Friday, March 3, 2017

නිර්මලා - ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී

Nirmala - Gunadasa Kapuge, Niranjala Sarojini

පි: නිර්මලා ලොන්ඩරිය හිමි
සළුවඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා කිරි
ඉද්ද මල්වැට පීදිලා...

ගැ: කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවින් පිටමන් කළා...

පි: පන්තියේ මිතුරන් එදා කළ
විහිළුවෙන් හිත රිදුණු දා
මා හෙළුෑ කඳුළක් මගේ දින
පොතක තිබිලා හමුවුණා...

ගැ: යුද වැදී නෑ සියන් බළමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළුෑ කඳුළින් තෙමුණු සළුපිළි
තව ම නෑ වේලිලා..

පි: දොවා ලන්නට බැරි පිළී ගඳ
කහට කුලමල තවරලා
මගෙ ඇඳුම් ඔබෙ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා...

ගැ: එදා සෙනෙහස නොකිලිටිව ඔබෙ
හිත පුරා පවතින නිසා
හිමිනැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියනවා...

නිර්මලා...

ගායනය : ගුණදාස කපුගේ, නිරන්ජලා සරෝජිනී
ගී පද : රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය : ගුණදාස කපුගේ


No comments:

Post a Comment

ගම්මැද්දේ - වැවෙන් වැවේ (ගම්මැද්ද ‘වැවෙන් වැවට‘ නිල තේමා ගීතය)

GAMMADDE - WEWEN WEWE (GAMMADDA - WEWEN WEWATA THEME SONG) ලොව ම මවිත කළ - හෙළයේ ශක්තිය දහසක් වැව් පිරි - වැව් බැඳි පුරවර යළි ගොඩ නැග...