිගු නෙත් හසරැල්ලේ
හිත රිදවුණ දවසේ
උණුසුම් සුසුමින් නෙතු බොඳ වෙද්දී
සැඩ හිරු නැගි මද්දහනේ
ආදරය ද මට කීවේ...

දෙදෙනා ආ මග අද මා තනිව ම
ඔබ නෑ මගෙ හෙවනේ
වෛර කරන්නෑ මං කවදාවත්
සැනසෙනු ඔහු හෙවනේ
ප්‍රේමය රුදු සිහිනයකී
ආදරය යි මට කීවේ...

දිගු නෙත් හසරැල්ලේ
අප වෙන්වුණ දවසේ
මා නෙතු හඬවා ඔහු හද සනහා
හිරු වැළපෙන හැන්දෑවේ
ආදරය ද ඔබ කීවේ...

ගායනය: දයාරත්න පෙරේරා


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...